ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කර ගනිමින් නොමග යවන සුලු සටහන් නිතරම සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් වර්තමානයේ දී සමාජ ජාලා හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන් 

ගාලු මුවදොර අරගලය සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔවුන් සතු ගිණුමක් මගින් ආධාර මුදල් එකතු කරන බවට හැඟවෙන සටහනක් ෆේස්බුක් හරහා ව්‍යාප්තව තිබුණේ මේ අයුරින් .

Facebook | Archived

එසේම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් පැවසූ ප්‍රකාශයක් බව හඟවමින් පහත සටහන ෆේස්බුක් හරහා පැතිරුණා. එහි දක්වා තිබුණේ එක කෝල් එකකින් තෙල් නැවු සීයක් උනත් ගෙන්වන්න අපිට පුළුවන් බවත් ගෝටාභය ඉවත්වන තුරු එය නොකරන බවක් ද මාධ්‍ය හුවමක දී අනුර කුමාර පවසා තිබු බවයි.

Facebook | Archived

අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා විසින් පලකරන ලද ප්‍රකාශයක පුවත්පත් වාර්තාවක් ලෙස පහත සටහන ෆේස්බුක් හරහා පැතිරුණා.

Facebook | Archived

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම විමසා බැලුවේ ගෝල්ෆේස් අරගලය සදහා දායක වීමට රුපියල් 100 බැගින් නුගේගොඩ පිහිටි ලංකා බැංකු ශාඛාවකට අයත් ගිණුමකට බැර කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ මඟින් ඉල්ලීමක් සිදු කල බවට පලවන සමාජ ජාලා සටහන් පිලිබවයි.

මේ පිලිබදව අප විසින් සිදු කල විමසීමේදී තහවුරු වූ කරුණ නම් එම සටහන්හි දක්වා තිබු ගිණුම් අංකය, ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ අරමුදල සදහා මුදල් ලබාදීමට කැමැති අයට මුදල් බැර කිරීම සදහා සිය වෙබ් අඩවියේ පලකල ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ගිණුම් අංකය බවයි.

JVP| Archived

කෙසේ වෙතත් ගෝල්ෆේස් අරගලය සදහා සිය බැංකු ගිණුම හරහා මුදල් ලබාදෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ මගින් නිල වශයෙන් ඉල්ලීමක් කල බව කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් සදහන් කර තිබුණේ නැහැ. එමෙන්ම ජවිපෙ වෙබ් අඩවියේ හෝ නිල සමාජ ජාල සටහන් වල ද එවන් සටහනක් දක්නට ලැබුනේ නැහැ.

අප විසින් මේ පිලිබදව තව දුරටත් විමසා බැලීම සදහා ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද මේ පිලිබදව විමසා බැලුවා. ඔවුන් පැවසුවේ ගෝල්ෆේස් අරගලය සදහා යයි පවසමින් තම පක්ෂය අරමුදල් රැස් කරන්නේ නැති බව සහ මෙය වෙනත් පාර්ශ්වයන් විසින් ජනතා විමුක්ති පෙරමුණ අපහසුතාවයට පත් කිරීමට දරන උත්සාහයක් බවයි.

ඉන් අනතුරුව අප විමසා බැලුවේ එක දුරකථන ඇමතුමකින් තෙල් නැව් සියක් ගෙන්වා ගැනීමට පුළුවන් ලෙස ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් අදහස් දක්වා ඇතිද යන කරුණයි. කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් මෙවැනි ප්‍රකාශයක් පිලිබදව වාර්තා කර නොමැති බව අපට පෙනී ගියා. ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් සිදු කල විමසා බැලීමේදී ද ඔවුන් පැවසුවේද ජවිපෙ නායකයා විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

ඉන් අනතුරුව අප දසත නිව්ස් ආයතනයේ ප්‍රවෘත්ති සංස්කාරක වරයාගෙන් ද විමසා බැලුවේ සමාජ ජාලා සටහන් වල පළව ඇති ආකාරයේ ප්‍රවෘත්තියක් ඔවුන් වාර්තා කළේ ද යන්න පිළිබඳවයි. එහිදී ඔහු පවසා සිටියේ මෙවන් පුවතක් තමන් වාර්තා කර නොමැති අතර කිසියම් පිරිසක් තම නිල සන්නාමය (logo) අවභාවිතා කරමින් මෙම සමාජ ජාලා සටහන් නිර්මාණය ඇති බවයි.

ඉන් අනතුරුව අප අවධානය යොමු කලේ සිංහල ජනතාවට පමණක් වරප්‍රසාද දෙන නීති අහෝසි කලයුතු බවට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කල බවට සදහන් සමාජ ජාල සටහන පිළිබඳවයි. එම සටහන සම්බන්ධයෙන් 2020 වසරේදී අප Factcrescendo කණ්ඩායම විසින් කරුණු විමසා බැලු සමාජ ජාලා සටහනක් වන අතර එය සකසා තිබුණේ 2019 ජුනි මස 5 වෙනිදා “අද” පුවත්පතේ පළව තිබූ පුවතක සිරස්තලය වෙනස් කිරීම මඟිනි.

එම පුවතේ සටහන්ව ඇති සත්‍ය ශිර්ෂ පාඨය වන්නේ “එක් එක් ජන කොට්ඨාශ මත ක්‍රියාත්මක වන නීති අහෝසි කළ යුතුයි -අනුර කුමාර දිසානායක ”, ලෙසයි. එමගින් ඔහු පවසන්නේ සියලු ජනතාව උදෙසා පොදු නීති පද්ධතියක් හදුන්වා දිය යුතු බවයි. මෙම නොමග යවන සුලු සටහන සම්බන්ධයෙන් 2020 වසරේදී සිදු කල කරුණු විමසා බැලීමට පිවිසිය හැකියි මෙතනින්.

එම සංසන්දනය පහතින්.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් පැතිර යන අසත්‍ය ප්‍රචාර පෙළක්!

Fact Check By: Kalana Krishantha

Result: False