දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සමලිංගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් විවිධ මතභේදාත්මක කරුණු සමාජය පුරා කතාබහට ලක්වෙනවා. මෙවන් වටපිටාවකදී වත්මන් අගමැතිනිය විසින් සිදුකළ බව කියන ප්‍රකාශයක ඇත්ත නැත්ත සොයා අප කරණු පරීක්ෂාවක් කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් / Social Media Posts
“ඉතාලි රජය සිදුකරන සමලිංගික අයිතිවාසිකම් කප්පාදුව අපි රජයක් හැටියට හෙලා දකිනවා” යනුවෙන් අගමැතිනිය ප්‍රකාශ කළ බවට සටහනක් ෆේස්බුක් ඔස්සේ පළවී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන හුවමාරු වී තිබූ තවත් අවස්ථා පහතින්


Instagram ඔස්සේ ද, මෙම සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මෙවැනි ප්‍රකාශයක් අගමැතිනිය සිදුකර තිබුණේද යන්න පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබුණේ ද? යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා අප පරීක්ෂා කරනු ලැබුවා. නමුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ අග්‍රාමාත්‍යවරිය මේ අයුරින් ප්‍රකාශයක් කළ බවට වාර්තා කර ඇති බවක් දැක ගන්නට ලැබුණේ නැහැ.
අග්‍රාමාත්‍යවරිය විසින් මෑතක දී සිදුකළ ප්‍රකාශයන් ද පරීක්ෂා කළත් ඇය විසින් මෙම ප්‍රකාශය කළ බවට කිසිවක සඳහන් වන්නේ නැහැ.
එමෙන් ම පාර්ලිමේන්තුවේදී හෝ එවන් ප්‍රකාශයක් ඇය විසින් සිදු කර නොතිබුණි.
කෙසේ වෙතත් අප මේ පිළිබඳව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් විමසීමක් කල අතර ඔහු පවසා සිටියේ අග්‍රාමාත්‍යවරිය විසින් ඉතාලි රජය සිදු කරන සමලිංගික අයිතිවාසිකම් කප්පාදුව හෙලා දකින බවට ඉහත ආකාරයෙන් ප්‍රකාශයක් කර නොමැති බවයි.
එසේම 2004 වසරේ සිට ඉතාලියේ ක්‍රියාත්මක වූ විදේශයන්හි ආදේශක ගැබ් ගැනීමේ තහනම පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී දීර්ඝ කර ඇත. ඒ පිළිබඳ සටහනක් මෙතනින්.
මෙම තහනම සමලිංගික සහ විශම ලිංගික සියලු දෙනාටම පොදු වන අතර එය සමලිංගික පුද්ගලයන් ඉලක්ක කරගත්, සමලිංගික පුද්ගලයන්ගේ දෙමව්පියභාවය සීමා කරන සහ ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමක් ලෙස වැරදි ආකාරයෙන් අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය තුළ සටහන් හුවමාරු වී තිබුණා.
කෙසේ වෙතත් මෑතකදී ඉතාලිය තුළ සමලිංගික අයිතිවාසිකම් කප්පාදුවක් සිදු වී ඇති බවට ද කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් හෝ පුවත් නිවේදනයක් මගින් තහවුරු වන්නේ නැහැ.
Also Read : Has Italy Banned Gay and Lesbian Couples from Becoming Parents?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (නිගමනය):අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ “ඉතාලි රජය සිදුකරන සමලිංගික අයිතිවාසිකම් කප්පාදුව අප රජයක් හැටියට හෙලා දකිනවා” යනුවෙන් අගමැතිතුමිය ප්‍රකාශයක් කළ බවට පළවන සටහන් අසත්‍ය බවයි. අග්‍රාමාත්‍යවරිය විසින් ඒ අයුරින් ප්‍රකාශයක් කර නොමැති බව දැක ගන්නට ලැබෙන අතර අග්‍රාමාත්‍ය ලේකම් විසින් ඒ බව තහවුරු කරයි.
Title:සමලිංගික අයිතිවාසිකම් ගැන අගමැතිනියගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ?
Fact Check By: Fact Crescendo TeamResult: False


