
පවතින ආර්ථික අර්බුදය හමුවේ මහ ජනයා තුළ පවතින රජය සහ එහි මැති ඇමතිවරු කෙරෙහි ඇත්තේ ප්‍රසාදයක් නොවේ. මෙම පසුබිම තුළ මැති ඇමතිවරුන්ට එරෙහිව එල්ලවන විරෝධතා පිළිබද පුවත් විශාල වශයෙන් සමාජ ජාලා තුල පැතිරෙනවා. මින් සමහර සටහන් නොමග යවන සුලුයි.මේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට එරෙහිව එසේ එල්ලවූ නොමග යවනසුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් .
සමාජ ජාලා සටහන්
ෆේස්බුක් පිටුවක් විසින් රාජ්‍ය ඇමති කනක හේරත්ගේ ඡායාරූපයක්ද සමගින් එක්කර තිබුණු සටහනකි මේ .
“සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති කණක හේරත්ට ගෑස් සිලින්ඩරයකින් පහර දී තිබෙනවා.
කෑගල්ල, රන්වල, අලුත්පාර හන්දියේ ගෑස් බෙදාහැරීමේ ආයතනයක අලෙවි සැල ඉදිරියේ දී යි එම සිදුවීම සිදුවී ඇත්තේ. ගෑස් ලබා ගැනීම සඳහා පෝලිමක සිටි ජනතාව එම ස්ථානයට පැමිණෙමින් සිටි රාජ්‍ය ඇමති කණක හේරත්ට අද (21) මෙසේ පරදී ඇති බව වාර්තා වෙනවා.
රාජ්‍ය ඇමති කණක හේරත් කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් නියෝජිතයා වන අතර මෙම බෙදාහැරීමේ ආයතනයද පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසිණි. රාජ්‍ය ඇමති කණක හේරත්ට දිස්ත්‍රික්කය පුරා බෙදාහැරීමේ ආයතන රැසක් ඇතැයිද වාර්තා වනවා.
තොරතුරු වාර්තාවන අන්දමට රාජ්‍ය ඇමති කණක හේරත් මෙම ස්ථානට පැමිණෙමින් සිට ඇති අතර සිය රථයේ වේගය අඩු කරද්දි ජනතාව පෝලිමේ රැඳී සිටිනු දැක ඇති ඔහු එහි නතර නොවී ඉදිරියටම සිය රථය ධාවනය කර තිබුණා. එම අවස්ථාවේ රාජ්‍ය ඇමති කණක හේරත්ව දැක ඇති ගෑස් පෝලිමේ රැඳී සිටි පිරිස ඔහුගේ රථයට පහරදී තිබෙනවා. ඔවුන් සිය අතේ තිබූ ගෑස් සිලින්ඩර වලින්ද පහරදී තිබෙනවා. පසුව එම ජනතාව එම ස්ථානයේ පාර හරස් කර විරෝධාතාවකද නිරතව වූ බවට සදහන් වෙනවා.
එම අවස්ථාවේ කෑගල්ල, රන්වල අලුත්පාර හන්දිය පසුකර යාමට පැමිණි කෑගලු දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලක වහාම තම ගමන් මාර්ගය වෙනස් කර එම ස්ථානය මගහැර ගොස් ඇතැයිද මේ අතර වාර්තා වෙනවා.”

මෙවැනි සටහන් ෆේස්බුක් පුරා ව්‍යාප්තව පැවතියේ මෙලෙසින්.

පහරදීමට ලක්වූ මෝටර් රථයේ ඡායාරුපයක් බව දක්වමින් සටහන් පෙළක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මෙම සිද්ධිය පිලිබදනා පළවූ වාර්තාවක් මෙතනින්
කරුණු විමසා බැලීම:
අප මුලින්ම විමසා බැලුවේ මෙවැනි සිදුවීමක් සිදු වීමක් සමඟම බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ හෝ ඡායාරූප සාක්ෂි පවතිනවාද යන කාරණයයි. දීර්ඝ කරුණු පරීක්ෂාවකින් අනතුරුව අපට දැකගන්නට ලැබුණේ එවැනි කිසිදු වීඩියෝ හෝ ඡායාරුප සාක්ෂියක් මේ හා සම්බන්ධව නොමැති බවයි.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ඇමතිවරයා පවසා තිබුණේ මෙවන් සිදුවීමකට මුහුණ පෑමට තමන්ට සිදු නොවුණු බව සහ මේ සම්බන්ධ සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් ඔහු දෙරණට කල ප්‍රකාශය පහතින්.
අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාද අප සමග මේ සම්බන්ධයෙන් අදහස් පළකල අතර ඔහු පැවසුවේ ඇමතිවරයා මෙම ගෑස් පෝලිම අසලින් ගමන් නොගත් බව සහ ඒ සම්බන්ධ ප්‍රචාර සම්පූර්ණ වැරදි සහගත බවයි.මෙම ප්‍රචාරය සමාජ ජාලා හරහා පැතිරවූ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසුවා.
කනක හේරත් ඇමතිවරයාට අයත් කෑගල්ල රන්වල ,අලුත්පාර හන්දියේ ,රත්නගිරි හාඩ්වෙයාර් ආයතනය සම්බන්ධවයි මෙම සමාජ ජාලා සටහන් සැකසී ඇත්තේ. මේ සම්බන්ධයෙන් අපි කෑගල්ල පොලීසියේ ස්ථානාධිපතිතුමාව දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.ඔහු පැවසුවේ ගෑස් හිගය නිසා දිගු පෝලිමක් මෙහි තිබුණු අතර කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් එහි හටගත් බවයි. එම නිසා ජනතාව පාරට බැස මාර්ගය අවහිර කිරීමක් සිදු කළ බවත් ඔහු පැවසුවා.කෙසේ වෙතත් ඇමතිවරයාගේ වාහනය ඒ අසලින් ගමන් ගැනීමක් හෝ ඇමතිවරයාගේ වාහනයට පහරදීමක් තමන්ට නිරීක්ෂණය නොවුනු බවත් ඔහු පැවසුවා.
එසේම ඇමති කණක හේරත්ගේ රථය පහර කෑමකට ලක්වූ බව පෙන්වීමට යොදාගෙන ඇති ඡායාරූපය පිළිබදවත් අප අවධානය යොමු කළා.එහිදී අපට දැකගන්නට ලැබුණේ එම ඡායාරූපය සැබැවින්ම නිරූපණය කරන්නේ 2016 වසරේදී ගසක වැදී අනතුරකට ලක්වූ රමිත් රඹුක්වැල්ලගේ (කෙහෙලිය ඇමැතිවරයාගේ පුත්‍රයා ) මෝටර් රථයේ ඡායාරූපයක් බවයි. ඒ සම්බන්ධ පුවතක් මෙතනින්. ඒ පිළිබඳව වීඩියෝවක් මෙතනින්
ඡායාරූප සැසදීම පහතින්.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
අවසාන නිගමනය(Conclusion)
අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ රාජ්‍ය ඇමති කණක හේරත්ගේ වාහනයට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක් එල්ලවූ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි .ඒ සම්බන්ධයෙන් සමාජ ජාලා හරහා පැතිරුණු ඇතැම් ඡායාරූප නොමග යවන සුලු ඒවාවේ .

Title:කනක හේරත්ගේ මොරට රථයට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක් ?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,