දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පාසල් මොඩියුල වල අන්තර්ගතයන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතාබහක් ඇති වෙමින් පවතින මෙම කාලවකවානුවේ ඇතැම් විට සත්‍ය ලෙස දක්වමින් නොමගයවන සුළු සටහන් ද සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරුවන ආකාරය දැකිය හැකියි. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“අම්මල දෙන්නයි එක දරුවයි තාත්තල දෙන්නයි එක දරුවයි යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද ?” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය තුළ පළවී තිබුණා.
![]() | ![]() |
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ වෙබ් පිටු හරහා තවදුරටත් සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
![]() | ![]() |
Facebook Lankaleader | Archived
අදාල පෙලපොතේ අන්තර්ගතය ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංකරණ වලට අදාලව නිර්මාණය කළ පෙලපොතක දැක්වෙන පාඩමක් ලෙස සලකමින් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
![]() | ![]() |
සැබෑ ලෙසම මෙහි දැක්වෙන පරිදි මෙය ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංකරණ වලට අදාලව නිර්මාණයක කළ පෙලපොතක දැක්වෙන පාඩමක අන්තර්ගතයක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.
Fact Check (කරුණුවිමර්ශනයකිරීම) :
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය මුද්‍රණය කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂය මොඩියුලය තුළ යම් නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීම, මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වෙන මාතෘකාවක්. එවන් පසුබිමක් තුළ ඉහත සටහනද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන්නේ මෙරට අධ්‍යාපන ප්‍රතිසංකරණ ඔස්සේ නිර්මාණය කළ මොඩියුලයක අන්තර්ගත වන කොටසක් ලෙස දක්වමින්.
විවිධත්ව සහිත පවුල් සම්බන්ධයෙන් හඳුන්වා දෙන පාඩමක මව්වරුන් දෙදෙනෙක් සහ දරුවා සහ පියවරුන් දෙදෙනෙක් සහ දරුවා ලෙස දැක්වෙන රූප සටහන් ඔස්සේ සමලිංගිකත්වය දරුවන්ට හදුන්වා දෙන බවට කතිකාවතක් ඒ ඔස්සේ නිර්මාණය වී තිබෙනවා.
ඉහත පාඩම් අන්තර්ගතය මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාලව නිර්මාණය කළ පෙළපොතක දැක්වෙන පාඩමක අන්තර්ගතයක්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා ඉහත පෙලපොත් පිටුව Reverse Image සෙවුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී හඳුනාගැනීමට ලැබුණේ මෙම පෙලපොත් පිටුව මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාලව නිර්මාණය කළ පෙළපොතක හෝ මොඩියුලයක දැක්වෙන පාඩමක පිටුවක් නොව, ඊජිප්තුවේ ජාත්‍යන්තර පාසල් පෙලපොතක අන්තර්ගත වී තිබු පාඩමක පිටුවක් බවයි.
සමලිංගිකත්වයට සහාය දක්වන මෙම පෙළපොත් පිටුව සම්බන්ධයෙන් 2017 වසරේදී ඊජිප්තුවේ ප්‍රශ්නගත තත්වයක් උද්ගත වී තිබු අතර එරට අධ්‍යාපන අමාත්‍යාංශය හදිසි පරීක්ෂණයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඊජිප්තු මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එම අවධියේ පළවූ තවත් වාර්තාවක් මෙතනින්. ඊජිප්තු සමාජය පදනම් වී ඇති සදාචාරාත්මක වටිනාකම් උල්ලංඝනය කරන විෂයයන් ප්‍රවර්ධනය කරන හෝ ඉගැන්වීමේ කිසිදු පාසලක් ඊජිප්තුවේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය පවසා තිබුණා.
කෙසේනමුත් ‘Rahn’ නම් ජර්මානු ජාත්‍යන්තර පාසල් මඟින් ඊජිප්තු ළමුන්ට සමලිංගිකත්වය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා දීම පිළිබඳව පවතින මතභේදාත්මක තත්වයක් සම්බන්ධයෙන් ඊජිප්තු මාධ්‍ය විසින් නැවත වරක් මීට වසර දෙකකට පෙර ද පැනනැගුණු මතභේදාත්මක සිදුවීමක් මත වාර්තා කර තිබුණේ මෙලෙසින්.
එසේම මෙම අන්තර්ගතයට සමාන පෙලපොත් අන්තර්ගතයක් ඉන්දියාවේ පර්‍යේෂණ වාර්තාවක් ඔස්සේ ද අපට හමුවුණා. ඉන්දියාවේ පාසල් වල ඉංග්‍රීසි භාෂා පෙලපොත් තුළ ඇති සංස්කෘතික, ලිංගික සහ සමාජික නිරූපණයන් විශ්ලේෂණය කරමින්, සියලු දරුවන්ට සාධාරණ වන පරිදි පාඩම් පොත් සංස්කරණය කළ යුතු බව පෙන්වන එම පර්‍යේෂණයේ අදාල පෙලපොත් පිටුව අන්තර්ගත වන ආකාරය දැකගත හැකි වුණා. නමුත් මේ පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගොස් නොමැති බවත්, අප Factcrescendo ඉන්දීය කණ්ඩායම ද, තහවුරු කරනු ලැබුවා.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ මාධ්‍ය ලේකම්
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ මාධ්‍ය ලේකම් චතුරි පෙරේරා මෙනෙවියගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කලා. එහිදී ඇය තහවුරු කර සිටියේ ද මෙම අන්තර්ගතය සහිත පෙළපොත් පිටුව ශ්‍රී ලංකාවේ පාසල් පෙලපොතක පිටුවක් නොවන බවයි.
එසේම, නව ප්‍රතිසංස්කරණ යටතේ ඉදිරිපත් කොට ඇති මොඩියුල ඇතුළත් පෙළපොත්වල මේ ආකාරයේ මව්වරුන් දෙදෙනෙකු සහ දරුවෙකු හෝ පියවරු දෙදෙනෙක් හා දරුවකු සිටින පවුල් ආකෘතියක් දැක්වෙන කොටසක් නොමැති බව ද අවධාරණය කර සිටියා.
එසේම ඉහත ඡායාරූප සටහන මීට පෙර ද ලොව විවිධ ප්‍රදේශවල නොමඟ යවන සුළු අර්ථකථන යටතේ හුවමාරු වී තිබුණා. ඉන්දියාවේ තමිල්නාඩුවේ පෙළපොතක සමලිංගික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන අයුරු ලෙස මීට වසර කිහිපයකට පෙර ද ඒ ආකාරයේ නොමඟ යවන සුළු සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරන බව පෙන්වන අන්තර්ගතයක් සහිත බවට හුවමාරු වන පෙලපොත් පිටුව ලංකාවේ නව අධයාපන ප්‍රතිසංස්කරණ යටතේ පළකර ඇති පාසල් පෙලපොතක අන්තර්ගතයක් නොව, 2017 වසරේදී ඊජිප්තුවේ පෙළපොතක ඇතුළත් වී තිබු කොටසක් බවයි.
Title:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පෙළ පොතක අන්තර්ගත පාඩමක කොටසක් ද ?
Fact Check By: Pavithra HansaniResult: False








