බටහිර රටවලට එරෙහිව ඊබ්‍රහීම් ට්‍රාඕරේ සිදු කළ සත්‍ය කතාවක් ද?

False International Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

බටහිර රටවල් විසින් ලෝකයේ දුප්පත් නැතිනම් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා නන් අයුරින් බලපෑම් එල්ල කරනු ලබනවා. මීට එරෙහිව සමාජයේ හඬක් නගන නායකයෝ නැති තරම්. එම තත්ත්වය එසේ තිබියදී, වත්මන් බුර්කිනා පාසෝ නායකයා සම්බන්ධයෙන් තම රට වෙනුවෙන් නගන හඬ මුළු ලොවකගේ අවධානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. එම නිසාම ඒ ඔස්සේ නොමග යන සුළු ප්‍රකාශ, සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එවැනි සටහනක සත්‍යතතු සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියරව ගනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

බටහිර රටවල රෙදි ගලවපු අප්‍රිකානු නායකනයාගේ කතාව යනුවෙන් සඳහන් කරමින් ඊබ්‍රහීම් ට්‍රාඕරේ, බුර්කිනා පාසෝ නායකයා විසින් සිදු කරන කතාවක් ලෙසට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

ලෝක අධිකාරිය මෙහෙයවන බලවත් රටවලට එරෙහිව ඔහු විසින් සිදු කරන කතාවක් මෙම වීඩියෝවෙන් පෙන්වා දෙන අතර එහිදී  ඔහු පෙන්වා දෙන්නේ, CNN, BBC, France24 සහ අනෙකුත් බටහිර මාධ්‍ය විසින් සියවස් ගණනාවක් පුරා මාධ්‍ය හසුරවමින් අප්‍රිකාව සම්බන්ධයෙන් අසත්‍ය මතයක් ගොඩ නගන බවයි. අප්‍රිකාව ලෙසින් කියු සැනින් මෙම රටවල් සෑමදෙනාටම පෙන් වූ ප්‍රතිරූපය වන්නේ, මැස්සෝ වාහන ළමයි, වියළි බම්, ආයූද, මරණය වැනි ඡායාරූප වීඩියෝ වන අතර අප්‍රිකාව කියන්නේ සාර්ථකත්වය නොමැති බව, රටෙහි දියුණුවක් නොමැති බව, ප්‍රතිරෝධයක් නොමැති බව, ගෞරවයක් නොමැති බව, අභිමානයක් නොමැත යනුවෙන් බව ත්, නමුත් එය එසේ නොවන බව ත්, අප්‍රිකාවේ තුළ සිදු කළ ආයෝජන හරහා ප්‍රතිලාභ ලබන අයුරු ත් ඔහු මෙහි සඳහන් කරන බව ක් දැක ගන්නට ලැබෙනවා.

Facebook

මෙම වීඩියෝ බහුලව සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුමවාරු වී තිබුණේ මේ අයුරින්.

මෙය සත්‍ය වීඩියෝවක් ද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

බුර්කිනා ෆාසෝ රටේ ජනාධිපති වන ඊබ්‍රහීම් ට්‍රාඕරේ විසින් සිදු කරන ප්‍රකාශයන් මෙන් ම ඔහුගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ජාත්‍යනන්තර මාධ්‍ය වාර්තා නිරන්තරයෙන් පළ වන බැවින් සැබවින්ම ඔහු විසින් සත්‍ය වශයෙන් ම එවැනි කතාවක් සිදු කළේ ද, යන්න අප ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හරහා පරීක්ෂා කරනු ලැබුවා. ඉහත කතායේ ඔහු පෙන්වා දෙන බවට හඟවන ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වල ද, ට්‍රාඕරේ විසින් සත්‍ය වශයෙන් මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ නම්, ඒ පිළිබඳව වාර්තා වීමක් හෝ ප්‍රතිචාරයක් දැක්විය යුතු නමුත් අපට එවැනි ජාත්‍යන්තර මාධ්‍යයක වාර්තාවක් හෝ පළ වී නොමැති බව දැක ගන්නට ලැබුණා.

එමෙන් ම 1988 මාර්තු 14 වන දා උපත ලැබූ ඊබ්‍රහීම් ට්‍රාඕරේට මේ වන විට වයස අවුරුදු 37ක් විය යුතු අතර මේ දිනවල පළ වන ඉහත වීඩියෝවේ ඔහු විසින් සඳහන් කරනු ලබන්නේ වයස 34ක් බවයි.

කෙසේ වෙතත් අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කල අතර මෙම වීඩියෝව බොහෝ සමාජ මාධ්‍ය වේදිකාවල හුවමාරු වී ඇති බව දැක ගන්නට ලැබුණු අතර ප්‍රධාන මාධ්‍ය ධාරාවන්ට අයත් විශේෂයෙන් ම Youtube නාලිකා ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල හෝ මෙම වීඩියෝව පළ කර නොමැති බව ද, පරීක්ෂා විය.

මේ අතර අපගේ අවධානය යොමු වූයේ Univers Inspirant නමැති Youtube නාලිකාවක ඊබ්‍රහීම් ට්‍රාඕරේ විසින් සිදු කරන ප්‍රකාශයන් ලෙස මෙන් ම ඔහු හා සම්බන්ධ වීඩියෝ බහුල වශයෙන් පළ වූ නාලිකාවක් වෙතයි. මෙම නාලිකාවේ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව පසුගිය මැයි 25 වන දා පළ කර තිබෙනු දක්නට ලැබුණා.

එමෙන් ම මෙම වීඩියෝ සම්බන්ධ විස්තරයේ(Description) වැදගත් දැනුම්දීමක් ලෙස සඳහන් කර තිබෙනු අපට නිරීක්ෂණ වූ අතර එහි දක්නට ලැබුණේ, ඊබ්‍රහීම් ට්‍රාඕරේගේ ජීවිතයෙන් ආභාෂය ලැබුවද, මෙම වීඩියෝවේ අන්තර්ගතය ප්‍රබන්ධයක් බවයි.

එහි වැඩිදුරටත් ඉංග්‍රීසි බසින් සඳහන් වූ තොරතුරු වල සිංහල අරුත නම්, මෙම වීඩියෝවේ පෙන්වන සිදුවීම් සහ සංවාද සැබෑ නොවන අතර කලාත්මක නිර්මාණ ක්‍රියාවලියක කොටසක් වන බව ත්, හුදෙක් මෙම වීඩියෝව විනෝදාස්වාද අරමුණු සඳහා පමණක් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධ අන්තර්ගතයක් වන අතර අන්තර්ගතය සැබෑ සිදුවීම් වලින් ආභාෂය ලබා ගත හැකි වුවද, නිරූපණය කර ඇති සියලුම තත්වයන්, සංවාද සහ චරිත ප්‍රබන්ධ බවයි. ඉබ්‍රහිම් ට්‍රෝරේගේ ජීවිතයෙන් ආභාෂය ලැබුවද, පෙන්වන සිදුවීම් සහ සංවාද සැබෑ නොවන අතර කලාත්මක නිර්මාණ ක්‍රියාවලියක කොටසක් වන බව ත්,  කිසිදු සැබෑ පුද්ගලයෙකුට හෝ ආයතනයකට සෘජු සම්බන්ධයක් මින් අදහස් නොකෙරෙන බව ත් දක්වා තිබේ. 

තව ද, මෙම වීඩියෝවේ අන්තර්ගතය සාදන ලද ආකාරය සම්බන්ධයෙන් දක්වා තිබුණේ, මෙය ශබ්ද හෝ දෘශ්‍ය ලෙස සංස්කරණය කරමින් හෝ ඩිජිටල් ආකාරයෙන් ජනනය කර ඇති බවයි.

එමෙන් ම ඊබ්‍රහීම් ට්‍රාඕරේ සම්බන්ධ එම Youtube නාලිකාවේ පළ වී තිබූ වීඩියෝ සියල්ලම වගේ වීඩියෝවට සම්බන්ධ විස්තරයේ සඳහන් කර තිබුණේ, මෙම වීඩියෝ හුදෙක් විනෝදස්වාදය සඳහා ඩිජිටල් ආකාරයෙන් නිර්මාණය කර ඇති ප්‍රබන්ධ වීඩියෝ බවයි. එවැනි වීඩියෝ කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඊබ්‍රහීම් ට්‍රාඕරේගේ වීඩියෝවේ දැක්වෙන ඇතැම් කරුණු ඔහු විසින් සත්‍ය වශයෙන් ම ක්‍රියා කර ඇති අතර ඔහු විසින් බටහිර රටවල යටත් විජිත විරෝධය ද පළ කර තිබේ.

ඊබ්‍රහීම් ට්‍රාඕරේ

ඊබ්‍රහීම් ට්‍රාඕරේ බටහිර අප්‍රිකාවේ රටක් වන බුර්කිනා ෆාසෝහි 2022 සිට ජනාධිපති ලෙස සේවය කරන බුර්කිනාබේ හමුදා නිලධාරියෙකු මෙන් ම දේශපාලනඥයෙකි. 2022 සැප්තැම්බර් මාසයේදී ට්‍රෝරේ බුර්කිනා ෆාසෝහි පාලනය සියතට ගනු ලැබුවා. මොහු දැනට ලෝකයේ දෙවන ලාබාලතම රාජ්‍ය නායකයා වේ.

ඊබ්‍රහීම් ට්‍රාඕරේට ගෝලීය අවධානය වැඩි වශයෙන් හිමි වූයේ, විශේෂයෙන් ඔහුගේ යටත් විජිත විරෝධී ස්ථාවරය හේතුවෙනි. 

ඊබ්‍රහීම් ට්‍රාඕරේ බටහිර අධිරාජ්‍යවාදයේ සහ නව යටත් විජිතවාදයේ ග්‍රහණයෙන් තම ජාතිය නිදහස් කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින සර්ව අප්‍රිකානු නායකයෙකුගේ පෞරුෂය දක්ෂ ලෙස ගොඩනඟා ගෙන ඇති බව BBC  මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම “අප්‍රිකාවේ චේ ගුවේරා” ලෙස ඔහුව හඳුන්වන බව ද, මාධ්‍ය වාර්තා පෙන්වා දේ.

ඔහු 2022 දී කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමෙන් පසු, ට්‍රාඕරේගේ පාලන තන්ත්‍රය රුසියාව සමඟ ශක්තිමත් සන්ධානයකට පක්ෂව හිටපු යටත් විජිත බලවතා වූ ප්‍රංශය අතහැර දැමූ අතර, එයට රුසියානු පැරාමිලිටරි බලකායක් යෙදවීම ඇතුළත් වූ අතර වාමාංශික ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කර ඇති බවට වාර්තා වේ.

මෙයට රජය සතු පතල් සමාගමක් පිහිටුවීම ඇතුළත් වූ අතර, විදේශීය සමාගම්වලට ඔවුන්ගේ දේශීය මෙහෙයුම්වල 15% ක කොටස් ලබා දීමට සහ බුර්කිනාබේ ජනතාවට කුසලතා මාරු කිරීමට අවශ්‍ය විය.

මෙම රීතිය රුසියානු පතල් කම්කරු නෝර්ඩ්ගෝල්ඩ්ට ද අදාළ වූ අතර, බුර්කිනා ෆාසෝ හි රන් කර්මාන්තයේ නවතම ආයෝජනය සඳහා අප්‍රේල් අග දී බලපත්‍රයක් ලබා දෙන ලදී.

ට්‍රාඕරේ එහි ඛනිජ සම්පත්වලින් බුර්කිනා ෆාසෝ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා රන් පිරිපහදුවක් ගොඩනඟමින් ජාතියේ ඉතිහාසයේ පළමු වතාවට ජාතික රන් සංචිත ස්ථාපිත කරමින් සිටී.

ජුන්ටාව ලන්ඩනයේ ලැයිස්තුගත සමාගමක් විසින් කලින් හිමිකරගෙන සිටි රන් පතල් දෙකක් ද ජනසතු කර ඇති අතර, පසුගිය මාසයේ ප්‍රකාශ කළේ තවත් විදේශීය හිමිකාරීත්වය සහිත පතල් පාලනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

දකුණු අප්‍රිකාවේ ආරක්ෂක අධ්‍යයන ආයතනයේ පර්යේෂකයෙකු බීබීසීයට පවසා තිබුණේ, ට්‍රාඕරේගේ රැඩිකල් ප්‍රතිසංස්කරණ අප්‍රිකාවේ ඔහුගේ ජනප්‍රියතාවය වැඩි කර ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok 

Avatar

Title:බටහිර රටවලට එරෙහිව ඊබ්‍රහීම් ට්‍රාඕරේ සිදු කළ සත්‍ය කතාවක් ද?

Fact Check By: Pavithra Sandamali 

Result: False


Leave a Reply