
ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වූ බවට ඊයේ(10) දින සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසුමයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වී ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

එම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වී ඇති බවට ඊයේ (10) රාත්‍රියේදී සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වීමත් සමග මෙහි නිරවද්‍යතාවය විමර්ශනය කිරීම සඳහා ප්‍රධාන මාධ්‍ය ධාරා එම පුවත වාර්තා කර ඇත්දැයි නිරීක්ෂණය කළා.
ඒ අනුව එවැනි පුවතක් පළ වී ඇති බවට කිසිදු සාක්ෂියක් අපට දැක ගන්නට නොලැබුණි.
ඒ හේතුවෙන් අප ඒ මහතාගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, තමන් ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන වාර්තා අසත්‍ය බවට වික්ටර් රත්නායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර ඇති බවයි.
එම සටහන පහතින්.

කෙසේ වෙතත් ප්‍රවීණ ගායිකා මායා දමයන්ති පෙරේරා මහත්මිගේ සැමියා වන ජනප්‍රිය ගායිකා කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිණියක හා නිළියක වූ සචිනි නිරාෂාගේ පියාණන් වන ගායන ශීල්පී වික්ටර් විජයන්ත මහතා ඊයේ (10) කැනඩාවේදී අභාවප්‍රාප්ත වී ඇති බවට පුවත් වාර්තා මෙලෙසින් සහ මෙලෙසින් පෙන්වා දී තිබූ අතර බොහෝ විට මෙම පුවත සමගින් ඇතැම් පිරිස් වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වූ බවට උපකල්පනය කර ඇති බවට පැවසිය හැක.
1942 පෙබරවාරි 18 වන බදාදා දින වික්ටර් රත්නායක මහතා උපත ලැබූ අතර මේ වන විට 80 වැනි වියේ පසුවනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතා අභාවප්‍රාප්ත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත අසත්‍ය බවයි. වික්ටර් රත්නායක මහතා පැවසුවේ තමන් නීරෝගී සුවෙන් පසුවන බවයි.

Title:ප්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක අභාවප්‍රාප්ත වූ බවට ව්‍යාජ පුවතක් !!
Fact Check By: Pavithra SandamaliResult: False
