Update 13/08/2022
එසේම ත්‍රී රෝද රථ සඳහා සැප්තැම්බර් 01 වනදා සිට දිනකට පෙට්‍රල් ලීටර් 5ක් ලබා දෙන බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

එවැනි සටහන් පළ වූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.  Archived Link | Archived Link | Archived Link

විශේෂයෙන්ම පුර්ණ කාලීන ලෙස ක්‍රියාකරන කුලී තිරෝද රථ රියදුරන්ගේ කෝටාව ඉදිරියේ දී සංශෝධනය කිරීමේ හැකියාව සලකා බලමින් සිටින බව බලශක්ති අමාත්‍යවරයා මීට පෙර දන්වා තිබූ බැවින් ඉහත දැක්වෙන පරිදි තීරණයක් ගෙන තිබුණේ ද යන්න පිළිබඳව අප බලශක්ති අමාත්‍යවරයාගෙන් විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ, එවැනි තීරණයක් ගෙන නොමැති බවත්, එය අසත්‍ය තොරතුරක් බවයි.

රටේ ඇති විදේශ සංචිත හිගය නිසා ප්‍රමාණවත් තරම් ඉන්ධන ගෙන්වා ගත නොහැකිවීමෙන් ජනතාව මාස ගණනක් තිස්සේ දිගු ඉන්ධන පෝලිම්වල පිඩාවට පත්වයි පසුගිය මාස කිහිපයක් පුරාම සිටියේ. ඒ අතරතුර ඉන්ධන පෝලිම්වල සිදුවන කලකෝලාහල පිළිබදව ද අසන්නට දකින්නට ලැබුණා. මෙය නිමාවකට පත්කිරීම සදහා රජය මගින් QR කේතයක් ඔස්සේ ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කල අතර ඒ අනුව විවිධ වාහන සදහා සතියකට නිශ්චිත සීමාකාරී ඉන්ධන ලීටර ගණනක් ලබාදීම මීට දින කිහිපයකට ඉහතදී ආරම්භ වුණා. එම වැඩපිළිවෙල හැදින්වෙන්නේ ජාතික ඉන්ධන බලපත්‍රය ලෙසයි. ත්‍රිරෝද රථ සදහා සැපයෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොමැති බව පවසා කුලී රථ රියදුරන් මැසිවිලි නගන්නට වුවේ මේ අතරතුරයි.

මෙවන් වටපිටාවක් තුළ ඉන්ධන මදිනම් වෙනත් රැකියාවක් සොයාගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසූ බවට වන සටහන් සමාජ ජාලාවල පලවෙනවා.මේ ,ඒ පිලිබදව අප විසින් සිදුකල කරුණු සොයා බැලීමක්.

සමාජ ජාලා සටහන්

ත්‍රිරෝද රථ මගින් මගීන් ප්‍රවාහනය සිය ජීවිකාව කරගත් කුලී රථ රියදුරන්ට වර්තමානයේ ඇති ඉන්ධන හිගය නිසා සිය වෘත්තියේ දිගටම යෙදීමට නොහැකිනම් / අපහසුනම් වෙනත් රැකියාවක් සදහා යොමුවන ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසූ බවට සදහන් ෆේස්බුක් වල දක්නට ලැබුණා.

“තිරෝද රථ හිමියන්ට ඉන්ධන මදිනම් වෙන රැකියාවක් කරන්න .”

Facebook | Archived

ඒ සදහා පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

එම සටහන් ෆේස්බුක් වල පැතිර පැවතියේ මේ ආකාරයෙන් .

මේ සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදුකිරීමට අප තීරණය කළා.

Fact Check(සත්‍ය තොරතුරු විමසා බැලීම)

අප මුලින්ම විමසා බැලුවේ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කරුණ පිලිබදවයි. එහිදී අපට එවැන්නක් දැක ගන්නට ලැබුනේ නැහැ.

ඉන් අනතුරුව අප "හිරු" වෙබ් අඩවියෙන් විමසා බැලුවේ, සමාජ ජාලාවල පළවන ආකාරයේ පුවතක් ඔවුන් විසින් වාර්තා කර ඇතිද යන්නයි. එහිදී ඔවුන් පවසා සිටියේ තමන් විසින් මෙවන් පුවතක් වාර්තා කර නොමැති බව සහ ඉහත සමාජ ජාලා සටහන් සකසා ඇත්තේ සිය නිල සන්නාම (logo) අවභාවිතා කිරීමෙන් වන බවයි.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දක්වා සිටි අමාත්‍ය කාංචන විජේසේකර ද සදහන් කර සිටියේ තමන් මෙවන් ප්‍රකාශයක් කිසිසේත් සිදු නොකළ බවයි.

කෙසේ වෙතත් ජාතික ඉන්ධන බලපත්‍රය මගින් සතියකට ඉන්ධන ලීටර 5 ක් පමණක් ත්‍රිරෝද රථ සදහා ලබාදීම මගී ප්‍රවාහනය මගින් දෛනික ආදායම් උපයාගන්නා ත්‍රිරෝද රථ රියදුරන්ගේ විවේචනයට ලක්ව තිබුණා. ඔවුන් පවසන්නේ පෙට්‍රල් ලීටර 5 ක් සතියකට ප්‍රමාණවත් නොවන අතර එය දින දෙකකට පමණක් ප්‍රමාණවත් බවයි. සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමයේ ලේකම් ටී .ආර්.පල්ලි පවසන්නේ මේ දිනවල ත්‍රිරෝද රථවලින් ගමන් බිමන් යාමට මගීන්ගෙන් පවතින ඉහල ඉල්ලුම නිසා මෙම ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නැති බවයි.කෙසේ වෙතත් QR කේතය මගින් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය පිලිබදව ඔවුන් සිය ප්‍රසාදය පළකර සිටින අතර ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට සතියක් සදහා ලබාදෙන ඉන්ධන සලාකයේ ප්‍රමාණය වැඩි කරන ලෙසයි. ඒ සම්බන්ධ වාර්තාවක් කියවිය හැකියි මෙතනින් | Archived

අගෝස්තු මස 1 වැනිදා සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍ය කාංචන විජේවර්ධන මහතා පවසා සිටියේ ලංකාවේ මිලියනයකට වැඩි තිරෝද රථ සංඛ්‍යාවක් තිබෙන බවත්, ඒ වනවිට ලක්ෂ 8 කටත් වැඩි පිරිසක් QR කේතය යටතේ ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වී තිබු බවයි. එසේම පුර්ණ කාලීන කුලී තිරෝද රථ, අර්ධ කාලීන කුලී රථ මෙන්ම පුද්ගලික ගමන් සඳහා යොදාගන්නා තිරෝද රථ යනාදී වශයෙන් විවිධ කාර්යන් සඳහා ත්‍රිරෝධ රථ යොදාගැනෙන අතර මෙය වර්ගීකරණය කිරීම අසීරු කටයුත්තක් වුවද දැනට අදාළ වසමේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කිරීමට උපදෙස් දී ඇති අතර ඉදිරියේ දී ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ දැමීමේ අවස්ථා පිළිබඳව ද සලකා බලමින් සිටින බව පවසා සිටියා. එම සාකච්ඡාව මෙතනින්

Update: 08/08/2022

කෙසේනමුත් අගෝස්තු මස 8 වැනිදා සිට ආරම්භ වන සතියේ ද QR ක්‍රමවේදය යටතේ පෙර නිකුත්කර තිබු සීමා යටතේ ම එනම් තිරෝද රථ සඳහා ලීටර් 5 සීමාවට යටත්ව ඉන්ධන නිකුත් කෙරෙන බවත් මෙම සතියෙත් දත්ත පරිශීලනය කිරීමෙන් පසුව අවශ්‍ය වෙනස්කමක් කිරීමේ හැකියාව ලබන ඉරිදා සලකා බලන බවත් අමාත්‍යවරයා ට්විටර් නිවේදනයකින් පවසා තිබුනේ මෙලෙසින්

එසේම පුර්ණ කාලීන ලෙස ක්‍රියාකරන කුලී තිරෝද රථ රියදුරන්ගේ කෝටාව ඉදිරියේ දී සංශෝධනය කිරීමේ හැකියාව සලකා බලන ලෙස අමත්‍යවරයා තමාට උපදෙස් ලබා දී තිබු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබු අයුරු පහතින්.

https://youtu.be/E7sx3RugNxI?t=241

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූ කාරණය නම් සමාජ ජාලා සටහන් වල සදහන් ආකාරයට ත්‍රිරෝද රථ රියදුරන් සදහා ඉන්ධන සලාකය මදිනම් වෙනත් රැකියා සොයාගන්නා ලෙසට වන ප්‍රකාශයක් කාංචන විජේසේකර ඇමතිවරයා විසින් සිදුකර නොමැති බවයි.

විවිධ කාර්යන් සඳහා තිරෝද රථ යොදාගැනෙන අතර එය වර්ගීකරණය කිරීම අසීරු කටයුත්තක් වුව ද විශේෂයෙන්ම පුර්ණ කාලීන ලෙස ක්‍රියාකරන කුලී තිරෝද රථ රියදුරන්ගේ කෝටාව ඉදිරියේ දී සංශෝධනය කිරීමේ හැකියාව සලකා බලන බවට අමාතයා කාංචන මෙන්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ද පවසා තිබුණා.

Avatar

Title:ත්‍රී රෝද රථ හිමියන්ට ඉන්ධන මදි නම් වෙන රැකියාවක් සොයා ගන්න- ඇමති කාංචන ??

Fact Check By: Kalana Krishantha

Result: Misleading