දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
තෙළිඟු සිනමාවේ ජනප්‍රියම නළු නිළියන් අතර සිටින රංගන ශිල්පිනියක් වන කාජල් අගර්වාල් ට මෙරට ද, රසික රසිකාවියන් පිරිසක් සිටිනවා. මේ අතර අගර්වාල් මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් මෙන් සටහන්, ඡායාරූප සහ වීඩියෝ පැතිරුණු අතර මෙහි සත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
කාජල් අගර්වාල් රිය අනතුරකින් මිය ගිය බවට හඟවමින් ඇයගේ දේහය රැගෙන අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණේ මෙලෙසින්.
එමෙන් ම TikTok ඔස්සේ ද, වීඩියෝ, ඡායාරූප බහුලව පළ වූයේ ඇය මිය ගිය බව ට හා ඇය මිය යෑම හේතුවෙන් ඇයගේ ක්ෂේත්‍රයේ පිරිස් ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථා බවට දක්වමින්.
සත්‍ය වශයෙන් ම ඇය මිය ගිහින් ද යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂා කිරීමට කටයුතු කළේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
තෙළිඟු සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අගර්වාල් රිය අනතුරකින් මිය ගිය බවට ඉන්දියාවේ මෙන් ම මෙරට සමාජ මාධ්‍ය පරිශීලිකයින් අතර ද, බහුලව හුවමාරු වී තිබුණා.
නමුත් ඇය රිය අනතුරකය මෑතකදී මුහුණ පෑ බවට හෝ ඇය මිය ගිය බවට කිසිදු ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොතිබුණි. සමාජ මාධ්‍ය ජාලා වල පෙන්වා දෙන පරිදි ඇය මිය ගොස් ඇත්නම් එය අනිවාර්යයෙන් ම ප්‍රධාන පුවතක් ලෙස වාර්තා විය යුතුයි. ඒ අනුව ඇය මිය ගිය බවට වන පුවතේ විශ්වසීනියත්ව ය පිළිබඳ සැකයක් මතුවේ.
එමෙන් ම ඇයගේ ක්ෂේත්‍රෙය් කිසිවෙකු හෝ අගර්වාල් මිය ගිය බවට ඔවුන්ගේ කිසිදු නිල සමාජ මාධ්‍ය ගිණුමක ශෝකය පළ කරමින් හෝ සඳහන් කර නොතිබුණි. සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දී තිබුණේ, ක්ෂේත්‍රයේ පිරිස් වෙනත් අවමංගල්‍ය අවස්ථාවන් වලට සහභාගි වී තිබූ අවස්ථාවල වීඩියෝ සහ ඡායාරූප වේ.
තව ද, ඇය මිය ගිය බවට දක්වා තිබුණු වීඩියෝ, ඡායාරූප වල කාජල් අගර්වාල්ගේ සත්‍ය රූපය දැක ගන්නට නොලැබේ. එමෙන් ම ඇයගේ දේහය ගෙන යන අවස්ථාව බවට දක්වා තිබූ වීඩියෝවේ ද, ඇයගේ දේහය ඉන්දියානු සම්ප්‍රදායට අනුව නොව මිනී පෙට්ටියක, විදේශිකයින් පිරිසක් ගෙන යන ආකාරය දැක්වේ.
එම වීඩියෝවේ 2023 වසරේ දී ත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති අයුරු දැක ගන්නට ලැබුණත්, එහි මුල් අවස්ථාව කුමක් ද යන්න පිළිබඳ සොයා ගැනීමට නොහැකි වුණි.
@badussywarofficer♬ original sound – cupcakkesbussylice
තව ද, එම වීඩියෝව මීට පෙරද, ඇතැම් පිරිසක් මිය ගිය බවට දැක්වීමට අවභාවිත කර ඇති අයුරු ද දැක ගන්නට ලැබේ.
Also Read : සජීවි සංදර්ශනයක් අතරතුර ඔර්කා තල්මසෙක් පුහුණුකාරිය මරා දැමුවා ද?
අගර්වාල්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කිරීමේදී ඇයගේ නිල Facebook ගිණුමේ මෙන් ම, ඇයගේ Instagram සමාජ මාධ්‍ය ගිණුම් වල අවසන් වතාවට පසුගිය අගෝස්තු මස 29 වන දා යාවත්කාලීන කර තිබූ අතර ඇය සිය පවුලේ සාමාජිකයන් සමග මාලදිවයිනේ සංචාරයක යෙදී ආකාරය දැක ගන්නට ලැබේ.
එමෙන් ම අප මේ පිළිබඳ Factcrescendo India අප කණ්ඩායම ද, තහවුරු කළේ, කාජල් අගර්වාල් මිය ගිය බවට කිසිදු නිල තොරතුරක් නොවන බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
තෙළිඟු නිළි කාජල් අගර්වාල් රිය අනතුරකින් මිය ගිය බවට දක්වා තිබූ සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වන අතර ඇය මිය ගොස් ඇති බවට හෝ රිය අනතුරකට මුහුණ දී ඇති බවට කිසිදු ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ධාරා හෝ වාර්තා කර නොතිබුණි. එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දෙන පරිදි ඇයගේ ක්ෂේත්‍රයේ කිසිවෙකු හෝ ඇය මිය ගිය බවට හෝ ඇයගේ අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වූ බවට දක්වා නොමැත.
Title:තෙළිඟු සිනමා නිළි කාජල් අගර්වාල් මිය ගිහින් ද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading


