දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ජාතික ජන බලවේගයේ ලෝක කම්කරු දිනයට සමගාමීව මැයි රැලි ස්ථාන 21 ක පැවැත්වූ අතර ඉන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කරමින් පැවැත් වූ සැමරුම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
Claim 1 :
“මාලිමාවේ නුවරඑළිය මැයි රැලියට ජන ගඟක්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වුණා. ඉන් අඟවා තිබුණේ, එය මෙවර නුවරඑළියේ පැවතුණු මැයි දින සැමරුමේ ඡායාරූපයක් ලෙසටයි.

මෙම තේමාවෙන් පළ වූ තව ත් ඡායාරූප සටහනක් පහතින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ “ජනරජයට – ජනබලයක්” යන තේමාවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මැයි රැලිය පසුගිය මැයි 01 වන දා නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මෙම අවස්ථාව පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා සියල්ල පාහේ වාර්තා කර තිබූ අතර, මෙම රැලියේ සජීවි අවස්ථා පරීක්ෂා කිරීමේදී හෝ, ඉහත සඳහන් ලෙස කැමරා කිරීම සඳහා අට්ටාලයක් ගසා ඇති බව හෝ එවැනි අට්ටාලයක් මත ඡායාරූප ශිල්පියෙකු සිටින බව ක් දැක ගන්නට නොලැබේ.
ජාතික ජන බලවේගයේ දිවයින පුරා ස්ථාන 21 ක සිදු කළ මැයි දින සැමරුමේ ඡායාරූප නිල ජාතික ජන බලවේගයේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ අතර නුවරඑළිය රැස්වීමට සමගාමීව පළ කරතිබූ ඡායාරූප නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, එම අවස්ථාව ආවරණය කරන ඡායාරූප ශිල්පීන්/ වීඩියෝ ශිල්පීන් සිටියේ ඉහත සඳහන් ආකාරයේ අට්ටලායක් මත නොව වේදිකාවේ ඉදිරිපස කොටසේ බිම බවයි.

නුවරඑළියේ මැයි රැලිය ලෙස පෙන්වන ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය කුමන අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් ද, යන්න පරීක්ෂා කිරීමට අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
ඒ අනුව මෙම ඡායාරූපය 2024 ජනාධිපතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් එවකට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛව 2024 සැප්තැම්බර් 10 වන දා කුරුණෑගල පැවති මහා රැලියේ අවස්ථාවකි.

මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය සටහන් පළ වූයේ, මෙවර පැවැත්වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැයි දින සැමරුමට සෙනඟ නොමැති බැවින් 2024 වසරේ ඡායාරූපයක් පෙන්වා ඇති බවයි.

කෙසේ වෙතත් මෙවර නුවරඑළිය මැයි දින සැමරුමේද, සෙනඟ රැස්ව තිබෙනු දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.
ඡායාරූප පහතින්.


Claim 2 :
මේ අතර තව ත්, සටහනක් පළ වුයේ “මේ ආණ්ඩුව හැදුවේ, මේ ආණ්ඩුව රකින්නේ, උතුරේ ජනතාවයි කදුකරයේ ජනතාවයි” යනුවෙන් ජනපති නුවරඑළිය පැවති මැයි රැලියේදී පැවසූ බවක් හඟවමින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ජනාධිපති අනුර කුමාර විසින් මෙවැනි ප්‍රකාශයක් මැයි දින සැමරුමේදී, ප්‍රකාශ කර තිබුණේ ද, යන්න පරීක්ෂා කිරීමේදී නුවරඑළියේ පැවති සැමරුමේ ජනපති විසින් සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය වෙත අපගේ අවදානය යොමු කරනු ලැබුවා.
“මේ ආණ්ඩුව හැදුවේ, මේ ආණ්ඩුව රකින්නේ, මේ ආණ්ඩුවට ජයග්‍රහණ ගෙනත් දෙන්නේ මේ රටේ ජනතාවයි” යනුවෙන් ප්‍රකාශයක් සිදු කරන අතර ඉහත සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දෙන ලෙස උතුරේ ජනතාව සහ කඳුකර ජනතාව පමණක් බව සඳහන් නොකරයි.
ජනපතිගේ එම ප්‍රකාශය පහතින්.
මෙවැනි සටහනක් ඉහත දක්වා ඇති ලෙස සිරස Newsfirst නිල ෆේස්බුක් පිටුවේ පළ වී ඇත් ද, යන්න අප පරීක්ෂා කරනු ලැබුවා. එ් අනුව එහි සඳහන් කර ඇත්තේ, “මේ ආණ්ඩුව හැදුවේ, මේ ආණ්ඩුව රකින්නේ, මේ ආණ්ඩුවට ජයග්‍රහණ ගෙනත් දෙන්නේ මේ රටේ ජනතාවයි” යනුවෙන් ජනපතිගේ ප්‍රකාශය දැක ගන්නට ලැබෙනවා.
ඒ අනුව පැහැදිලි වන්නේ, ඉහත සත්‍ය සටහන සංස්කරණය කරමින් “මේ ආණ්ඩුව හැදුවේ, මේ ආණ්ඩුව රකින්නේ, උතුරේ ජනතාවයි කදුකරයේ ජනතාවයි” යනුවෙන් අසත්‍ය සටහනක් Newsfirst පුවත් ආකෘතියෙන් නිර්මාණය කර ඇති බවයි.

අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න
Facebook| Twitter| Instagram| Google News| TikTok| Youtube


