
ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය අළලා නිරන්තරයෙන්ම අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වනවා. ජවිපෙ නායක අනුරකුමාර දිසානායක මහතා රණවිරුවන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ මෙවැනි සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමර්ෂණය මෙලෙසින්.
සමාජ ජාලා සටහන්
“රනවිරුවො ගැන ජෙවිපි මතය අනුරගෙ හඬින්” යන තේමාවෙන් අනුර කුමාර දිසානායක මහතා පහත අදහස් දැක්වූ බවට සටහනක් හුවමාරු වී තිබුනා
“රණවිරුවො කියල කට්ටියක් නෑ.හමුදාව ඉන්නෙ යුද්දෙට .ඒක එයාලගෙ වෘතිය.අතපය නැති වෙන එක සාමාන්‍ය ඒ රැකියාවෙ හැටි. අපි කවදාවත් ආමි හොස්පිටල් යන්නෙ නෑ. ජීවිත කාලෙටම පඩි දෙන්න මේ රට දන්සැලක්ද?අපි ඔය උද්ඝෝෂණ වලට සහයක් නෑ.”

මේ හා සමාන සටහන් අන්තර්ජාලය පුරා පැතිර පැවතියේ මේ ආකාරයෙන් .

එසේම මෙම සටහන් මීට මාස කිහිපයකට පෙර සිටම හුවමාරු වන ආකාරයක් ද අපට දැක ගන්නට ලැබුණු අතර මීට වසර දෙකකට පෙර ජනපතිවරණ මැතිවරණ සමයේ හුවමාරු වී තිබු බව ද දැක ගන්නට ලැබුණා.
Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)
අප මුලින්ම විමසා බැලුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ජවිපෙ නායක අනුරකුමාර දිසානායක විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇද්දැයි වාර්තා කර ඇතිද යන කාරණයයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ කිසිදු ප්‍රධාන පෙළේ මාධ්‍යකට ජවිපෙ නායකයා විසින් මෑතක දී මෙවැනි ප්‍රකාශයක් සිදු කර නැති බවයි. එමෙන්ම ජවිපෙ නායකයා මීට පෙර 2019 වසරේ පැවති රණවිරු සත්‍යග්‍රය සම්බන්ධයෙන් හෝ වෙනත් අවස්ථාවකදී මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇතැයි මාධ්‍ය වලින් වාර්තා කර නැහැ.
අප ජවිපෙ මාධ්‍ය අංශයෙන්ද මේ පිලිබඳ විමසා බැලූ අතර ඔවුන්ද පැවසුවේ ජවිපෙ නායකයා විසින් මෙවැනි ප්‍රකාශයක් කිසි ලෙසක සිදු කර නොමැති බව සහ පැතිර යන සමාජ ජාල සටහන් අසත්‍ය බවයි.
2019 වසරේ මෙම සටහන් හුවමාරු වී ඇති බව පෙන්වා තිබු බැවින් එම අවධියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද අප පරීක්ෂා කර බැලුවා. යුද්ධයෙන් පීඩා විඳි ජනතාවට සාධාරණයක් ඉටුකිරීම සහ එහිදී ඉඩම් හා වාසස්ථාන අහිමි වූ මුල් හිමිකරුවන්ට ඒවා පැවරීමට කටයුතු කිරීම යනාදී කරුණු ඇතුලත්ව තිබුන ද ඉහත ආකාරයේ අදහසක් ලබාදෙන ප්‍රකාශයක් එහි ද තිබු බවක් අපට දැක ගන්නට ලැබුණේ නැහැ.
එසේම සිවිල් ආරක්ෂක සේවයේ සේවය කළ සෙබළුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීම නවත්වන ලෙස ජවිපෙ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා 2019 වසරේ ජුලි මස පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අයුරු මෙතනින්
එමෙන්ම යුද්ධය අවසානවී පැවැති ජනාධිපතිවරණයේදී ජවිපෙ සහාය හිමිවූයේ යුධ සමයේ සිටි හමුදාපතිවරයා වන ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාටයි. ඒ සම්බන්ධ විස්තර මෙතනින්.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ ජවිපෙ නායක අනුරකුමාර දිසානායක විසින් සමාජ ජාලාවල සදහන් ආකාරයේ “රණවිරුවන් කියල කට්ටියක් නෑ..” , යනාදී වශෙයන් ප්‍රකාශයක් හමුදාව සම්බන්ධයෙන් මෑතක දී හෝ රණවිරු උද්ඝෝෂණ පැවති 2019 වසරේ දී හෝ සිදුකළ බවට සඳහනක් නොවන බවයි. එම නිසා අදාල සමාජ ජාලා ඔස්සේ කලින් කලට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු සටහන් පෙළකි.

Title:රණවිරුවන් සම්බන්ධයෙන් අනුර කුමාරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,