දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
වරින් වර MAS Holding සමූහය රටින් ඉවත් වෙයි, රට හැර දමා යයි, වසා දමයි යන තේමාවෙන් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු, නොමග යවන සුළු පළ වුණා. ඒ ආකාරයෙන් එම සමූහයට අයත්, ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් සිදු කළ මෙත්ලිය කර්මාන්ත ශාලාව හා MAS Holding පිළිබඳ මෑතකදී පළවන සමාජ මාධ්‍ය සටහන් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
‘MAS Holdings’ සිය කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට සහ දැවැන්ත සේවක කප්පාදුවකට මේ වන විට සැලසුම් කර ඇති බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. මේ අතර සේවක කප්පාදු 26,000ක් පමණ වන බවට ත් එම සටහන් වල සඳහන් වී තිබුණා.



මෙහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
MAS සමූහයට අයත්, තුල්හිරිය MAS ෆැබ්රික් පාක් (MFP) හි පිහිටා ඇති බහු විධ කර්මාන්තශාලා වලින් එකක් වන මෙත්ලිය කර්මාන්ත ශාලාවේ ඇඟලුම් නිෂ්පාදන මෙහෙයුම් නතර කරන බව MAS සමූහයේ කළමනාකාරීත්වය විසින් තීරණය කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
නමුත් MAS හි මෙත්ලිය කර්මාන්ත ශාලාවේ සේවකයින් 26000ක ප්‍රමාණයක් සේවක කප්පාදුවක් කර ඇති බවට හෝ මෙත්ලිය කර්මාන්ත ශාලාව වසා දැමෙන බවට හෝ මෙම සමූහයට අයත් කර්මාන්තශාලා දෙකක් වැසීමේ තීරණයක් ඇති බවට මෙම වාර්තා වල දැක ගන්නට නොලැබුණි.
මේ පිළිබඳව අප තොරතුරු තහවුරු කර ගැනීම සඳහා MAS සමූහයේ ප්‍රධානියෙකු සම්බන්ධ කර ගනු ලැබුවා.
ඒ මහතා පෙන්වා දුන්නේ, පසුගිය පෙබරවාරි 19 වන දා MAS හි කළමනාකාරිත්වය විසින් මෙත්ලිය සේවකයින්ට සිය ආයතනයේ අනාගත උපාය මාර්ගික සැළසුම් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැන්වූ බව ත්, දිගින් දිගටම ඇඟලුම් ක්ෂේත්රය තුළ සිදු වූ සංකෝචනය නිසා, එම පරිශ්‍රය නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීම වෙනුවට, රෙදි නිෂ්පාදනය සඳහා භාවිතා කිරීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ. මෙම මෙත්ලිය ආයතනය පිහිටා ඇති ස්ථානයත්, එහි ඇති පහසුකම් ගැනත් අවධානය යොමු කරමින් මෙම තීරණයට එළැඹි අතර රෙදි ගෙතීම, ඩයි කිරීම සහ නිම කිරීම ඔස්සේ MAS හී රෙදි නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම සඳහා මෙකී පරිශ්‍රය ඉදිරියේදී භාවිතා කිරීමට නියමිත අතර ඇඟලුම් ක්ෂේත්රයේ සිදුව තිබෙන බිඳවැටීම හරහා දීර්ඝ කාලීන වශයෙන් සමුහයට ඇති විය හැකි බලපෑම වලක්වා ගනිමින් සමූහය ස්ථාවරව පවත්වා ගැනීම මෙහි අරමුණ බවයි තව දුරටත් පැවසුවේ.
මෙලෙසින් මෙහහෙයුම් කටයුතු වෙනස් වීම තුළින් මෙත්ලිය කර්මාන්තශාලාවේ සේවකයින්ට අත්වන ඉරණම සම්බන්ධයෙන් හා මෙහි සිටින සේවක සංඛ්‍යාව පිළිබඳව ද, අප විමසීමක් කරනු ලැබුවා.
මෙත්ලිය ආයතනයේ සේවය කළේ 2200 ක් වූ සේවක පිරිසක් බව ත්, සියළුම සාමාජික සාමාජිකාවන්ට තමන්ගේ කැමැත්ත පරිදි සමූහයට අයත් ශ්‍රී ලංකාවේ තිබෙන වෙනත් ආයතනයක සේවය කිරීමට හෝ ජෝර්දානයේ පිහිටි MAS ආයතනයේ සේවය කිරීමට අවස්ථාව ලබා දී ඇති බවයි. මෙලෙස වෙනත් ආයතනයකට මාරුවීමට කැමති සාමාජික සාමාජිකාවන්ට අමතර දිරි දීමනාවක් ලෙස මාස තුනක වැටුපක් ලබාදීමට ද සමූහය කටයුතු කළ බව ත්,
පුද්ගලික හේතූන් මත කිසියම් සේවකයෙක් MAS සමූහය විසින් ලබා දෙන විකල්ප රැකියා භාර නොගැනීමට හෝ ඉල්ලා අස්වීමට තීරණය කළහොත් එබඳු සේවකයින් සඳහා, ශ්‍රී ලංකා නීතිය යටතේ නියම කර ඇති මුදලට වඩා වැඩි මුදලක් වන්දි වශයෙන් ලබාදීමට MAS සමූහය කටයුතු යොදා තිබෙනවා. මෙම සුවිශේෂ වන්දි මුදලට අමතරව, සියලුම ව්‍යවස්ථාපිත හිඟ මුදල් සම්පුර්ණයෙන්ම ලබාදීමට කටයුතු කරන අතර, ඊට අමතරව ඔවුන්ගේ අප්‍රේල් ප්‍රසාද දීමනාව ඇතුළුව අප්‍රේල් මස අවසානය දක්වා සම්පුර්ණ වැටුප් ප්‍රමාණයද ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
එසේම මෙම සියළුම ලබාදීම් සහ ක්‍රියාකාරකම් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ කම්කරු නීති සහ නියාමන අවශ්‍යනා වලට අනුකූලව, අදාළ බලධාරීන්ගෙන් ලබාගත් සියලුම අනුමැතියන් ද සහිතව වන අතර මෙම සමස්ත ක්‍රියාවලිය පුරාවටම සේවකයන් සමඟ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට මෙන්ම සාධාරණත්වය ප්රමුඛ කොට ගෙන කටයුතු කිරීමට ද සමූහය සෑම විටම කටයුතු කළ බව ත්, ඔහු පවසනවා. මෙම සියලුම ක්‍රියාකාරකම්වල මූලික අරමුණ වන්නේ හුදෙක්, සමූහය එහි සේවකයන් සමඟ ඇති නීත්‍යානුකු බැඳීමෙන් නිදහස්විම නොව, ඔවුන්ගේ සංක්‍රාන්ති සමයේදී වඩා හොඳින් ඔවුන්ට සහය වීම පදනම් කරගෙන බවයි ඔහු සඳහන් කළේ.
එබැවින් මෙත්ලිය ආයතනයේ සේවකයින් MAS සමූහයට අයත් අනෙකුත් කර්මාන්තශාලා වෙත යොමු කිරීම සිදුවනවා.
නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීම වෙනුවට, රෙදි නිෂ්පාදනය සඳහා මෙත්ලිය ආයතනය භාවිත කිරීමට පසුබිම් වූ කාරණා මොනවාද යන්න පිළිබඳව ද, අප විමසීමක් කරනු ලැබුවා.
ගෝලීය වශයෙන් ඇඟලුම් කර්මාන්තය සැලකිය යුතු ලෙස සංකෝචනයකට ලක්වෙමින් පවතින බව ත්, ප්‍රධාන අපනයන වෙළඳ පොළවල ඉල්ලුමද පහත වැටෙමින් ඇති බව ත්, අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය වැනි ප්‍රධාන වෙළඳ පොළවල ආර්ථික මන්දගාමිත්වය ඉහළ උද්ධමනය, තීරු බදු ආශ්රිත පීඩන සහ ගෝලීය වශයෙන් සිදුවන නිරන්තර ප්‍රතිපත්ති මාරුවීම් වැනි දෑ ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්රයේ සෑම රටකටම අහිතකර බලපෑම් එල්ල කොට ඇති බව ත්, මෙම තත්ත්වය වියට්නාමය, චීනය සහ බංග්ලාදේශය ඇතුළු ප්‍රධාන ඇඟලුම් අපනයනය කරන රටවල ඇණවුම් පරිමාවන්ට ද බලපා ඇති අතර ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන ඉල්ලුමද ගලායන්නේ කිසිදු වර්ධනයක් නොමැතිව ඒකාකාරීව බවයි ඔහු පැවසුවේ.
මෙම තත්ත්වය තුළ, දිගු කාලීනව ස්ථාවර පැවැත්මක් සහතික කර ගැනීම සඳහා MAS සමූහයටත් අඛණ්ඩව සිය ප්රතිසංවිධාන කටයුතු සිදු කිරීමට සිදුව ඇති බැවින් මේ සඳහා වූ මෑත කාලීන උදාහරණ ලෙස හයිටි සහ ඩොමිනිකන් ජනරජයේ MAS සමුහයට අයත් මෙහෙයුම් වසා දැමීම දැක්විය හැකි බවයි පෙන්වා දුන්නේ.
MAS සමූහයේ ආයතන 2ක් වැසීමට නියමිත ද?
කෙසේ වෙතත් මේ වන විට MAS සමූහයේ අනෙකුත් සියලුම මෙහෙයුම් ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එසේම වග කිව යුතු සමූහයක් ලෙස දේශීය හෝ විදේශීය හෝ වශයෙන් සිදු කරනු ලබන ඕනෑම වෙනස්කමක් හෝ මතුවන අලුත් තත්ත්වයන් පිළිබඳ සෑම දෙයක්ම නිවැරදි ආකාරයෙන් නිවැරදි මාර්ග හරහා දැනුම්වත් කිරීමට සමූහය නිරන්තරයෙන් බැඳී සිටින බවත් අවසාන වශයෙන් සඳහන් කළ යුතු බවයි ඔහු පැවසුවේ.
“අපගේ මෙහෙයුම් ස්ථාවරත්වය පවත්වා ගැනීම සමූහයේ ප්‍රමුඛතාවය ලෙස පවතින අතර ඒ හරහා පාරිභෝගික ඇණවුම් විශ්වාසදායක ලෙස ලබා දීමට අපට හැකි වේ. එබැවින් සත්‍යාපනය නොකළ තොරතුරු හෝ අසත්‍ය තොරතුරු පැතිරීම මගින් සිදු වන්නේ ශ්‍රී ලංකාව සහ අප කෙරෙහි ඇති පාරිභෝගික විශ්වාසය බිඳ වැටීම සහ ඇඟලුම් ක්ෂේත්රය පිලිබඳ අනියත අවිශ්වාසයක් ගොඩනැගීමයි”
MAS මෙත්ලිය සේවකයින්
කෙසේ වෙතත් MAS සමූහයේ කළමණාකාරිත්වය විසින් පෙන්වා දෙන පරිදි එහි සේවකයින් සඳහා ලබා දී තිබූ සහන ක්‍රම පිළිබඳ අප එහි හිටපු සේවකයින් කිහිප දෙනෙකුගෙන් ද, විමිසීම් සිදු කරනු ලැබුවා. ඔවුන් පෙන්වා දුන්නේ, MAS ආයතනය විසින් සේවකයින් හට ඉහත ඔවුන් ප්‍රකාශ කර ඇති පරිදි සහන ලබා දී ඇති බවයි. එමෙන් ම එහි සේවකයින් 2000ක් පමණ සේවය කළ බවයි. නමුත් සමාජ මාධ්‍ය ජාලාවල පෙන්වා දෙන පරිදි අති විශාල ප්‍රමාණයක් සේවක කප්පාදුවකට ලක් වී නොමැති බවයි තහවුරු කළේ.
අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න
Facebook| Twitter| Instagram| Google News| TikTok| Youtube


