මන්ත්‍රී නාමල් හා හිටපු ජනපති මහින්ද තමිල්නාඩුවේ දේශපාලඥයින් හමු වූ අවස්ථාවක් ද? 

Altered Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

නාමල් රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා සමගින් ඉන්දියාවේ, තමිල්නාඩුවේ දේශපානඥයින් වාහනයක ගමන් කරන අයුරු දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප හුවමාරු වූ අතර ඒ පිළිබඳව අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“නම් තමිළර්” පක්ෂ නායක සීමාන් නාමල් රාජපක්ෂ මහතා හා මහින්ද රාජපක්ෂ මහතා සමගින් මෝටර් රථයක ගමන් කරන අයුරු බවට දක්වමින් ඡායාරූපයක්  X සමාජ මාධ්‍ය වේදිකාවේ, දමිළ බසින්, “මේ මොකක්ද?” යන තේරුම සහිතව පළ කර තිබුණේ මෙලෙසින්.

X | Archived Link 

එමෙන් ම, එම ඡායාරූපයම භාවිත කරමින් තමිල්නාඩුවේ නව ප්‍රධාන ඇමති විජේ ද, ඔවුන් දෙපළ සමගින් මෝටර් රථයේ පසුපස අසුන්ගෙන ඇති අයුරු දක්වා තිබුණේ මෙලෙසින්. ඉංග්‍රීසි බසින් සඳහනක් සමගින් පළ කර තිබූ මෙම සටහනේ දක්වා තිබුණේ, මෙම ඡායාරූපය ගෙන තිබුණේ, කවදාද මෙය සත්‍යයක් ද යන්නයි.

X

මෙහි නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් ම ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂ මහතා සමගින්, “නම් තමිළර්” පක්ෂ නායක සීමාන් සහ තමිල් නාඩුවේ, මහ ඇමති වන තලපති විජේ මෙලෙසින් හමු වූවානම්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා සහ ඉන්දියානු ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබිය යුතු වුව ත්,  අප කළ පරික්ෂාවේදී එවැනි කිසිදු පුවතක් වාර්තා වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.

ඒ අනුව, සමාජ මාධ්‍යවල සංසරණය වූ  ඡායාරූපය Google Reverse Image Search සෙවුමක් සඳහා අප යොමු කළ අතර එහිදී නිරීක්ෂණය වූයේ, 2014 වසරේ මාර්තු 15 වෙන දා නාමල් රාජපක්ෂ මහතාගේ Facebook පිටුවේ මෙම ඡායාරූපය පළ කර ඇති බවයි. නමුත් එම ඡායාරූපයේ ඔවුන් සමඟ වාහනයේ පසු ආසනයේ සිටින්නේ සීමාන් හෝ විජේ නොව වෙනත් පුද්ගලයෙකු සිටින බව දැක ගන්නට ලැබේ.

එම සටහනින් සඳහන් කර තිබුණේ,  ගාල්ල සිට මාතර දක්වා එවකට විවෘත කරන ලද අධිවේගී මාර්ගයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගමන් කරන බවයි.

Facebook | Archived Link

ඒ අනුව ඉහත සත්‍ය අවස්ථාවේ ඡායාරූපයේ වාහනයේ පසුපස ආසනයේ සිටින පුද්ගලයාගේ ස්ථානයට සීමාන්ගේ සහ විජේගේ ඡායාරූප ඩිජිටල් ලෙස ඇතුළත් කර සංස්කරණය කර ඇති බව පැහැදිලිව දැක ගන්නට ලැබේ.

මෙම ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප ද යන්න එම ඡායාරූප හඳුනාගැනීමේ මෙවලමකට යොමු කිරීමේදී තහවුරු වූයේ, මෙම ඡායාරූප AI ඔස්සේ ජනනය කර ඇති බවයි. 

නාමල් රාජපක්ෂ ප්‍රකාශය

මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමට නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධ කරගත් අතර, මෙම ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් වන බව ත්, ඔවුන් කිසිදු අවස්ථාවක සීමාන්ව හෝ විජේව හමු වී නොමැති බව ද, සඳහන් කරනු ලැබුවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

නිගමනය (Conclusion):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා මන්ත්‍රී නාමල් රාපක්ෂ මහතා සමගින්, නම් තමිල්නාඩුවේ, තමිළර් පක්ෂ නායක සීමාන් සහ තමිල් නාඩුවේ, මහ ඇමති වන තලපති විජේ සමගින් වාහනයක ගමන් ගන්නා අයුරු බවට දක්වා තිබූ ඡායාරූප සත්‍ය ඡායාරූපයක් අනුසාරයෙන් කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප බවයි. එමෙන් ම කිසිදු අවස්ථාවක විජේ හෝ සීමාන්ව තමන් හමුවී නොමැති බව ද, නාමල් රාජපක්ෂ මහතා තහවුරු කරයි.

Result Stamp

Title: මන්ත්‍රී නාමල් හා හිටපු ජනපති මහින්ද තමිල්නාඩුවේ දේශපාලඥයින් හමු වූ අවස්ථාවක් ද?

Written By: Pavithra Sandamali

Result: Altered


Leave a Reply

Your email address will not be published. Required fields are marked *