දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙක් සමූල ඝාතනය කිරීම පිළිබඳව ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව CID පරීක්ෂණ පැවැත්වෙන බවට සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නැතිවූ රත්රන් තොගයක් සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට හා ජගත් ඩයස්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණා. එහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් අප විසින් සිදුකළ කරුණු පරික්ෂාව පහතින්.
Claim 1
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts :

අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.



Facebook Facebook Facebook Facebook Instagram Instagram Facebook
අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරුවී තිබීම නිසා මෙහි සත්‍යා සත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා.
Fact check (කරුණු විමර්ශනය කිරීම)
වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පුද්ගලයන් සමූලඝාතනය කිරීම සම්බන්ධයෙන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් මෙරට තුළ එවැනි අපරාධ පරීක්ෂණයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිය යුතුය. අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ එවැනි පරීක්ෂණයක් සිදුවන බවට නිල වශයෙන් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් වාර්තා කර නොමැති බවයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
අප විසින් මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් විසින් සඳහන් කළේ, එවැනි විමර්ශනයක් සම්බන්ධයෙන් මේ වන තුරු වාර්තා වී නොමැති බවයි.
හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේ දී ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බවයි.
Asian Mirror ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දක් නොවේ
ඉහත සටහන Asian Mirror පුවත් ආකෘතිය ව්‍යාජ ලෙස භාවිත කරමින් සකස් කර ඇති සටහනක් බවත් එය Asian mirror නිකුත් කරන ලද්දක් නොවන බවත් දක්වමින් එම ආයතනය විසින්, ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණා.

Claim 2
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නැතිවූ රත්රන් තොගයක් සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට හා ජගත් ඩයස්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fact check (කරුණු විමර්ශනය කිරීම)
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නැතිවූ රත්රන් තොගයක් සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට හා ජගත් ඩයස්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිය යුතුයි. යුද්ධය අවසන් වීමෙන් පසු එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර මූල්‍ය ප්‍රධානී කුමාරන් පත්මනාදන් (KP) සතුව තිබූ රත්තරන් ටොන් ගණනකට සිදු වූ දේ සෙවීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2026 ජූනි මාසයේදී පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්. කෙසේ නමුත් එම කිසිඳු වාර්තාවක් තුළ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නැතිවූ රත්තන් තොගයක් සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට සහ ජගත් ඩයස්ට එරෙහිව විශේෂයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට වාර්තා කර නැහැ.
News 1st මගින් එවැන්නක් වාර්තා කර නැහැ
අදාළ සටහන සිරස News 1st ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර, ඒ හේතුවෙන් එවැන්නක් News 1st හි වාර්තාකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. කෙසේ නමුත් එහිදී අපට නිරීක්ෂණය කළ හැකිවූයේ, එවැනි සටහනක් News 1st නිල ෆේස්බුක් පිටුව තුල පළ කර නොමැති බවයි. එමෙන් ම News 1st ඩිජිටල් කළමණාකාරු විසින් ද, තහවුරු කළේ, මෙවැනි පුවතක් ඔවුන් විසින් වාර්තා කර නොමැති බව ත්, ඒ පිළබඳ සමාජ මාධ්‍ය සටහනක් හෝ පළ කර නොමැති බවයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය
අප විසින් මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් විසින් සඳහන් කළේ, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නැතිවූ රත්රන් තොගයක් සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට හා ජගත් ඩයස්ට එරෙහි එවැනි විමර්ශනයක් සම්බන්ධයෙන් මේ වන තුරු වාර්තා වී නොමැති බවයි.
හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේ දී ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය සටහනක් බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙක් සමූල ඝාතනය කිරීම පිළිබඳව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව CID පරීක්ෂණ පැවැත්වෙන බවට සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නැතිවූ රත්රන් තොගයක් සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට හා ජගත් ඩයස්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සහ හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් තහවුරු කර තිබෙනවා.


