එක්සත් ජාතික මණ්ඩලයේ චේ ගුවේරාගේ කතාව වචන 3කට පමණක් සීමා වුණාද ?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රධාන චරිත අළලා පළ වන වීඩියෝ, ඡායාරූප ඇතැම් අවස්ථාවල සංස්කරණය කර ඇති ඒවා වනවා. මෙවා ඔස්සේ බොහෝ අවස්ථාවල නොමග යවන සුළු ප්‍රකාශ අසත්‍ය තොරතුරු ගම්‍ය වනවා. එලෙසින් සංස්කරණය කර ඇති වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“1964 එක්සත් ජාතීන්ගෙ සැසිවාරය වචන තුනකින් ඇමතූ චේ 

-මවුබිම නැත්නම් මරණය -” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

එම සටහනේ දක්වා ඇති වීඩියෝවේ පෙනෙන ආකාරයට, චේ ගුවේරා විසින් අන්තර්ජාතික සමුළුවක දී දිගු කතාවක් සිදුකරනු වෙනුවට සමුළුව, වේදිකාවට පැමිණ “Patria o Muerte” – Homeland or Death  (1964) ..මවුබිම නැත්නම් මරණය’ යනුවෙන් කෙටි වැකියක් පවසා නැවත වේදිකාවෙන් බැස යන ආකාරයක් දැක ගන්නට ලැබෙනවා.

Facebook | Archived Link

එම තේමාවෙන් පළ වූ තව ත් වීඩියෝවක් මෙතනින්. Archived Link

මෙහි  නිර්වද්‍යතාව පරීක්ෂා කරන බලන ලෙස අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අප මේ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා මාක්ස්වාදී විප්ලවවාදියෙකු වූ අර්නස්ටෝ චේ ගුවේරා විසින් ඉහත දක්වා ඇති ලෙස වචන කිහිපයකට සීමා වූ කතාවක් සිදු කර ඇත්දැයි යන්න අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

මෙහි සඳහන් ලෙස 1964 දී ඔහු විසින් ස්පාඥ බසින් Patria o Muerte  (නිජබිම නැත්නම් මරණය) යනුවෙන් ප්‍රකාශය ඇතුළත් කතාවක් සිදු කර තිබුණේ, 1964 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී කළ කතාවකදී බව දැක ගන්නට ලැබුණා. 

චේ ගුවේරාගේ එක්සත් ජාතීන්ගේ කතාව පැයක පමණ කාලයක් දීර්ඝයි

නමුත් එහිදී වචන කිහිපයකට සීමා වූ කතාවක් චේගුවේරා විසින් සිදු නොකරන අතර 1964 දෙසැම්බර් 11 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චේගුවේරාගේ සම්පූර්ණ ප්‍රකාශය පැයක පමණ කාලයක් පවත්වා තිබුණා.

මේ සම්බන්ධයෙන් චේ විසින් සිදු කරන ලද ප්‍රකාශයන් ඇතුළත් ශ්‍රව්‍ය ගොනුවක මෙම කතාව පැයක් සහ තත්පර හතළිස් පහක් ලෙස ලැයිස්තුගත කර තිබුණේ මෙලෙසින්. Archived Link

කෙසේනමුත් ඇතැම් ස්ථානවල චේගේ සම්පූර්ණ කතාවෙන් තත්පර 30ක පමණ කාලයක් උපුටා ගැනීම් පමණක් දක්වා තිබුණේ මෙලෙසින්. මේ හේතුවෙන් ඉහත වීඩියෝවට ද එවැනි කොටසක් යොදාගත් බවක් පෙනී යනවා.

එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් YouTube නාලිකා වලින් වීඩියෝ පළ කර තිබූ චේගේ එම කතාව අඩංගු උපුටා ගැනීම් වීඩියෝ විනාඩි 6.27 ක් ලෙස සීමා කොට දක්වා තිබුණා. එම වීඩියෝව පහතින්.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් චේ ගුවේරා සිදු කළ කතාව

චේ ගුවේරා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අධිරාජ්‍යවාදය හෙළා දකින සහ කියුබානු විප්ලවය ආරක්ෂා කරමින් කතාව පවත්වා ඇති අතර ඔහු එක්සත් ජනපදයට ආක්‍රමණශීලීත්වය, ආර්ථික අවහිර කිරීම් සහ ලතින් ඇමරිකාවේ මැදිහත්වීම් සම්බන්ධයෙන් චෝදනා කර තිබුණා. එමෙන් ම අප්‍රිකාවේ, ආසියාවේ සහ පලස්තීනයේ විමුක්ති ව්‍යාපාර සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කරමින් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය සහ එක්සත් ජනපදයේ වාර්ගික වෙනස්කම් කිරීම් ද චේ හෙළා දැක තිබුණා. 

මෙම අරගල යටත් විජිතවාදයට සහ පීඩනයට එරෙහි පුළුල් සටනට සම්බන්ධ කරමින් සාමකාමී ක්‍රම අසාර්ථක වුවහොත් පීඩිත ජනතාවට ආයුධ අතට ගැනීමට අයිතියක් ඇති බව ඔහුගේ කතාව අවධාරණය කළ අතර, ඔහුගේ වචන කියුබාව ආරක්ෂා කිරීමක් සහ ගෝලීය විප්ලවවාදී එක්සත්කම සඳහා කැඳවීමක් බවට පත් කර තිබුණා. චේගුවේරා විසින් සිදු කරන ලද සම්පූර්ණ කතාව මෙතනින් සහ මෙතනින්.  Archived Link

“පැට්‍රියා ඕ මුවර්ටේ”(නිජබිම හෝ මරණය)  නමැති වාක්‍ය කණ්ඩය චේ ගුවේරාගේ ප්‍රකාශයක් නොවේ

තව ද, “පැට්‍රියා ඕ මුවර්ටේ”(නිජබිම හෝ මරණය)  නමැති වාක්‍ය කණ්ඩය ප්‍රථම වරට 1960 මාර්තු මාසයේදී ලා කූබ්‍රේ පිපිරීමෙන් පසු හවානාහි පැවති කතාවකදී ෆිදෙල් කැස්ත්‍රෝ විසින් ප්‍රකාශ කර ඇති අතර පසුව චේගුවේරා විසින් 1964 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මෙම වාක්‍ය ඛණ්ඩය ප්‍රකාශ කිරීමක් සමග මෙය ජනප්‍රිය වී ඇති අතර එය කියුබානු විප්ලවයේ සංකේතාත්මක සටන් පාඨයක් බවට පත් වී තිබේ. ඒ සම්බන්ධයෙන් පළ වන වාර්තා මෙතනින් සහ මෙතනින්.

කියුබානු විප්ලවවාදියෙකු සහ දේශපාලනඥයෙකු වූ ෆිදෙල් කැස්ත්‍රෝ 1959 සිට 2008 දක්වා කියුබාවේ නායකයා විය. චේගුවේරා යනු ආර්ජන්ටිනාවේ මාක්ස්වාදී විප්ලවවාදියෙකු සහ වෛද්‍යවරයෙකු වූ අතර ඔහු කැස්ත්‍රෝ සමඟ කියුබානු විප්ලවයේ ප්‍රධාන චරිතයක් විය. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ චේ ගුවේරා විසින් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සිදු කරන කතාව වචන 3ක කතාවක් කළ බවට දක්වමින් පළ කරන ලද සංසන්දනාත්මක වීඩියෝව නොමග යන සුළු වේ. චේ ගුවේරා විසින් සිදු කරන සම්පූර්ණ කතාව පුරා පැයක පමණ දිගු කතාවකින් ඔහු විසින් සිදු කරන වාක්‍ය කණ්ඩයක් පමණක් ගෙන සංස්කරණය කර ඇති වීඩියෝවක් මෙලෙසින් ඔහු විසින් සිදු කරන ලද්දේ වචන 3ක කතාවක් බවට දක්වා තිබුණා.

Avatar

Title:එක්සත් ජාතික මණ්ඩලයේ චේ ගුවේරාගේ කතාව වචන 3ක් පමණයිද ?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *