වෙසක් සමය තුළ හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!

Misleading Social

බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ මැයි මස 27 සිට ජූනි මස 02 දක්වා වෙසක් සතිය ලෙස රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. වෙසක් සමයට අදාලව නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍යය තුළ හුවමාරුවී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

Claim 1

සමාජ මාධ් සටහන් (Social Media Posts :

වෙසක් සතිය වෙනුවෙන් මැයි 29 වැනිදා සිට ජූනි 01 දා දක්වා දිවයින පුරා සියලුම සුරාසල් වසා තබන බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Facebook 

අදාල වීඩියෝව සමාජ මාධ්‍ය තුළ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්

<iframe frameBorder=’0′ width=’640′ height=’360′ webkitallowfullscreen mozallowfullscreen allowfullscreen src=”https://www.awesomescreenshot.com/embed?id=52982292&shareKey=8f9f93be7e18bfd5e9ad646e783c6d3f”></iframe>

Tiktok

ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයාබැලීමට අප විසින් කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා දමන දිනයන් සම්බන්ධයෙන් අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් විසින් වාර්තා කර ඇත්තේ කෙසේද යන්න අප විසින් මූලිකව පරීක්ෂා කළා. එහිදී අනෙකුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් විසින් ඒ සම්බන්ධයෙන් වාර්තා කර ඇති දිනයන් එක හා සමාන බව අපට එහිදී නිරීක්‍ෂණය කළහැකි වුණා. එම අනෙකුත් මාධ්‍ය ධාරාවන් විසින් වාර්තා කර තිබුණේ, ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වන ජාතික වෙසක් පුණ්‍යමහෝත්සවය 2026. 05. 30 සහ 31 දෙදින පැවැත්වීමට රජය තීරණය කර ඇති බැවින් එම දින දෙක තුල සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් දන්වා සිටින බවයි. ඒ අනුව මැයි 29 වැනිදා මත්පැන්හල් වසනු ලබන වේලාවේ සිට ජූනි 01 වැනිදා (සඳුදා) විවෘත කිරීමට නියමිත වේලාව දක්වා දිවයින පුරා සියලුම සුරා සැල් වසා තැබිය යුතු බවයි. එනම්, මැයි 30 සහ 31 යන දෙදින තුළ පමණක් දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බවයි. එම මාධ්‍ය වාර්තාවන් මෙතනින් සහ මෙතනින්.

මැයි 30 සහ 31 යන දෙදින තුළ පමණක් දිවයින පුරා සුරාසැල් වසා තබ‍යි 

එසේම අප විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා සුරබදු දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිල නිවේදනය තුළ සඳහන්ව ඇත්තේ කුමක්ද යන්න පරීක්‍ෂා කිරීමට කටයුතු කළා.එම නිවේදනය තුළ සඳහන්ව ඇත්තේ වෙසක් පුණ්‍යෝත්සවය 2026.05.30 සහ 31 දෙදෙන පැවැත්වීමට රජය තීරණය කර ඇති බැවින් එම දින දෙක තුළ සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බවයි. තවද මීට පෙර 2026. 05. 01 සහ 02 දිනයන් හි මත්පැන්හල් වසා තැබිය යුතු බවට තීරණය කර තිබුණ ද මැයි මස පළමුවන දිනට යෙදෙන පොහොය දිනය පමණක් මත්පැන්හල් වසා තැබීමට කටයුතු කල යුතු බවට නිවේදනයේ දක්වා තිබෙනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් පළ කර තිබූ එම නිවේදනය  මෙතනින්.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

වෙසක් උත්සවය නිමිත්තෙන් මස් මාංශ අලවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා මැයි මස 30, 31 සහ ජූනි 01 යන දින තුන පුරාවටම වසා තැබෙන බව දක්වමින් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා. කෙසේ නමුත් එම නිවේදනය තුළ සුරා සැල් සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ නැහැ. සමාජ මාධ්‍ය පිටුවක් ඔස්සේ පළ කර තිබූ එම නිවේදනය මෙතනින්.

සුරාබදු දෙපාර්තුමේන්තුව

මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර එහිදී තහවුරු වූයේ වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා සුරසැල් වසා තැබීම සිදුකරන්නේ මැයි මස 30 සහ 31 යන දෙදින තුළ පමණක් බවයි.

ඒ අනුව පැහැදිලි වන්නේ, මෙවර වෙසක් සතිය නිමිති කර ගනිමින් දිවයින පුරා සුරා සැල් වසා දැමීම සිදු කරන්නේ මැයි මස 30 සහ 31 යන දෙදින තුළ පමණක් බවයි.

Claim 2

සමාජ මාධ් සටහන් (Social Media Posts :

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින්, හිමිකරුවන් නොමැති අයාලයේ යන ගවයින් සමාජයේ පැවැත්මට විශාල බාධාවක් බවත්, මුස්ලිම් ජනතාවගෙන් මේ ගවයින්ට කැමති දෙයක් සිදුකරන ලෙස තමා ඉල්ලා සිටින බවත්, එයට කිසිම නීතිමය බාධාවක් නොමැති බවත්, එය සඳහා වෙසක් පොහෝ දිනයත් වෙනස් කර සකස් කර දුන් බවත් ප්‍රකාශ කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived link

අදාල සටහන සමාජ මාධ්‍ය තුළ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්

Facebook 

අමාත්‍යවරයා විසින් සැබෑ ලෙසම මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්නම් එය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර තිබිය යුතුයි අප විසින් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂා කළත් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් මෙවැන්නක් වාර්තා කර තිබුණේ නැහැ. එසේම අප විසින් අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයන්හි මෙවැන්නක් අන්තර්ගතව තිබුණේද යන්න පරීක්ෂා කිරීමට කටයුතු කළා. කෙසේ නමුත් අමාත්‍යවරයා විසින් මෙවැන්නක් ප්‍රකාශ කර තිබුණේ නැහැ. 

කෙසේ නමුත් 2024.12.05 දින අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වගා හානි සිදුකරන වන සතුන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් ද සමාජය තුළ යම් ආන්දෝලනයක් ඇති වී තිබුණා. අමාත්‍යවරයා විසින් එම ප්‍රකාශය තුළ සඳහන් කර තිබුණේ, ගොවීන්ට තමන්ගේ වගා බිම් තුළදී වගාවන්ට හානි කරන රිලවුන් ඇතුළු වන සතුන්ගෙන් සිදුවන හානිය වැලැක්වීම සඳහා ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි. කෙසේ නමුත් එම ප්‍රකාශය අමාත්‍යවරයා විසින් සිදු කර තිබුණේ 2024 වර්ෂයේදී ය. වෙසක් දිනය සම්බන්ධයෙන් හෝ ගවයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කිසිදු සඳහනක් එම ප්‍රකාශය තුළ අන්තර්ගතව තිබුණේ නැහැ. එම සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

මාධ්‍ය ලේකම්-කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් විසින් සඳහන් කළේ, මෙම සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් අමාත්‍යවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් ය.

ඒ අනුව පැහැදිලි වන්නේ මෙම සටහන අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බවට හඟවමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද සටහනක් බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Result Stamp

Title: වෙසක් සමය තුළ හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!

Written By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *