දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය සති කිහිපය තුළ මෙරට දේශපාලනයේ ප්‍රධාන ලෙසම සංවාදයට ලක්වූ පුවත වුණේ, පුංචි ආණ්ඩුවල බලය පිහිටුවීමයි. පළාත් පාලන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් හිමි නොවූ වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවති දිනයේ වූ සිදුවූ මන්ත්‍රීවරියක සහ මන්ත්‍රීවරයෙකු අතුරුදන්වීමේ සිද්ධිය අනිසි ලෙස හුවා දක්වමින් තවමත් සමාජ මාධ්‍යයේ විවිධ සටහන් සංසරණය වෙමින් පවතී. මේ එවැනි සටහනක තතු විත්ති පිළිබඳ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පෙම්වතුන් යුවළක් පිටුපස හැරී සිටින ඡායාරූපයක් ද සහිත මෙම සටහනේ දැක්වෙන්නේ, අතුරුදන් වූ මාලිමාවේ මන්ත්‍රීවරයෙකු වන අජිත් ප්‍රියන්ත සහ කමනී මාලා අල්විස් උණවටුන වෙරළේ සිටියදී පොලීසිය සොයාගෙන ඇති බවයි. තව ද මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අක්‍රම් ඉල්ලියාස්ගේ ඡායාරූපයක් ද සහිතව පහතින් ඇති සටහනේ දැක්වෙන්නේ, මන්ත්‍රී දෙපළ පැහැරගැනීම ඔහුගේ සැලසුමක් අනුව රඟ දැක්වූවක් බවට වන පැමිණිල්ලක් වැලිගම පොලීසියට ලැබී ඇති බවයි.
මේ අතර එදින මන්ත්‍රී දෙපළ අතරුදන් වීමේ සිද්ධියට අදාළව පසුගිය දින කිහිපයේ ම සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක් සටහන් මෙලෙස පළ කර තිබෙනු දැකගත හැකි වුණා.
|
|
|
|
මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරියගේ අතුරුදන්වීම පෞද්ගලික කාරණාවක් ලෙස හුවා දැක්වෙන අයුරින් සකසා ඇති ඉහත පළමු සටහනේ අඩංගු කරුණුවල සත්‍ය අසත්‍ය බව සොයා අප සිදු කළ කරුණු විමර්ශනය පහතින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
මෙම සිදුවීමට අදාළව පසුගිය 27 වනදා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා වූ පුවත් අප පරීක්ෂා කර බැලුවා. ඒ අනුව මෙම පුවත එදින මෙරට විද්‍යුත් ඇතුළු සියලුම මාධ්‍යවල වාර්තාවල ප්‍රමුඛ පෙළේ පුවත් අතරින් එකක්. සෑම මාධ්‍යක්ම වාර්තා කර තිබුණේ, පසුගිය 27 වැනිදා දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම සඳහා මංගල රැස්වීම පැවති බවයි. කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ මන්ත්‍රී දෙපළක් අතුරුදන්වූ බව කියන සිද්ධියක් සමග සභාව උණුසුම් වී තිබූ අතර පසුව දේශපාලන ආධරකරුවන් ද සභාව තුළට පැමිණ විරෝධය පෑම හමුවේ තත්ත්වය තවත් උග්‍ර අතට හැරී තිබුණා. ඒ අනුව පාළාත් පාලන කොමසාරිස්වරියට සිදුව තිබුණේ, දින 30ක කාලයක් ඇතුළත සභාව රැස්වීමේ අපේක්ෂාවෙන් රැස්වීම කල් තැබීමටයි. මාධ්‍ය වාර්තා කර තිබුණේ, පසුව අතුරුදන්වූ බව කියන මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා ගාල්ල දෙවට ප්‍රදේශයේ වෙරළ තීරයක සිටියදී සොයාගෙන තිබෙනවා යනුවෙනි.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සිදුවීම අනෙකුත් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරය මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්.
ඒ අනුව ප්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යයක් වැලිගම ප්‍රාදේශීය සභා අතුරුදන් මන්ත්‍රී දෙපළ සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන්වලින් හුවා දැක්වීමට උත්සාහ කරන ආකාරයේ ඔවුන් දෙදෙනා උණවටුන වෙරළ තීරයේ සිටියදී සොයාගත් බවට වාර්තා කර නොමැත.
පොලීසියේ ප්‍රතිචාරය
මේ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසා සිටි අතර පොලීසිය පැවසුවේ, සමාජ මාධ්‍ය සටහන්වල හුවා දැක්වීමට උත්සාහ කරන ආකාරයේ සිදුවීමක් මෙහි නොමැති බවයි. තව ද මෙම පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බව ද පොලීසිය පැවසුවා.
මේ අතර මෙම පැහැර ගැනීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අක්‍රම් ඉල්ලියාසේගේ සැලසුමක් අනුව සිදුවූවක් බවට වැලිගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි යන සටහන පිළිබඳව ද අප සොයා බැලුවා. ඒ අනුව ඊට අදාළව පැමිණිල්ලක් ලැබී ඇත්දැයි අප වැලිගම පොලීසියෙන් විමසූ අතර පොලීසිය පැවසුවේ, එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.
එමෙන් ම මෙම පැහැර ගැනීම සිදු කරනු ලැබුවේ කවුරුන්ද යන්න පිළිබඳව ද, අප විමසා සිටි අතර ඔවුන් පෙන්වාදුන්නේ, මේ පිළිබඳව විමර්ශන සිදුවන අතර තවම ත් පැහැර ගැනීම සිදු කළේ කවුරුන්ද යන්න හෙළි වී නොමැති බවයි.
පැහැර ගැනීමට ලක් වූ මන්ත්‍රීවරයා
සැබෑ ලෙසම අදාළ දිනයේ සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳව කරුණු දැන ගැනීම සඳහා අප පැහැර ගැනීමට ලක්වූ බව කියන ජාතික ජනබල වේග මන්ත්‍රී අජිත් ප්‍රියන්ත මහතා සම්බන්ධ කර ගත්තා.
ඔහු අප සමග කියා සිටියේ, ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරයට සහභාගී වීමට ප්‍රථම වැලිගම කාර්යාලයේ කැඳවා තිබූ සාකච්ඡාවට සහභාගීවීම සඳහා තමන් කමනී මාලා අල්විස් මන්ත්‍රීවරිය ද සමගින් ඇයගේ සැමියාගේ ත්‍රිරෝද රථයෙන් කනංකේ සිට වැලිගම බලා යාමට පිටත්වූ බවයි. මාර්ගයේ දෙපස කුඹුරු සහිත ප්‍රදේශයක් පසුකරමින් යන අතරතුර පිටපසින් කැබ් රථයක් පැමිණ ත්‍රිරෝද රථයේ පිටුපස දොර ඇරී ඇති බව පැවසූ බවයි. එවිට කමනී මන්ත්‍රීවරියගේ සැමියා පසෙකට කර ත්‍රිරෝද රථය නැවතූ බවත් එවිට තමන් ද ත්‍රිරෝද රථයෙන් බැස මන්ත්‍රීවරියගේ සැමියා සමග ත්‍රිරෝද රථයේ පිටුපසට යනවාත් සමග එකවරම දෙදෙනෙකු පැමිණ තමන් වාහනයක් තුළට දමා ගත් බවයි. පසුව මන්ත්‍රීවරිය ද රථයට නංවා ගත් බවත්, රථයට නංවා ගන්නවාත් සමග තමන්ගේ සහ අනෙක් මන්ත්‍රීවරියගේ මුහුණු බැඳ දැමූ බවත් ජංගම දුරකතන ඔවුන් සන්තකයට ගත් බවත් ඔහු පැවසුවා.
පසුව පැය භායකට වැඩි කාලයක් තමන් සහ මන්ත්‍රීවරිය දමාගත් රථය ගමන් කළ බව ඔහු පැවසුවා. පසු තමන් කාමරයක් තුළට ගෙනවිත් දමා ඇස් බැඳි පටිය ලිහා දැමූ බවත් එහිදී “උඹ දගලන්න එපා උඹ දගලවා වැඩියි” කියා දොර වසා දැමූ බවත් ඔහු පැවසුවා. පසුව යළිත් පැය දෙකකින් පමණ පසුව යළිත් ඇස් බැඳ දමා තමන් කාමරෙයෙන් ඉවතට ගෙනවිත් යළිත් වාහනයකට නංවා ගත් බවත් ටික වේලාවකින් කමනි මන්ත්‍රීවරිය ද වාහනයට රැගෙන ආ බව ඔහු පැවසුවා. පසුව යළිත් පැය භාගයකට වඩා වැඩි කාලයක ගමනකින් පසු වාහනය නවතා ජංගම දුරකතනය අතට දී ඇස් බැඳි පටි ගලවා දමා වාහනයෙන් බස්සවා තිබුණා. එහිදී වාහනයෙන් බැස්සවීමට පෙර “උඹලා දඟලන්නේ නැතුව මුහුද පැත්ත බලාගෙන ම ඉදපල්ලා” යනුවෙන් පැවසූ බව ද ඔහු කියා සිටියා. දැඩිව කම්පනයට පත්ව සිටි තමන් සහ මන්ත්‍රීවරිය පසුව මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා එහි නැග වැලිගම බලා ගිය බවත් තමන් සහ මන්ත්‍රීවරිය දමා ගොස් තිබුණේ, ගාල්ල, දෙවට සිමෙන්ති කර්මානතශාලාව ආසන්නයේ බව දැනගත්තේ ත්‍රිරෝද රථ රියැදුරාගෙන් බවත් ඔහු පැවසුවා. එහිදී කමනී මන්ත්‍රීවරිය දැඩි කම්පනයකින් පසු වූ බවත් වැලිගම බලා යන අතර තුර තමා බිරිඳට දුරකතන ඇමතුමක් ලබා ගත් බවත් ඒ වනවිට තමා සහ කමනී මන්ත්‍රීවරිය අතුරුදන් වීම පිළිබඳ සිදුවීම පිරිස දැනගෙන සිටි බවත් ඔහු පැවසුවා. කෙසේ වෙතත් දැඩි කම්පනයෙන් පසු වූ කමනී මන්ත්‍රීවරියට නිවසට යාමට ආවශ්‍ය බව පැවසූ නිසා ඇය නිවසට දමා තමන් කනංකේ පොලීසියට ගොස් පැමිණිලල්ක් දැමූ බව ද ඔහු පැවසුවා. ඒ වනවිට කමනී මන්ත්‍රීවරියගේ සැමියා ද පොලිසීයට පැමිණ සිටි බව ත් ඔහු කියා සිටියා.
තමන් සහ මන්ත්‍රීවරිය පැහර ගැනීමෙන් පසු පිරිස මන්ත්‍රීවරියගේ සැමියාට සවස 4ට කලින් බිරිඳ නිවසට ගෙනවිත් දමන බවත් ළමයින්ට හා බිරිඳට ආදරයක් තිබේ නම්, මේ පිළිබඳ කිසිවෙකුටත් නොකියා නිවසට වී සිටින ලෙස පවසා තිබූ බවත් ඔහු පැවසුවා.
මේ අතර අජිත් මන්ත්‍රීවරයා පැවසුවේ, කමනී මන්ත්‍රීවරිය ද කාමරයක රඳවා සිට ඇති බව පසුව ඇය තමා සමග පැවසූ බවත් එහිදී “ඔයා ටීචර් කෙනෙක් නේද ඒ රස්සාව කරගනෙ හිටියා නම් හරි නේද ඇයි මේ වගේ ඒවට ආවේ “යනුවෙන් පැහැර ගත් පිරිස ඇයගෙන විමසා ඇති බව ඇය තමන් සමග පැවසූ බවයි.
තමාට පුද්ගලිකව තරහකරුවන් කිසිවෙක් නොමැති බව පැවසූ අජිත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ දිනයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරීමේ සිදුවීම ඉලක්ක කර ගෙන මෙම පැහැර ගැනීම සිදුවන්නට ඇති බවට තමන් සැක පළ කරන බවයි. කලින් දිනයේ ප්‍රාදේශීය සභාවේ තම පක්ෂය තහවුරු කරගන්නා බව තමන් පැවසූ බවත් විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙක් සිය පක්ෂයට ඡන්දෙ දෙන්න සූදානමින් සිටින බව දැනගැනීම මත, තමන් සහ මන්ත්‍රීවරිය එදින රැස්වීමෙන් ඈත්කර තැබීමේ උවමනාව මත මෙම පැහැර ගැනීම සිදු වන්නට ඇතැයි, තමන් සිතන බව ද ඔහු පැවසුවා.
තවත් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම පාදක කරගනිමින් පැතර යන කතා හේතුවෙන් ගුරුවරියක මන්ත්‍රීවරිය සහ තමන් දැඩි පීඩනයකට ලක්ව සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ජාතික ජන බලවේගයේ ප්‍රතිචාරය
මෙම සිදුවීම පිළිබඳ ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් අප විමසීමක් කළා. ඔවුන් පැවසුවේ, මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පාරීක්ෂණ ක්‍රියාත්මක බවයි. විපක්ෂයේ උත්සාහය වූයේ, මන්ත්‍රී දෙපළ සඟවාගෙන තබා විපක්ෂයෙන් සභාපති පත් කර ගැනීම බවත් එහෙත් ඔවුන්ට අවශ්‍ය දේ ඉටු කර ගැනීමට නොහැකි වූ බව ද මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියා.
අක්‍රම් ඉල්ලියාස් මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය
තවද මේ සම්බන්ධව කරුණු දැන ගැනීම සඳහා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අක්‍රම් ඉල්ලියාස් මහතා ද සම්බන්ධ කර ගත්තා. ඔහු පැවසුවේ, සමාජ මාධ්‍ය සටහනේ ඇති කරුණුවල සත්‍යතාවක් නොමැති බවත් තමාට විරුද්ධව පැමිණිල්ලක් බවට වැලිගම පොලිසියෙන් තමා දැනුවත් කර නොමැති බවත් ය.
වැලිගම ප්‍රාදේශීය සභාව
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී ජාතික ජන බගවේගය වැලිගම ප්‍රාෙද්ශීය සභාව ජයග්‍රහණය කළේ ය. එහෙත් ඔවුන්ට සභාව පිහිටුවීම සඳහා බහුතර බලක් හිමිවූයේ, නැහැ. ඡන්ද විමසීමේදී ජාතික ජනබලවේගයට 22 ක් සමගි ජනඉලවේගයට 9 ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 6ක්, ස්වාධීන කණ්ඩායමට 3ක්, එක්සත් ජාතික පක්ෂයට 2 ක්, සර්වජන බලයට 2ක් සහ පොදු ජන එක්සත් පෙරමුණට 1ක් වශයෙන් මන්ත්‍රී ධුර බෙදී ගියේ ය. වැඩි විස්තර මෙතැනින් ඒ අනුව කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් හිමි නොවූ වැලිගම ප්‍රා දේශීය සභාව සඳහා සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වන මංගල රැස්වීම පසුගිය 27 වනදා දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කෙසේ වෙතත් මන්ත්‍රීවරයෙකු සහ මන්ත්‍රීවරියක අතුරුදන්වීමේ සිද්ධියක් මුල් කරගනිමින් හටගත් අරබුදකාරී තත්ත්වය හමුවේ දින නියමයක් නොමැතිව සභාව කල් තැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කළා ය. වැඩි විස්තර මෙතැනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා පැහැර ගැනීමකට ලක් නොවූ බව ත්, ඔවුන් දෙදෙනා වෙරළ තීරයේ ඇවිදීමට ගොස් ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් නොමග යන සුළුවේ. ඔවුන් දෙදෙනා පැහැර ගැනීමට ලක් වූ බවට පැමිණිලි ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවමත් සිදු කෙරෙන බව පොලීසිය සඳහන් කරයි