දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, පිළිකාව ලොව පුරා මාරාන්තික රෝගවලින් එකක් වන අතර, සෑම වසරකම මිලියන 10 කට ආසන්න පිරිසක් ජීවිත අහිමි කරනු ලබනවා. මෙවන් වටපිටාවක “පිළිකා ප්‍රතිකාරයක්” කරා ප්‍රගතියක් ඇති බව පවසන පර්යේෂණ පහසුවෙන් මහජන අවධානයට ලක් වේ.
ශ්‍රී ලාංකික මාධ්‍ය ආයතන කිහිපයක් සහ සමාජ මාධ්‍ය පරිශීලකයින් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව, අණුක ජීව විද්‍යාව සහ ජෛව තාක්‍ෂණ ආයතනය (IBMBB) විසින් සංවර්ධනය කරන ලද “පෝෂක ඖෂධයක්” පිළිබඳ සටහන් පළ කළ අතර මෙම සටහන් මගින් පිළිකා සෛල විනාශ කළ හැකි බවත්, එය පිළිකා සඳහා විභව ප්‍රතිකාරයක් හෝ වැළැක්වීමේ ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබුණා. මේ පිළිබඳ අප සිදු කළ කරුණු සොයා බැලීමක් වේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පිළිකාව විනාශ කරන ඖෂධයක් සොයා ගැනීමට කොළඹ සරසවිය සමත් වී ඇති බවට දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.
මෙය පිළිකා ඖෂධයක් ලෙස ත්, පිළිකා ප්‍රතිකාරයක් ලෙස ත්, ඇතැම් මාධ්‍ය ද, වාර්තා කර තිබුණේ මෙලෙසින්.
මෙහි නිවැරදි තොරතුරු පරීක්ෂා බැලීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
2023 වසරේදී ත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අනුක රසායන සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන්ගේ ප්‍රධානත්වයෙන් යුතු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පෝෂක ඖෂධය සොයාගෙන ඇති බව ට පුවතක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇති බව දැක ගන්නට ලැබුණා.
එය වර්ධනය වන පිළිකා සෛල පාලනය කිරීමට සමත් බව ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මඟින් ද තහවුරු කර ඇති බව ත්, ‘ Vernolac’ නමින් වූ මෙම ඖෂධය මේ වන විට වෙළෙඳපොළට ද නිකුත් කර ඇති අතර සහන මිල ගණන් යටතේ අවශ්‍ය රෝගීන්ට ලබාගත හැකි බව ත්, එහි වැඩි දුරටත් සඳහන් වේ.
පිළිකා ප්‍රතිකාරයක් ලෙස ඇතැම් මාධ්‍ය විසින් හඳුන්වා දී තිබුණු FADNA (Food & Nature Pvt. Ltd) විසින් අලෙවි කරන Vernolac පිළිබඳ එහි මාර්ගගත වෙළඳපොළේ සඳහන් වී තිබුණේ මෙලෙසින්.
වර්නොලැක් යනු පිළිකා ප්‍රතිකාර සඳහා සහාය වීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරන ලද විද්‍යාත්මකව සංවර්ධනය කරන ලද ඖෂධීය අතිරේකයකි. වර්නෝනියා සෙයිලනිකා සහ උසස් සුව කිරීමේ තාක්ෂණයෙන් බල ගැන්වෙන එය පිළිකා සෛල ඉලක්ක කර ගනිමින් සහ රසායනික චිකිත්සක අපහසුතා සමනය කිරීමෙන් ස්වාභාවික පිළිකා සහාය ලබා දෙයි. විද්‍යාත්මකව ඔප්පු කර ඇති සහ ආයුර්වේදයේ ලියාපදිංචි වී ඇති වර්නොලැක් යනු සාම්ප්‍රදායික ප්‍රතිකාර සමඟ සමස්ත යහපැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා විශ්වාසදායක ශාකසාර පිළිකා සත්කාර අතිරේකයකි.
ඒ අනුව මෙම ඖෂධය මගින් නිත්‍ය වශයෙන් ම පිළිකා වර්ග සුව කරන බව සඳහන් කර නොමැත. නමුත් මෙම ඖෂධීය අතිරේකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙය පිළිකා ප්‍රතිකාරයක්, පිළිකා ඖෂධයක් පිළිකා නසන ඖෂධයක් ලෙසයි.
කෙසේ වෙතත් මෙම ඖෂධීය අතිරේකය මෙතරම් සත්‍ය වශයෙන් ම සාර්ථකත්වයක් ලබා ඇත්නම්, ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීම හෝ මේ පිළිබඳ ප්‍රචාරය කළ යුතුව තිබුණත්, එවැනි ප්‍රචාරයක් හෝ වාර්තා කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුව නොමැති බව ද දැක ගන්නට ලැබේ.
මෙහි පිළිකා ඖෂධීය අතිරේකයට මුල සිට ම කොළඹ විශ්ව විද්‍යාලය විසින් සොයා ගන්නා ලද පිළිකා ප්‍රතිකාරකයක් බව ට ප්‍රවර්ධනය කළ ත් , අවුරුදු දෙකක සිට මෙහි සාර්ථකත්වය අත්කර ගනු ලැබුවේ නම් ඒ පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලය මගින් ප්‍රචාරය කළ යුතුව තිබුණත්, ඒ පිළිබඳව එහි නිල වෙබ් අඩවිය හෝ නිල ෆේස්බුක් පිටුව මගින් හෝ නැතිනම් වෙන ම විශ්ව විද්‍යාලය මැදිහත් ව රාජ්‍ය අනුග්‍රහයක් හෝ මේ සඳහා ලබා දීම කළ යුතුව තිබුණත්, ඒ ආකාරයේ ප්‍රචාරයක් කොළඹ විශ්ව විද්‍යාලය මගින් සිදු කර නොමැති බව දැක ගන්නට ලැබුණා.
මේ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලය විසින් සටහනක් පළ කර තිබුණේ,මෙලෙසින්.
එමෙන් ම අද(09) දිනයේ කොළඹ විශ්ව විද්‍යාලයේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණේ, විශ්ව විද්‍යාලයේ නම වැරදි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය තුළ නොමඟ යවන සුළු පළ කිරීම් කිහිපයක් පළකර ඇති බවයි.
විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට සහ රෝගීන්ගේ ආරක්ෂාවට ඇති බරපතල බලපෑම සැලකිල්ලට ගනිමින්, නොමඟ යවන සුළු තොරතුරු පැතිරවීමට එරෙහිව පියවර ගැනීමට සිදුවනු බව ත්, විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කරනු ලබන්නේ විශ්ව විද්‍යාලයේ නිල වෙබ් පිටුව හෝ සමාජ මාධ්‍ය පිටුව හරහා පමණක් බව ත් එහි සඳහන්.
ඖෂධීය සූදානමේ ඖෂධීය ගුණ විමර්ශනය කරමින් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණ කිහිපයක් තිබුණද, ඒවා තවමත් සායනික අත්හදා බැලීම් අදියරට හෝ ඖෂධ ලියාපදිංචි කිරීමේ අදියරට ළඟා වී නොමැති අතර ඒවා ඖෂධ ලෙස සැලකිය නොහැකි බව ත්, සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් නියම කරන ලද ලියාපදිංචි ඖෂධ පිළිපැදීමට රෝගීන්ට උපදෙස් දෙන බව ත් එහි සඳහන් වී තිබුණේ මේ අයුරින්.
එමෙන් ම මේ පිළිබඳව ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයද ෆේස්බුක් සටහනක් පළ කර තිබුණේ, ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ගෙන එන පණිවිඩයක් ලෙසින්
නියමිත ප්‍රමිතියට අනුව ලෝකය පුරා විද්‍යාත්මක ලෙස සනාථ කර ඇති ප්‍රතිකාර මඟින් පමණක් පිළිකා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බව ත්,
ලියාපදිංචි නොකළ හෝ අනුමත නොකළ ප්‍රතිකාර භාවිතයෙන් ඔබේ ජීවිතය තර්ජනයට ලක් නොකරගන්න. වැරදි ප්‍රතිකාර සඳහා යොමු වුණහොත් ජීවිතය බේරා ගැනීමට ඔබට තවත් අවස්ථාවක් නොලැබිය හැකිය.
ඔබට සැකයක් තිබේ නම්, නිසි උපදෙස් සහ සත්කාර ලබා ගැනීම සඳහා ඔබට ආසන්නම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත පිවිසෙන ලෙසයි.
මෙම සටහන් මගින් ද, හැඟවෙන්නේ, ඉහත ඖෂධීය අතිරේකය පිළිකා ප්‍රතිකාරයක්, පිළිකා ඖෂධයක් පිළිකා නසන ඖෂධයක් ලෙසට ගත නොහැකි බව ත්, මෙවැනි දේවල් භාවිත කර තමන්ගේ ජීවිත අවදානයට නොදමන ලෙසයි.
පිළිකා සුව කළ හැකි ඖෂධයක් ලෙසට සිතා කිසිදු වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මෙම ඖෂධීය අතිරේකය ලබා ගැනීම මගින් පිළිකාව සුව වන බවට සිතා මෙම අතිරේකය ලබා ගත් පසු ඔබට සිදුවන අතුරු ආබාධ වලට වගකීම ගැනීමට කිසිදු ආයතනයක් පුද්ගලයෙක් නොවීමයි. ඒ පිළිබඳ මනාවට වැටහෙන්නේ, මෙම ඖෂධීය අතිරේකය නිශ්පාදනයට මුල් වූ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතාගේ නිල ෆේස්බුක් ගිණුමෙද පළ වූ සටහනක් හේතුවෙනි.
එහි සඳහන් වන්නේ, මෙම පර්යේෂණයේ සොයා ගැනීම් පූර්ව සායනික අධ්‍යනයකින් තහවුරු කර ඇති අතර, අඛණ්ඩ අත්හදා බැලීම් විද්‍යාත්මක අධීක්ෂණය යටතේ සිදු කෙරෙමින් පවතින බව ත්, සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයන් විසින් නිර්දේශ කරනු ලබන වෛද්‍ය ක්‍රියා පටිපාටි සහ උපදෙස් රෝගීන් නිසි අයුරින්ම පිළිපැදිය යුතු බව අවධාරණය කරනු බව ත්,
“නිසි වෛද්‍ය ප්‍රතිකාර අනුගමනය කිරීමට අපොහොසත් වීමෙන් ඇතිවන අහිතකර ප්‍රතිපල සඳහා මා හෝ අප ආයතනය හෝ කොළඹ විශ්ව විද්‍යාලය කිසිදු වගකීමක් දරනු නොලැබේ” යනුවෙනි.
Also Read : කෝවිඩ් නිසා අසාධ්‍ය වී මිය යෑම වැළැක්විය හැකි ආහාර අතිරේකයක්?
ප්‍රතිකාරයක් “ඔප්පු” කිරීම සඳහා විශ්වාසදායක ජාත්‍යන්තර ආයතනවලට අවශ්‍ය දේ
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), FDA සහ අනෙකුත් ජාත්‍යන්තර නියාමකයින්ට අනුව, පිළිකා වැනි රෝගවලට ප්‍රතිකාර කිරීම, සුව කිරීම හෝ වැළැක්වීම සඳහා හිමිකම් කියන ඕනෑම නිෂ්පාදනයක් දැඩි පරීක්ෂාවකට භාජනය වී එවැනි හිමිකම් පෑමට පෙර නිසි අනුමැතිය ලබා ගත යුතුය.
WHO සහ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ඒජන්සිය (IARC) තහවුරු නොකළ අතිරේක හරහා නොව සාක්ෂි මත පදනම් වූ ක්‍රම හරහා වැළැක්වීම අවධාරණය කරයි.
ජාත්‍යන්තර නියාමන සහ විද්‍යාත්මක ප්‍රමිතීන් (FDA, EMA, WHO, IARC) නිෂ්පාදනයක් රෝගයකට ප්‍රතිකාර කිරීමට, වැළැක්වීමට හෝ සුව කිරීමට හිමිකම් පෑමට පෙර අදියර සායනික අත්හදා බැලීම් සහ සම-සමාලෝචනය කරන ලද සාක්ෂි අවශ්‍ය වේ. ආහාර අතිරේක බොහෝ අධිකරණ බල ප්‍රදේශවල ඖෂධවලට වඩා වෙනස් ලෙස නියාමනය කරනු ලැබේ. ව්‍යුහය/ක්‍රියාකාරිත්වය හෝ සුවතා සමඟ අතිරේක අලෙවි කළ හැකි නමුත් ඖෂධ අනුමැතියකින් තොරව රෝග සුව කිරීමට නීත්‍යානුකූලව හිමිකම් පෑමට නොහැකිය. අලෙවි කරන ලද ඔසු/අතිරේකයක් නියාමන සහ සායනික සීමාවන් පසු කර නොමැති නම් තහවුරු කරන ලද පිළිකා ඖෂධයක් ලෙස හැඳින්විය නොහැක. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
රෝගීන්ට ඇති සැබෑ අවදානම
පිළිකා රෝගීන් අවදානමට ලක්විය හැකි අතර සාම්ප්‍රදායික, සාක්ෂි මත පදනම් වූ ප්‍රතිකාර (ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ, අනුමත ප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර) ඔප්පු නොකළ අතිරේක නිසා නිසි ප්‍රතිකාර වට යොමු නොවී ප්‍රමාද කිරීමට පෙළඹේ. මෙය ප්‍රවර්ධන කරන ආකාරයට රසායනාගාර ප්‍රතිඵල අධිතක්සේරු කරන විට, එය ව්‍යාජ බලාපොරොත්තුවක් ලබා දෙන අතර රෝගියාගේ ආරක්ෂාව අවදානමක් ඇති කරයි. අනුමත සත්කාර සඳහා ආදේශක ලෙස එවැනි නිෂ්පාදන භාවිතා කිරීමට එරෙහිව පිළිකා රෝග විශේෂඥයින් ප්‍රසිද්ධියේ අනතුරු අඟවන්නේ එබැවිනි.
සාක්ෂි මගින් සහාය දක්වන දේ
‘වර්නොලැක්’ රසායනාගාර අත්හදා බැලීම් වලදී පිළිකා නාශක ක්‍රියාකාරකම් පෙන්වා ඇති අතර මිනිසුන් තුළ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව ඇගයීම සඳහා සත්ව අධ්‍යයන, විෂ විද්‍යාව සහ හොඳින් සැලසුම් කරන ලද සායනික අත්හදා බැලීම් වැඩිදුර පර්යේෂණ කර ඇති බවට සාධාරණීකරණය කළ ද, මේ පිළිබඳව නිවැරදිව මහජනතාවට පණිවිඩය යොමු කළ යුත්තේ, මෙය ඔප්පු කරන ලද පිළිකා ප්‍රතිකාරයක් නොව, අභ්‍යන්තර ප්‍රතිඵල සහිත පර්යේෂණාත්මක මට්ටමේ පවතින පෝෂණ ඖෂධයක් බවයි. මෙය ලබා ගැනීම මගින් “මෙය මිනිසුන් තුළ පිළිකා මරා දමයි” දක්වා අදහස ලබා දී අලෙවිකරණය කිරීම නොමඟ යවන සුළු වේ. ‘වර්නොලැක්’ සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාව මෙතනින්.
ආයුර්වේද වෛද්‍යවරුන්
වෛද්‍ය විශේෂඥයින් නිරන්තරයෙන් අනතුරු අඟවන්නේ ස්වාභාවික හෝ ඖෂධීය යන්නෙන් ස්වයංක්‍රීයව ආරක්ෂිත හෝ ඵලදායී බවක් අදහස් නොවන බවයි. සමහර ඖෂධ පැළෑටි පිළිකා ප්‍රතිකාර හෝ අක්මාවේ ක්‍රියාකාරිත්වයට බාධා කළ හැකි බවයි. එමනිසා, ඕනෑම අතිරේකයක් භාවිතා කිරීමට පෙර රෝගීන් සෑම විටම පිළිකා රෝග විශේෂඥයින්ගෙන් උපදෙස් ලබා ගත යුතු බව පවසයි.
අප මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ විශ්ව විද්‍යාලය, පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විමසා ඇති අතර ඔවුන්ගේ පිළිතුරු සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
Also Read : රුසියාව නිපදවූ පිළිකා එන්නත ලෝකයටම නොමිලේ දෙන බවට පුටින් ප්‍රකාශ කර නැහැ!
පිළිකාව සම්පුර්ණයෙන්ම සුව කිරීමට වෛද්‍ය ගෝමික සොයාගත් බවට නොමඟ යවන සුළු සටහන් පෙළක්!
‘පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube