දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දේශපාලන හේතූන් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“දේශපාලන හේතූන් මත ICC විසින් ශ්‍රී ලංකාවට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් පහතින්.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.


මෙහි සත්‍ය අසත්‍ය භාවය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකාවට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා ඇත් ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් ප්‍රථමයෙන් ICC නිල වෙබ් අඩවිය සහ නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ පරීක්ෂාවක් සිදු කළා. කෙසේ නමුත් එවැනි නිවේදනයක් ICC නිල වෙබ් අඩවිය හෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ නැහැ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට මෙවැනි ක්‍රිකට් තහනමක් පනවා ඇත්නම් ඒ සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ද වාර්තා කර තිබිය යුතුයි. ඒ අනුව අප විසින් සිදු කළ පරීක්ෂාවේදී කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් එවැනි පුවතක් වාර්තාකර නොමැති බව ද දැකගන්නට ලැබුණා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ විසින් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ ශ්‍රී ලංකාව ICC පූර්ණ සමාජිකයකු ලෙස නම් කර තිබුණේ මෙලෙසින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා තරඟ කිරීමට කිසියම් තහනමක් පනවා තිබේද යන්න වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා අප විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු විසින් මෙම සමාජ මාධ්‍ය සටහන් ප්‍රතික්ෂේප කළ අතර ICC මගින් එවැනි දැනුම් දීමක් සිදුකර නොමැති බව ප්‍රකාශ කළා.
2023 වසරේදී දින 79 ක කාලයක් සඳහා ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැනවූ තහනම
2023 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැනවූ තහනම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පනවන ලද සාමාජිකත්වය අත්හිටුවීමේ තහනමක් වන අතර, මෙම තහනම ක්‍රිකට් පාලනයට රජයේ මැදිහත් වීම (දේශපාලන හේතූන්) මත පදනම් වූවක් වන අතර, එය දින 79 ක් පුරා ක්‍රියාත්මක වුණා.
ICC ව්‍යවස්ථාවේ 2.4 (d) වගන්තිය යටතේ දක්වා ඇති පරිදි, කණ්ඩායම් තේරීම සහ කළමනාකරණය ඇතුළු මෙහෙයුම් කටයුතුවලට රජයේ බලපෑම් එල්ල නොවිය යුතු බවට වූ කොන්දේසිය ශ්‍රී ලංකාව කඩ කර තිබීම මෙම තහනමට හේතු වී තිබුණා.
2024 ජනවාරි 28 වන දින මෙම තහනම ඉවත් කරනු ලැබුවා
අලුතින් පත් වූ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අතුරු කමිටුව අවලංගු කර, ක්‍රිකට් ආයතනයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට පියවර ගැනීමෙන් පසු, ICC විසින් මෙම තහනම ඉවත් කරනු ලැබුවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
එම තහනම තිබූ කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කර නැහැ
2013 වර්ෂයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැනවූ තහනම බල පැවති කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කර නොතිබූ අතර, ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සම්බන්ධයෙන් තිබූ ගැටළුකාරී තත්ත්වය මත එම තහනම පනවා තිබූ අතර, ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමට ක්‍රිකට් කණ්ඩායමට එමඟින් තහනම් කර තිබුණේ නැහැ. එම දින 79 ක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේට එරෙහිව ක්‍රීඩා කර තිබුණා. ඒ පිළිබඳ තොරතුරු මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) : අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වසරක කාලයක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා ඇති බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවයි. එවැනි නිවේදනයක් ICC නිල වෙබ් අඩවිය තුළ ද පළ කර නොමැති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක විසින් ද හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව තහවුරු කළා.


