
නව ජනාධිපතිතුමාගේ උපදෙස් මත අකර්මණ්‍යව තිබූ පොලිස් පාරසරික කොට්ඨාශයක නැවත පුනර්ජීවනය ලබාදී, කොළඹ නගරයේ මෙන්ම දිවයින පුරා කසල ඉවත් කිරීම නියමිත ලෙස සිදුවෙදැයි අධීක්ෂණය භාර දීමට ගත් තීරණය මහත් ජනතා ප්‍රසාදයට ලක්විය. මෙම තීරණයට සමාජ මාධ්‍ය ජාලා තුලින් මහත් ප්‍රචාරයක් ලැබුණි. දුම්රිය තුළ සිඟමන් යැදීම දෙසැම්බර් මස පළවෙනිදා සිට තහනම් කිරීමත් සමඟම කොළඹ නගරයට මහත් හිසරදයක්ව තිබෙන යාචකයන් පිළිබඳවද මාධ්‍ය මාධ්‍ය ජාලා තුල ප්‍රවෘත්ති මැවීමට පටන් ගත්තේය.
බොහෝ ප්‍රවෘත්ති වෙබ් අඩවි සිය සමාජ මාධ්‍ය ජාලා පිටු හරහා යාචකයන්ගේ ප්‍රශ්නය පිළිබඳව ප්‍රචාරයක් ගෙන ගියේය. “කොළඹ නගරයේ යාචකයන් ඉවත් කෙරේ-ඔවුන් රිදීගම යාචක රැඳවුම් මධ්‍යස්ථානයට” සිරස සහිතව ප්‍රවෘත්ති වාර්තාවක් ආයුබෝ නිව්ස් නමැති, ප්‍රවෘත්ති වෙබ් ජාලයක් සිය වෙබ් අඩවියේ සහ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවෙහි ඉදිරිපත් කර තිබුණි. කොළඹ නගරයේ සිඟමනේ යෙදෙන සියලු යාචකයින් අත්අඩංගුවට ගෙන, රිදියගම පිහිටුවා ඇති යාචක පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස. පොලිස් මුලස්ථානය විසින් කොළඹ පොලිස් ස්ථානයන් වෙත උපදෙස් දුන් බව ඉන් පැවසුනි.

Web Link | Archived Link |
මෙම පුවත ඇතුළත් තවත් සටහනක් රැසක්ම වෙබ් අඩවි කිහිපයක සහ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබෙනු අපට පහත පරිදි දැකගැනීමට හැකිවිය

මෙම ප්‍රවෘත්තියට සමානව වෙනත් වෙබ් අඩවි විසින් ද එවැනිම ප්‍රවෘත්ති ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. එමනිසා මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෑතක දී ආරම්භ කරන ලද රිදියගම සෆාරි උද්‍යානය සහ උණු වතුර ලිං සඳහා නමක් දරා සිටින රිදියගම යනු දක්ෂිණ ශ්‍රී ලංකාවේ හම්බන්තොට ආසන්නයේ පිහිටා ඇති කුඩා ග්‍රාමයකි
ඉහත පලව තිබු වෙබ් අඩවි සහ සමාජ ජාලා සටහන් රැසකටම වාගේ මුල් වී තිබුණේ පුවත්පක පළවූ ලිපියක් බව වැඩිදුර කරුණු පරික්ෂා කිරීමේදී අපට දැකගැනීමට හැකිවිය. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

Ceylon Today Link | Archived Link |
කෙසේ වෙතත් මෙසේ සංසරණය වන සටහන්හි සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීම සඳහා, පොලිස් මූලස්ථානයේ මාධ්‍ය හා මහජන සම්බන්ධතා කොට්ඨාශය සමඟ සම්බන්ධ වීමූ. මෙම ප්‍රවෘත්තීන් සම්බන්ධයෙන් එම කොට්ඨාශයේ අධ්‍යක්ෂක නීතිඥ රුවන් ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක්, ඔවුන් අප වෙත යොමු කරන ලදී. යාචකයන් අත්අඩංගුවට ගෙන රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන මෙන්, පොලිස් මූලස්ථානය විසින් පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇතැයි පවසමින් සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසරන ප්‍රවෘත්තිය අසත්‍ය බව ඉන් ප්‍රකාශ වී තිබුනේ පහත පරිදිය.
Ridiyagama-Beggars-False-Newsයාචකයින් රැගෙන ගොස් එවැනි කඳවුරක රඳවා තබන ලෙසට පොලිස් මූලස්ථානය මඟින් පොලිස් ස්ථාන වෙත කිසිඳු දැනුම් දීමක් සිදුකර නොමැති බව පොලිස් නිල ෆේස්බුක් පිටුව හරහාද දැනුම්දීමක් කර තිබුණේ මෙලෙසිනි.

Facebook Link | Archived Link |
අවසාන නිගමනය
“කොළඹ නගරයේ යාචකයන් ඉවත් කෙරේ-ඔවුන් රිදීගම යාචක රැඳවුම් මධ්‍යස්ථානයට” සිරස සහිතව ආයුබෝ නිව්ස් නමැති, ප්‍රවෘත්ති වෙබ් ජාලය ඉදිරිපත් කර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ අසත්‍ය බව පොලිස් මූලස්ථානයේ මාධ්‍ය ඒකකය මඟින් දැනුම් දී තිබේ.

Title:කොළඹ නගරයේ යාචකයන් රිදීගම යාචක රැඳවුම් මධ්‍යස්ථානයට ?
Fact Check By: Sahan PereraResult: False
