Subscribe to our WhatsApp Channel
ඔක්තෝබර් මස අග කැරිබියන් දූපත් හරහා හමා ගිය මෙලීසා සුළි කුණාටුව ගැන බොහෝ සටහන් පළවී තිබුණා. එම සුළි කුණාටුවට ඉහළින් සිට, කුණාටුව මැදට ගමන් ගන්නා බවට හැඟවෙන වීඩියෝවක් ගැන ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණා.
සමාජ මාධ්‍ය සටහන්:
“මෙලීසා සුළි කුණාටුව කැරිබියන් දූපත්වලට ආසන්න වෙයි. කුණාටුව මැදට ගුවන් යානයකින් පියාසර කළ කණ්ඩායමක් සජීවී දසුන් ලබාගනී” යනුවෙන් සඳහන් කරමින් අදාල වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.
සමාජ මාධ්‍ය ඔස්සේ අදාල වීඩියෝව බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්

මෙම වීඩියෝව සත්‍ය වශයෙන්ම මෙලීසා සුළි කුණාටුවේ සත්‍ය වීඩියෝවක්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙලීසා සුළි කුණාටුව මැදට ගුවන් යානයකින් පියාසර කළ කණ්ඩායමක් විසින් ලබාගත් දසුන් බවට පවසමින් සමාජ මාධ්‍යයට මුදා හැර තිබූ ඉහත දර්ශන නිරීක්ෂණයේදී මෙම දර්ශන වල ස්වභාවිකත්වයට එහා ගිය කෘත්‍රිම බවක් පෙන්නුම් කරයි.
ඒ අනුව මෙලීසා සුළි කුණාටුව මැදට ගුවන් යානයකින් පියාසර කළ කණ්ඩායමක් විසින් ලබාගත් දසුන් බවට පවසන වීඩියෝ දර්ශනයේ රූප රාමු AI (කෘත්‍රිම බුද්ධිය) පරීක්ෂක මෙවලම් කිහිපයක් වෙතම යොමු කරමින් ඒහි සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා.
ඒ අනුව පෙනී ගියේ, සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝව සැබෑ දර්ශනයක් නොව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද දර්ශනයක් බවට ඉහළ සම්භාවිතාවයක් තිබෙන බවයි.


එසේම ඉහත රූප රාමු හා සමාන AI ඔස්සේ ජනනය කරන ලද වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර බොහෝ දෙනාගේ අවධානය යොමු වූ එවැනි, AI ඔස්සේ නිර්මාණය කරන ලද බව සඳහන් ලේබලය ද ඇතුළත් කරමින් පළකර තිබු වීඩියෝවක් මෙතනින්.
Also Read: Real Storm, Fake Footage: Viral Hurricane Melissa Video Is AI-Generated
ඒ වගේම, සුළි කුණාටුවකදී වළාකුළු අඩි 50,000ක් එනම්, කිලෝමීටර් 15 ක් පමණ උසට ළඟා විය හැකි අතර, ගුවන් යානයක් සාමාන්‍යයෙන් අඩි 30,000-40,000 ක් උපරිම උසක පියාසර කරනු ලබයි. ඒ අනුව සුළි කුණාටුවක් අවස්ථාවක ගුවන් යානයක් වළාකුළුවලට ඉහළින් ගමන් කිරීම සිදු විය නොහැකි බව පැහැදිලි ය. ඒ අනුව ද වීඩියෝවේ දැක්වෙන ආකාරයට සුළි කුණාටුවට ඉහළින් පියාසර කරන ගුවන් යානයකින් ලබාගත් දර්ශන ලෙසට හුවමාරු වන්නේ සත්‍ය දර්ශන පෙළක් විය නොහැකි බව පෙනී යනවා.
මෙලිසා සුළි කුණාටුව මැදින් ගමන් කරමින් එහි ඇතුළතින් ලබාගත් සත්‍ය වීඩියෝවක් ප්‍රධාන ධාරාවේ ජාත්‍යන්තර මාධ්‍ය සියල්ලකම වාගේ හුවමාරු වූ අතර, එවැනි පසුබිමකයි, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී ඇති දර්ශන පෙළ AI ඔස්සේ ජනනය කළ වීඩියෝ නිර්මාණය වන්නේ.
එක්සත් ජනපද ගුවන් හමුදාවේ 53 වන කාලගුණ නිරීක්ෂණ බලකායේ “Hurricane Hunter” කාර්ය මණ්ඩලය ඔක්තෝබර් 27 දින එලෙසින් ලබාගත් සත්‍ය දර්ශන පෙළක් පහතින්.
තවත් වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
මෙලීසා සුළි කුණාටුව සම්බන්ධ තොරතුරු
2025 ඔක්තෝබර් 21 වන දින මධ්‍යම කැරිබියන් මුහුදේ නිවර්තන කුණාටුවක් ලෙස මෙලිසා කුණාටුව ඇති වී තිබේ. එය 5 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී ඇත. සුළි කුණාටුව කැරිබියන් දූපත් හරහා හමායමින් විශාල හානියක් සිදු කර ඇත.
ජැමෙයිකාවට බලපෑ ආකාරය: ඔක්තෝබර් 28 වන දින, පැයට කිලෝමීටර් 297 (පැයට සැතපුම් 185) ක සුළං සමඟින් මෙලිසා සුළි කුණාටුව ජැමෙයිකාවට ගොඩබිමට ඇතුළු විය. 5 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ජැමෙයිකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි. අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර සහ නායයෑම් ඇති වූ අතර එමඟින් පදිංචිකරුවන් 125,000 ක් පමණ අවතැන් වී ඇත.
කියුබාවට බලපෑ ආකාරය: ඔක්තෝබර් 29 වන දින, කුණාටුව කියුබාවේ නැගෙනහිර වෙරළ තීරයට 3 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස බලපා ඇත. පැයට කිලෝමීටර් 195 (පැයට සැතපුම් 121) දක්වා ළඟා වන අඛණ්ඩ සුළං තත්වයන් නිවාස සහ මාර්ගවලට බරපතල හානි සිදු කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 700,000 කට අධික පිරිසක් නිවාස වලින් ඉවත් කිරීනට කටයුතු කර ඇත.
ඩොමිනිකන් ජනරජය සහ හයිටි: ඔක්තෝබර් 29 වන දින සිට ඩොමිනිකන් ජනරජයේ ජීවත් වන ජනතාවටද මෙලිසා සුළි කුණාටුවේ බලපෑම් කර ඇත. ගංගා පිටාර ගැලීම හේතුවෙන් රටේ ප්‍රදේශ කිහිපයක නායයෑම් ඇති වී තිබේ. ඒ හා සමානව, හයිටියේ දකුණු හා බටහිර ප්‍රදේශවල ඇති වූ අධික ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 16,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ප්‍රදේශවලට ගෙන ගොස් ඇත.
කැරිබියන් දූපත් පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇති අතර තුවාල ලැබූවන් දහස් ගණනකි. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ අවම වශයෙන් 80 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Conclusion (නිගමනය):
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “මෙලීසා සුළි කුණාටුව කැරිබියන් දූපත්වලට ආසන්න වෙයි. කුණාටුව මැදට ගුවන් යානයකින් පියාසර කළ කණ්ඩායමක් සජීවී දසුන් ලබාගනී” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ වීඩියෝව සැබෑ වීඩියෝවක් නොව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි.
Title:මෙලීසා කුණාටුව මැදට ගුවන් යානයකින් ගොස් ලබා ගත් වීඩියෝවක් ද?
Fact Check By: Factcrescendo TeamResult: Misleading


