Archives

මත්ද්‍රව්‍ය ඇතුළත් ලොසින්ජර පිළිබඳ පළ වූ WhatsApp පණිවිඩය පිළිබඳ ඔබ දැනුවත් ද?

Update 30/11/22: පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කරන මත්වන බවට සැකකරන සුගර් බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් 28 වන දා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳසැල වටලා කුඩා බෝතල් හැටක පමණ ඇසුරුම් කර තිබූ සුගර් බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් […]

Continue Reading

සුපිරි වටයේ ඉන්දියාව සමඟ තරඟයේ, තරඟ පාවාදීමක්?

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ සුළු මොහොතකි. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් හෙළි කළ තරඟ පාවාදීමක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු විමසා බැලීමක්. සමාජ මාධ්‍ය සටහන් : ලෝක කුසලානයෙන් පසුව සිදුවූ ලොකුම […]

Continue Reading

කුරුකුමාන ඇල්ලේ වීඩියෝවක්ද? (Video)

ලංකාවේ ස්වභාව සෞන්දර්යට සමාන කම් ඇති වෙනත් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ස්ථාන ලෙස පවසමින් මෙරට පුරවැසියන් නොමග යැවීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කටයුතු කරන අයුරු අපට නිතර දැක ගන්නට ලැබෙනවා. ඇතැම් පිරිස් මේවා අසත්‍ය හෝ නොමග යවන සුළු කරුණු හැටියට හඳුනා ගත්ත ද, මෙම ස්ථාන පිලිබඳ අවබෝධය අඩු බොහෝ පිරිස් මෙවැනි සටහන් හේතුවෙන් […]

Continue Reading

අපේක්ෂා පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් තියෙනවද?

මහරගම පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බහුලව සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම පිළිකා රෝහලේ වෙන්වූ බව කියන ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවේ සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “කැන්සර් හොස්පිට්ල් එකේ වෙනම තියෙනවා ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුව කියලා එකක්.. ඒක දවස පුරා මාසේ පුරා අවුරුද්ද පුරා පිරිලා තියෙන්නේ. ඒ තරම් කොත්තුමී විතරක් […]

Continue Reading

සනත් නිශාන්තගේ ගිනිබත් වූ නිවසට, රජයෙන් ලැබුණු කෝටි දෙකක වන්දියක්?

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ කතාබහට ලක්වන චරිතයක් වන අතර පසුගිය දා නැවත වරක් ඔහු පිලිබඳ කතිකාවතක් නිර්මාණය වී තිබුනේ ඔහුගේ ගිනිබත් වූ නිවස සඳහා කෝටි 2ක වන්දි මුදලක් රජයෙන් ලැබුණු බවට හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන් පෙළක් ද සමඟයි. සමාජ මාධ්‍ය සටහන් : ලබන වසරට පෙළ පොත් මුද්‍රණය සහ අත්‍යාවශ්‍ය […]

Continue Reading

අන්තරේ විරෝධතා පා ගමනට සහය දක්වමින් අත්පොළසන් දුන් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ?

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (අගෝස්තු 30) දින පැවැත්වූ විරෝධතා පා ගමන අතර තුර ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගවත්ව සංසරණය වුණා. ඒ පා ගමන අතරතුර දී මහ මඟ මෝටර් රථයක සිටි පුද්ගලයෙක් ඉන් පිටතට පැමිණ අත්පොළසන් ගසමින් විරෝධතාවයට සහයෝගය පළ කරන අයුරුයි. කෙසේ වෙතත් එම පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව හඟවමින් ඡායාරූපය […]

Continue Reading

Waters Edge හෝටලයේදී ප්‍රසන්න රණතුංගට විරෝධය පෑ කාන්තාවකට, ඇමැති ආරක්ෂකයින්ගේ ප්‍රහාරයක් ?

පසුගිය දා ප්‍රවීණ ගායක අනෙස්ලි මාලේවන මහතා ඇතුළු ශිල්පීන් විසින් Waters Edge හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වූ සංගීත ප්‍රසංගයක් අතරතුර දී ඇතිවූ කලහාකාරී තත්ත්වයක දී ප්‍රසන්න රණතුංග ඇමති ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එහි සිටි කාන්තාවකට පහරදුන් බව ට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් ම පළවී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් : “වෝටර්ස් එජ් හෝටලයේදී ප්‍රසන්න රණතුංගට විරෝධය […]

Continue Reading

වෙරළට ගසා ආ මත්ස්‍යයෙක්, තවත් මත්ස්‍යයෙකු විසින් බේරා ගන්නා අවස්ථාවක්ද ? (Video)

මිනිස් ලෝකයේ සිදු වන ක්‍රියාකාරකම් දෙස බලද්දි සත්ව ලෝකයෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝ වෙනවා. සතුන් ළඟ ඇති කරුණාව ඔවුන් එකිනෙකා වෙත උපකාර කර ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප, වීඩියෝ දර්ශන මිනිස් සමාජය තුළ ඉතා ජනප්‍රියත්වයක් උසුලනවා. එවන් අවස්ථා දැක්වෙන වීඩියෝවක් මෙතනින්. එම ජනප්‍රියත්වය නිසාම ඇතැම් විට අසත්‍ය කරුණු ඉදිරිපත් කරිමින් එම දර්ශන, ඡායාරූප, ජනගත කිරීමද […]

Continue Reading

MARTINELLI නමැති දුරකථනය හැක් කරන වෛරසයක් අඩංගු WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. WhatsApp ඔස්සේ ජංගම දුරකතනයට වෛරසයක් පැමිණෙන බවට දක්වමින් ඒ පිළිබඳ අනතුරු අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‍සටහන් හුවමාරු වුණා. සැබවින්ම මෙහි නිරවද්‍යතාවයක් තිබේද යන්න පිළිබඳ සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp ඔස්සේ පණවිඩයක් සංසරණය වූයේ මෙලෙසින්.  “මාටිනෙලි නමින් වීඩියෝවක් වට්ස්ඇප් වෙතින් හෙට එළියට එන […]

Continue Reading

ඉන්දීය කාන්තාවක් පකිස්තාන මල්ලව පොර ශුරියක් සමග සටන්කර ජයගත් අයුරු (VIDEO)?

මල්ලවපොර ශ්‍රී ලංකාව තුළ එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවෙයි. නමුත් පසුගියදා පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලදී ලාංකීය ක්‍රීඩිකාවක් වන නෙත්මි අහිංසා විසින් ලංකාව නියෝජනය කරමින් මල්ලවපොර තරග ඉසව්වකදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමත් සමග , මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජයේ යම් කතිකාවක් ඇතිවී තිබෙනවා. එවන් වටපිටාවක් තුළ , මල්ලවපොර ක්‍රීඩාව හා සම්බන්ධ සමාජ ජාලා සටහන් පැතිර යමින් තිබෙන ආකාරයක්ද […]

Continue Reading

වයස අවු 17ක ස්වාමීන් වහන්සේ නමකට ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා මේ දිනවල මුදල් ආධාර එකතු කරනවාද?

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවන් වලදී උදව් උපකාර අවැසි මිනිසුන් සඳහා නන්දෙසින් උපකාර ලබා ගැනීමට මහඟු අත්වැලක් වෙනවා. එවැනි සත්‍ය සිදුවීම් මෙන්ම අසත්‍ය තොරතුරු ද, සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන්නේ ඇතැම් අවස්ථා වලදී උදව් උපකාර කිරීම වැනි අරමුණු අභිබවා යමින් ෆේස්බුක් පිටු සහ සමුහ ජනතාව අතර ජනප්‍රිය කරවීමට එම සටහන් හුවමාරු වීමට සැලැස්වීමයි.  එවැනි […]

Continue Reading

මැලිබන් චොකලට් ක්‍රීම් බිස්කට් ග්රූම් 400 පැකැට්ටුවක මිල රු.600 සිට රු.300 දක්වා අඩු කරාද?

ලංකාව මුහුණපාමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ, උද්ධමන වේගය සීග්‍රයෙන් ගොස් භාණ්ඩ හා සේවා සියල්ලකම වාගේ මිල නොසිතූ විරූ අන්දමින් වැඩි වී තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වූයේ බිස්කට් වර්ග වල මිල ඉහළ යාම පිළිබඳවයි. එවන් පසුබිමක බිස්කට් මිලදී ගැනීමෙන් වැළකී සිටීමෙන් බිස්කට් මිල පහත දමන බවට දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]

Continue Reading

පෘථීවියේ භ්‍රමණ වේගය වැඩිවෙයි, බරපතල වෙනස්කම් ඉදිරියේදී ?

අප ජිවත්වන ග්‍රහලෝකය ,එහි ස්වභාවය , භ්‍රමණය වන ආකාරය ආදිය සම්බන්ධයෙන් බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක් සහ කුතුහලයක් . ඒ හේතුව නිසාම බොහෝ දෙනා අප ජිවත්වන මෙම ග්‍රහලෝකය ගැන විස්තර කතා වන අතර පෘථිවි චලිතයන්ට සම්බන්ධ සිදුවීම් පිලිබදව සමාජ ජාලා සටහන් පළවන ආකාරය බොහෝ අවස්ථාවන්හිදී දැක ගන්නට පුලුවන්. මීට මාස කිහිපයකට පෙර වාර්තා පෘථිවි භ්‍රමණ […]

Continue Reading

ලොව කඩවසම්ම පුද්ගලයා ලෙස BTS සංගීත කණ්ඩායමේ “Kim Nam-Joon” තේරී පත් වුණාද?

ලොවපුරා ප්‍රේක්ෂක ආදරය දිනූ වඩාත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන කොරියානු BTS සංගීත කණ්ඩායම පිළිබඳ ජාත්‍යන්තරය මෙන්ම මෙරටදීද මේ දිනවල වැඩි වශයෙන් අවධානය යොමු වී තිබුණේ, එහි නායක”Kim Nam-Joon” ලොව කඩවසම් පුද්ගලයා ලෙස තේරී පත් වීම පිළිබඳවයි. කොරියානු පුද්ගලයන් විසින් ඔවුන් අඳින පළඳින විලාශය, ඔවුන්ගේ විලාසිතාවන් කාන්තාවන්ගේ විලාසිතා වල ස්වරූපය ගන්නා බැවින් මේ කණ්ඩායමට ද, ඇතැම් […]

Continue Reading

ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලංකාවට ගෙන්වීම සදහා USD 60,000 ක් ලංකාවට එවා තිබිය යුතුද?

ලංකාව මේ වන විට දැඩි විදෙස් විනිමය අර්බුදයකට මුහුණදී තිබෙනවා. එම තත්ත්වය තුළ අත්‍යවශය ද්‍රව්‍ය පවා රටට ආනයනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව තිබෙනවා. රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් ලංකාවට එවනු ලබන විදෙස් ප්‍රේෂණයි.  රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඉහල දමා ගැනීම සදහා නිත්‍යානුකූල ක්‍රම ඔස්සේ එනම් බැංකු පද්ධති හරහා ලංකාවට ප්‍රේෂණ […]

Continue Reading

රිය අනතුරින් දිනේෂ් මුතුගල ජීව විද්‍යා දේශක ජීවිතක්ෂයට පත් වූ බවට අසත්‍ය සටහනක්!

සමාජයේ ප්‍රසිද්ධියක් උසුලන ඕනෑම පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇතැම් කරුණු ඔස්සේ සමාජ මාධ්‍යයේ අසත්‍ය සටහන් මෙන්ම නොමග යවන සුළු සටහන් හුවමාරු වනවා. එහි ඇති වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ, එම පුද්ගලයන් යම්කිසි අසනීප තත්ත්වයෙන් පසුවුවහොත් හෝ රෝහල් ගත කිරීමකදී එම ප්‍රසිද්ධ චරිත ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමයි. එවැනි පුවතක් සම්බන්ධයෙන් එහි […]

Continue Reading

ලංකාවට මුදල් එවන ලෙස විදේශගත ශ්‍රමිකයන්ගෙන් හඳුන්නෙත්ති ඉල්ලීමක් සිදු කළාද?

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ව කාලීන මාතෘකා ඔස්සේ විටින් විට සමාජ කතිකාවතාවකට භාජනය වනවා. ඒ අතර ව්‍යාජ ප්‍රකාශයන් රැගත් සටහන් ප්‍රමුඛ වනවා. එලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළක නිරවද්‍යතාවය සොයා අප කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රටේ මූල්‍ය කළමනාකරණය යම් තරමකට විශ්වාසනීය මට්ටකට […]

Continue Reading

අරගලයට සම්බන්ධවූ නිසා වීසා අහිමිවූ බ්‍රිතාන්‍ය කාන්තාවට ලිංගික අල්ලස් ලබාදීමේ චෝදනා?

Kayleigh Fraser නම් බ්‍රිතාන්‍ය කාන්තාව පසුගිය සමය තුළ ශ්‍රී ලාංකික මෙන්ම අන්තර්ජාතික මාධ්‍ය තුළ ද අවධානයට ලක්වුයේ, ඇයගේ වීසා අහෝසිකිරීමට ලංකාවේ බලධාරීන් කටයුතු කිරීම මතයි. මෙම කාන්තාව සම්බන්ධයෙන් සමාජ ජාලාවල මිශ්‍ර අදහස් පළවන අතර ඇයගේ වීසා අහෝසි කිරීමට පක්ෂපාති මත දරන අය මෙන්ම විරුද්ධ මත දරන අයද සිටිනවා. කෙසේ නමුත් ඇය විසින් කිසියම් පිරිසකට ලිංගික […]

Continue Reading

‘සිබිල් නැන්දා’ගේ අභාවය සම්බන්ධයෙන් පළ වූ නොමගයන සුළු සටහන්!

ළමා ලෝකය වර්ණවත් කිරීමට සිය තෙළිතුඩ මෙහෙයවූ, ‘සිබිල් නැන්දා’ ලෙස ජනාදාරයට පත්  සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අභාවය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමගයන සුළු සටහනක් පිළිබඳ අප කළ විමසා බැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : ළමා සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදුණු ‘සිබිල් නැන්දා’ මෑතකදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා. Facebook | Archived […]

Continue Reading

Covid19 පිළිබඳ අනාවැකියක් කර්නල් ගඩාෆි 2009 වසරේ දී පැවසුවාද?

2019 වර්ෂයේ අග භාගයේදී චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ බවට සැලකෙන කොවිඩ්19 වසංගත තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වුයේ විශාල පිරිසක් ජීවිතක්ෂයට ද පත්කරමින්. එන්නත්කරණය ඔස්සේ යම්තාක් දුරට රටවල් බොහෝමයක් මෙම වෛරසයේ බලපෑම පාලනය කරගෙන තිබුණ ද මේ වන විටත් කොවිඩ් වසංගතයේ විවිධ ප්‍රභේදවලට ගොදුරු වී මිනිසුන් ජීවිතක්ෂයට පත් වනවා. ලංකාවේ ද නැවත වරක් කොවිඩ්19 හේතුවෙන් […]

Continue Reading