මහ බැංකු අධිපති “රටේ ආර්ථිකය සුන්” බවට මන්ත්‍රීවරුන්ට ප්‍රකාශයක් කරාද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

රටේ ආර්ථිකය කඩන් වැටෙන බවට ත්, ඊට වගකිව යුතු වන්නේ ආණ්ඩුව බවට මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුණා. මෙවැනි ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

එම සටහනේ වැඩිදුරටත් සඳහන් වූයේ මෙලෙසින්.

රටේ ආර්ථිකය සුන්.. නන්දලාල් පලමුවරට පිලිගනීඅද මහ බැංකු අධිපති පාර්ලිමේන්තුවට ආවා අස්සේ මන්ත්රීවරුන් නන්දලාල්ව වටකරගෙන ප්රශ්ණ ඇහුවා… “මහ බැංකු අධිපතිතුමා රටේ ආර්ථික වැටෙනවාද? රටට කියන්න ඔබතුමාට බෑ කියලා අපි දන්නවා අපිට කියන්නඔබතුමා මේ ඉදිපත් කරපු වාර්තා වලින් පේනවා ආර්ථිකය වැටෙනවා කියලා.. දැන් තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ අවසන් කාලයේ විදියමයි..”

Facebook | Archived Link

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

රටේ වත්මන් මුදල් ප්‍රතිපත්තිය, විනිමය අනුපාතික ප්‍රතිපත්තිය සහ සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පසුගිය ජූනි 10 වන දා නිල දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය. සැසිවාරය මෙහෙයවනු ලැබුවේ ආණ්ඩුකාර ආචාර්ය නන්දලාල් වීරසිංහ විසිනි. 

මෙවන් පසුබිමකදී ඉහත සටහන් සංසරණය වූයේ එම අවස්ථාවේදී මහ බැංකු අධිපතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට හඟවමින්. ඒ සඳහා එම හමුවේ ඡායාරූප ද,භාවිත කර තිබුණා.

X

මහ බැංකු අධිපතිවරයා විසින්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයේ ප්‍රකාශයක් කර තිබුණේ නම්, ඒ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරාවල වාර්තා විය යුතු වුවත් එවැන්නක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

තව ද එම අවස්ථාවේ රැස් ව සිටි මන්ත්‍රීවරුන් හෝ නන්දලාල් මහතා විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට සිය සමාජ මාධ්‍ය ගිණුම් වල හෝ මාධ්‍ය වෙත පවසා තිබිය යුතු වූවත්, එවැනි සඳහනක් ඇතුළත් සටහනක් හෝ අප කළ කළ පරීක්ෂාවේදී දැක ගන්නට නොලැබුණි. විශේෂයෙන් ම, එම අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද, සිටින බැවින් මහ බැංකු අධිපතිවරයා විසින් ඒ ආකාරයේ ප්‍රකාශයක් කර තිබුණේ නම්, එය මේ වන විට උණුසුම් මාතෘකාවක් වීමට හැකියාව පැවතුණි. නමුත් විපක්ෂක නායක විසින් හෝ නන්දලාල් මහතා විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කළ බවට අදහස් දක්වා නොතිබුණි.

මහ බැංකුවේ (CBSL) ප්‍රතිචාරය

මෙම කරුණ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව තහවුරු කළේ, මෙම සමාජ මාධ්‍ය සටහන සහ එහි අන්තර්ගත සංවාදය සම්පූර්ණයෙන්ම ව්‍යාජ බවයි. 

මහ බැංකු අධිපතිවරයා කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්, මහජනතාව නොමඟ යැවීමේ චේතනාවෙන් මෙම සටහන නිර්මාණය කර ඇති බවත් සන්නිවේදන දෙපාර්තමේන්තුව අවධාරණය කරනු ලැබුවා.

ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ විනිමය අනුපාතිකය

මෑතකදී පැවැත්වුණු මාධ්‍ය හමුවලදී සහ ඔහු ලබාදුන් නිල මාධ්‍ය ප්‍රකාශවලදී මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ අභියෝග පැවතුණද, පසුගිය අර්බුදකාරී වසරවලට සාපේක්ෂව බාහිර බලපෑම්වලට ඔරොත්තු දීමේ වඩා ශක්තිමත් මට්ටමක වත්මන් ආර්ථිකය පවතින බවයි.

එමෙන්ම, රුපියලේ අගය උච්චාවචනය වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිපතිවරයා මීට පෙරද පැහැදිලි කර ඇත්තේ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම යනු ආර්ථිකය කඩා වැටීමක් නොවන බවයි. වත්මන් විනිමය අනුපාතික වෙනස්වීම් කෙරෙහි ප්‍රධාන වශයෙන්ම ගෝලීය වෙළෙඳපොළ හැසිරීම් සහ බාහිර සාධක බලපා ඇති අතර, එය ලංකාවට පමණක් නොව කලාපීය සෙසු රටවලටද පොදුවේ බලපා ඇති තත්ත්වයක් බව ද අවධාරණය කර තිබුණා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ,  “රටේ ආර්ථිකය සුන්.. නන්දලාල් පළමුවරට පිළිගනී…” යනුවෙන් සඳහන් කරමින්  මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මන්ත්‍රීවරුන් අතර සිදු වූ සංවාදයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවයි, මහ බැංකුව විසින් එය අසත්‍ය තොරතුරක් බවට ප්‍රකාශය කරන අතර, විපක්ෂ නායක ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන් විසින් හෝ වීරසිංහ මහතා විසින් එවැනි ප්‍රකාශයක් කළ බවට කිසිදු සඳහන් කර නොමැත.

Result Stamp

Title: මහ බැංකු අධිපති “රටේ ආර්ථිකය සුන්” බවට මන්ත්‍රීවරුන්ට ප්‍රකාශයක් කරාද?

Written By: Pavithra Sandamali

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *