දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

අම්බලන්ගොඩ නගර සභාවට මාලිමාවෙන් තරඟ වැදීම සඳහා මත්ද්‍රව්‍ය සමග හසුව, බන්ධනාගාර ගත කර සිටි මැන්ඩි ගිහාන් නැමැත්තාට නාමයෝජනා ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“මත්ද්‍රව්‍ය සමග හසුව, හිරේ ගිහිපු “මැන්ඩි ගිහාන්ට” මාලිමාවෙන් අම්බලන්ගොඩ නගර සභාවට නාම යෝජනා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වූයේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙය සත්‍යයක් බවට බොහෝ පිරිසක් උපකල්පනය කර තිබූ බවයි.

ට්විටර් ඔස්සේ ද මෙම සටහන් හුවමාරු වූ අයුරු පහතින්

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් නිරීක්ෂණය කරනු ලැබුවේ, “මැන්ඩි ගිහාන්” යනු කවුරුන්ද යන්නයි.

ඒ අනුව, 2020 වර්ෂයේ අගෝස්තු 21 වන දා, ශ්‍රී ලංකාවෙන් පළමුවරට සොයා ගෙන තිබු, රුපියල් කෝටි 20 ක පමණ වටිනාකමකින් යුත් ‘මැන්ඩි’ නමැති මත් කුඩු කිලෝග්‍රැම් 12 ක් ළඟ තබාගෙන සිටියදි වැටලීමකදී, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පුද්ගලයෙකු වන අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ලිපිනයේ පදිංචි රාජපක්ෂ පුන්චිනයිදා නම්බි ගිහාන් නමැත්තායි. මෙම පුවත සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පළ වූ පුවතක් මෙතනින්. Archived Link වීඩියෝවක් මෙතනින්.

ඉන් අනතුරුව ඔහු සම්බන්ධ පුවත් අපට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ කිසිදු ලිපියක දැක ගන්නට නොලැබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක

කෙසේ වෙතත් මොහු ජාතික ජන බලවේගය(NPP) පක්ෂයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟ වදිනවා ද යන්න පිළිබඳ විමසා බැලීමට ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රන්ජන් මහතාගෙන් අප විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ, එම පුවත අසත්‍ය බවයි. තව දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අම්බලන්ගොඩ නගර සභාවට තරඟ වදින අපේක්ෂකයන්ගේ නම් ලැයිස්තුව අප වෙත ගෙන්වා ගත් අතර එම අපේක්ෂයන් 20 දෙනාගේ නම් අතර ‘රාජපක්ෂ පුන්චිනයිදා නම්බි ගිහාන්’ වැනි නමක් සඳහන් වී නොතිබුණි.

අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති

අප මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අප අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති, කමල් වැල්ලගේ මහතාගෙන් ද, විමසීමක් සිදු කළා.

ඔහු සඳහන් කළේ, ඉහත ඡායාරූප අවස්ථාව “මැන්ඩි ගිහාන්” විසින් මීට පෙර ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දුන් අවස්ථාව බව ත්, පසුව එම පක්ෂය විසින් ඔහුට ජාතික ජන බලවේගයෙන් තරඟ කිරීම අත්හිටවූ බව ත්,ය.

ඒ අනුව මේ වන විට ඔහු වෙනත් පක්ෂයකින් නාමයෝජනා ලබා දී ඇති අතර අම්බලන්ගොඩ නගර සභාවට තරඟ වදිනු ඇති බව ද, ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව පෙනී යන්නේ, ඉහත සමාජ මාධ්‍ය සටහන නොමග යවන සුළු බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක දැක්වූ ලෙස, මත්ද්‍රව්‍ය සමග හසුව, හිරේ ගිහිපු “මැන්ඩි ගිහාන්ට” මාලිමාවෙන් අම්බලන්ගොඩ නගර සභාවට නාම යෝජනා ලබා දුන් බවට පළවන පුවත නොමග යවන සුළු බවයි. මීට පෙර ඔහු විසින් එම පක්ෂයෙන් තරඟ වැදීමට නාමයෝජනා ලබා දුන්නාද, එම පක්ෂයෙන් ඉදිරිපත් වීම අත්හිටුවා ඇති බවට, අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති, කමල් වැල්ලගේ මහතා සඳහන් කළා.

එමෙන්ම අප ජාතික ජන බලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟ වදින අපෙක්ෂකයන්ගේ නම් ලැයිස්තුව පරීක්ෂා කිරීමේදී ද,පෙනී ගියේ, රාජපක්ෂ පුන්චිනයිදා නම්බි ගිහාන් ගේ නම එහි සඳහන් වී නොමැති බවයි.

“මැන්ඩි ගිහාන් මේ වන විට වෙනත් පක්ෂයක් යටතේ නාමයෝජනා ලබා දීම සිදු කර තිබේ.

Avatar

Title:මත්ද්‍රව්‍ය සමඟ හසුව හිරේ ගිය ‘මැන්ඩි ගිහාන්ට’ මාලිමාවෙන් අම්බලන්ගොඩ නගර සභාවට නාම යෝජනා?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading