දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තොරතුරු හෙළි කළ බව කියන ‘කජ්ජා’ නමැති අන්වර්ත නාමයෙන් හැඳින්වූ අරුන විදානගමගේ ඝාතනය සමගින් ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ රියැදුරුව සිටි අවස්ථාවක ඡායාරූපයක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ අරුන විදානගමගේ (කජ්ජා) නමැති පුද්ගලයා නාමල් රාජපක්ෂ මහතාගේ රියැදුරු ව සිටි බවට දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ‘කජ්ජා’ සමගින් සිටින ඡායාරූපයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වූයේ මෙලෙසින්.
Facebook | Archived Link Facebook | Archived Link
මෙම ඡායාරූප සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.
මෙම ඡායාරූපයේ නිරවද්‍යතාව සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් ද , මුල් කරගනිමින් මෙහි සත්‍ය වශයෙන් ම සිටින්නේ අරුන විදානගමගේ සහ නාමල් රාජපක්ෂ මහතා ද, යන්න අප විමර්ශනය කිරීමට පියවර ගත්තා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
‘කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අරුණ විදානගමගේ නමැති පුද්ගලයා පසුගිය 18 වන දා රාත්‍රියේ යතුරු පැදියෙන් ගමන් කර සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබුණා. සිද්ධිය වන අවස්ථාවේ ඔහු සමගින් ගමන් කරමින් සිටි ඔහුගේ 6 හැවිරිදි දියණිය ද, ප්‍රහාරයෙන් තුවාල ලබා ජීවිතක්ෂයට පත් වූ අතර බරපතල තත්ත්වයෙන් පසු වූ ඔහුගේ 9 හැවිරිදි පුත්‍රයාද, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී තිබුණා.
මෙලෙසින් ජීවිතක්ෂයට පත් වූ අරුණ විදානගමගේ නමැත්තා ‘රාජපක්ෂ පවුල’ වෙනුවෙන් ඕනෑම මිනීමැරුමක් සිදුකරන ‘රාජපක්සගේ අලුගෝසුවා’ ලෙස හඳුන්වා තිබූ බව හෙළිදරව් කරමින් මීට වසරකට පමණ පෙර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදු කළ YouTube වැඩසටහනකට සහභාගී වී තිබුණා.
මේ හේතුවෙන් මෙලෙසින් මිය ගිය අරුණ විදානගමගේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ රියැදුරුව සිටි බවට හඟවමින් එවැනි අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් ලෙසට ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය දක්වා තිබූ බැවින් අප එම ඡායාරූපය සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කළා.
අරුණ විදානගමගේ නැත්නම් කජ්ජා ලෙසට හැඳින්වූ අයගේ ෆේස්බුක් ගිණුමේ ඔහුගේ ඡායාරූප පළ කර තිබූ අතර එම ඡායාරූප පරීක්ෂා කිරීමේදී ඉහත සමාජ මාධ්‍ය ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා හා වෙනස් බව දැක ගන්නට ලැබෙනවා.
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ කජ්ජා සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලෙස හඳුන්වා දී තිබූ ඡායාරූපයේ සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳ සිදු කළ පරීක්ෂාවේදී ඉහත ඡායාරූපයේ සිටින්නේ ඝාතනයට පත් කොට තිබූ අරුණ විදානගමගේ නොව නුවන් ලසන්ත විජේනායක නමැති පුද්ගලයෙකු බව අපට දැක ගන්නට ලැබුණා.්
එමෙන් ම 2022 වසරේ සිට නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඡායාරූප එම ෆේස්බුක් ගිණුම හරහා දැක ගන්නට ලැබෙන අතර නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ රියැදුරු අසුනේ නුවන් ලසන්ත විජේනායක සිටින ඡායාරූප ද, නිරීක්ෂණය වුණා. එම ඡායාරූප කිහිපයක් පහතින්.
කජ්ජා ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ සිටින්නේ, කජ්ජා නොව වෙනත් පුද්ගලයෙක් බව ත්, නුවන් ලසන්ත විජේනායක නමැති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සිටින පුද්ගලයා තමන්ගේ ඡායාරූප අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් ඉපලෝගම පොලීසිය වෙතට ද, පැමිණිල්ලක් යොමු කළ ඡායාරූපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ, දැක ගන්නට ලැබුණා.
කෙසේ වෙතත් මෙම පැමිණිල්ලේ ඡායාරූපයේ දක්වා තිබූ තොරතුරු අනුව, එම පැමිණිල්ල සිදු කර තිබුණේ, ඉපලෝගම පොලිස් ස්ථානය බැවින්, අප එම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට පියවර ගත්තා.
ඉපලෝගම පොලිස් ස්ථානාධිපති
අප මේ පිළිබඳව ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිගෙන් විමසීමක් කළ අතර, ඔහු තහවුරු කළේ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ රියැදුරු බවටත්, එම රියැදුරුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කරමින් කජ්ජා නමැති පුද්ගලයා බවට තමන් ව හඳුන්වා ඇති බවට ත් දක්වමින්, සමාජ මාධ්‍ය ඡායාරූපයේ පළ වන ඡායාරූපයද යොමු කරමින් එන්. එල් විජේනායක නමැති පුද්ගලයෙක් පැමිණිල්ලක් හා ලිපියක් ඉදිරිපත් කළ බවයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ
මේ සම්බන්ධයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ද අප විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ ‘කජ්ජා’ ලෙස දක්වමින් තමන් සමගින් සිටින ඡායාරූපයේ දැක්වෙන්නේ මේ වන විටත් තමන්ගේ රියැදුරු ලෙස කටයුතු කරන නුවන් ලසන්ත විජේනායකගේ ඡායාරූපයක් බව ත්, මෙවැනි අසත්‍ය තොරතුරු පැතිර වීම මගින් ඇතැම් පිරිස් විමර්ශනයන් වෙනත් දිශාවකට යොමු කිරීමට උත්සාහ කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
එමෙන් ම තමන්ගේ රියැදුරු විසින් මේ පිළිබඳ ඉපලෝගම පොලීසිය වෙත යොමු කළ පැමිණිල්ල සහ ඔහු විසින් පොලිස් ස්ථානාධිපති වෙත යොමු කළ ලිපියක් ද, මන්ත්‍රීවරයා අප වෙත යොමු කරනු ලැබුවා.
එම ලිපියේ නාමල් රාජපක්ෂ මහතාගේ රියදුරු සඳහන් කර තිබුනේ, තමන් නාමල් රාජපක්ෂ මහතාගේ රියැදුරු බවත්, සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබූ ඡායාරූපයක් ගෙන තමන් කජ්ජා ලෙසට හඳුන්වමින් දේශපාලන වාසි තකා තමන්ගේ ඡායාරූපය අවභාවිත කරමින් නාමල් රාජපක්ෂ මහතාට මඩ ගැසීම සිදු කරන බව ත්, මේ සම්බන්ධයෙන් තමන් පොලීසිය වෙත පැමිණිල්ලක් කළ බවකි.
තවද මෙම ඡායාරූප අවභාවිතය හේතුකොටගෙන තමාට ජීවිත අවධානමක් මෙන්ම සමාජයේ විවිධ චෝදනාවන්ට හා විවේචනයන්ට හා බලපෑම් වලට ලක් වෙමින් පවතින බවත් මේ හේතුවෙන් සිය බිරිඳට සහ දරුවන්ට ද ජීවිත තර්ජනයක් එල්ල වීමට ඉඩ ඇති අතර මෙමගින් සමාජ විරෝධයක් සහ අපකීර්තියක් ද එල්ල විය හැකි බව ට එහි සඳහන් වේ.
එහි වැඩිදුරටත් දක්වා තිබුණේ, එම ඡායාරූපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද සිටින බැවින්, ඒ මහතාගේ කීර්ති නාමයට හානි වනවා මෙන්ම, සමාජ විරෝධයක් සහ තර්ජනයක් එල්ල විය හැකි බවයි.
ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවෙති යොමු කළ එම ලිපිය පහතින්.
N-L-Wijayanayaka-Leter_250220_205434අප මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා නුවන් ලසන්ත විජේනායකව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එම උත්සහය ව්‍යර්ථ විය. ඔහු මේ සම්බන්ධයෙන් දක්වන අදහස් සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
සැ.යු : අප මෙහි කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සම්බන්ධයෙන් පමණකි.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දී ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ‘මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔහුගේ රියැදුරු වූ කජ්ජා සමගින් සිටින ඡායාරූපයක්’ බවට හඟවමින් පළ කර තිබෙන ඉහත ඡායාරූපයේ සිටින්නේ ‘කජ්ජා’ යන අන්වර්තනාමයෙන් හැඳින් වූ අරුන විදානගමගේ ගේ ඡායාරූපයක් නොවන බවත්, එහි සිටින්නේ නාමල් රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස කටයුතු කරන නුවන් ලසන්ත විජේනායක බවයි.
