දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

වැඩි ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් උනන්දුවක් දක්වන, ජනතාවගේ ප්‍රතිචාර වැඩි වශයෙන් ලබා ගත හැකි කරුණු ඔස්සේ ව්‍යාජ ෆේස්බුක් සටහන් පළ කිරීම, ඇතැම් ෆේස්බුක් පිටු මඟින් සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි සටහනක් ඔස්සේ ජනතාව නොමග ගොස් ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් සිලින්ඩර 500ක් නොමිලේ පරිත්‍යාග කරන බවට දක්වමින් ප්‍රවර්ධන වඩ සටහනක් ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන සත්‍යයක් බවට උපකල්පනය කර ඇති බවට දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙලෙසින්.

එවැනි තේමාවෙන් පළ වූ තවත් සටහනක් මෙතනින්. Archived Link

ඒ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර පහතින්.

ජනතාව අතර මෙම සටහන බහුලව සංසරණය වීම හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නොමිලේ ගෑස් සිලින්ඩර ලබා දෙන ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණා ද, යන්න අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කරනු ලැබුවා.

නමුත් Litro Gas Lanka නිල ෆේස්බුක් පිටුවේ එවැනි ප්‍රවර්ධන වැඩසටහනක් හෝ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන පරිදි සටහනක් අපට දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසීම සඳහා එම සමාගමේ අලෙවි කළමනාකරු වන කේතීස්වරන් මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඒ මහතා සඳහන් කළේ, ලිට්‍රෝ සමාගම විසින් ගෑස් සිලින්ඩර නොමිලේ ලබා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන බවත්, එය ලිට්‍රෝ සමාගම ලෙස පෙනී සිටින ව්‍යාජ ෆේස්බුක් පිටුවකින් පළ කරන ලද ව්‍යාජ සටහන් කිහිපයක් බවයි.

ඒ අනුව පෙනී යන්නේ, ඉහත සඳහන් සටහන් හුදෙක් ව්‍යාජ ෆේස්බුක් පිටු මගින් එම පිටු ජනතාව අතර ප්‍රචාරය කිරීමේ අරමුණින් රීච් ලබා ගැනීම සඳහා නිර්මාණය කරන ලද අසත්‍ය සටහන් බවයි.

පසුගිය සැප්තැම්බර් 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දමා තිබුණා. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,551 ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,827 කි. කිලෝග්‍රෑම් 2.3 ලිට්‍රෝ ගැස් සිලින්ඩරයක් මේ වන විට අලෙවි කෙරෙන්නේ, රුපියල් 848 ක මිලකටයි. ඒ පිළිබඳව මෙතනින්.

Also read : ලිට්රෝ ගෑස් මිල සැකසෙන ආකාරය පිළිබඳ හුවමාරු වූ සටහන් පිලිබඳ පැහැදිලි කිරීමක්!

ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කලමණාකාරීත්වයේ වැටුප් සම්බන්ධයෙන් පළවූ සටහන් පෙළක්!

ලිට්රෝ සමාගමේ අන්තර්ජාතික ගෑස් මිලදීගැනීමේ ක්‍රියාවලිය සහ නාගානන්දගේ චෝදනා !!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් සිලින්ඩර 500ක් නොමිලේ පරිත්‍යාග කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණ සටහන් අසත්‍ය බවයි. එවැනි ප්‍රවර්ධන වැඩසටහනක් ලිට්‍රෝ ගෑස් සමාගම විසින් සිදු නොකෙරෙන බවත්, එම ව්‍යාජ සටහන් නිර්මාණය කර ඇත්තේ එම සමාගමේ නිල ෆේස්බුක් පිටුව මගින් නොව ව්‍යාජ ෆේස්බුක් පිටුවක් මගින් බවට එම සමාගමේ අලෙවි කළමාණාකරු තහවුරු කර සිටිනවා.

Avatar

Title:ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් සිලින්ඩර 500ක් නොමිලේ පරිත්‍යාග කරන බවට ව්‍යාජ සටහනක්!

Fact Check By: Pavithra Sandamali

Result: False