Archives

යක්ෂයන්ගේ මුහුණු සහිත කමිස හැදි සජබ මන්ත්‍රීවරු ?

මීට දින කිහිපයකට පෙර පාස්කු ප්‍රහාරය සිදුවී වසර 3 ක් සම්පූර්ණ වුණා. එවන් පසුබිමක් තුළ පසුගිය වසරක පැවති පාස්කු දින සැමරුමක ඡායාරූප විකෘති කර, සමගි ජන බලවේගය ඉලක්ක කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණා. මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසුමයි. සමාජ ජාලා සටහන්  සජිත් ප්‍රේමදාස විපක්ෂනායක ඇතුලු සමගි ජන බලවේගයේ නායකයන් කලු […]

Continue Reading

පොලීසියට රතු රෝස මලක් ලබා දුන් තරුණිය හරීන්ටත් මලක් පිදු අවස්ථාවක් ?

මීට සති කිහිපයකට පෙර, අරගල භූමියක දී, තරුණියක් විසින් රතු රෝස මලක් පොලීසිය වෙත ලබාදීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් සේ කතා බහට ලක් වූ දර්ශනයක් වූවා. ඉන් අනතුරුව ඇය විසින්ම මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට පසුගිය දා කහ පැහැති මලක් පිදු බවක් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පෙළක් හුවමාරු වූ අතර එහි නිරවද්‍යතාවය සොයා […]

Continue Reading

රනිල් හොරුන්ව ආරක්ෂා කළ බවට චෝදනා කරන සටන් පාඨයක් අතැතිව උද්ඝෝෂණයක යෙදී සිටින භාගේශ්වරී?

බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම් අවස්ථාවල දී ලැබීමට පුළුවන්. එවන් සංස්කරණයක් පිළිබඳව අපගේ විමර්ශනයක් පහතින්. සමාජ ජාලා සටහන්  […]

Continue Reading

රඹුක්කන පොලිස් ස්ථානාධිපතිගේ ඡායාරූපයක් ද?

රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් ඊයේ(19) ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවයේදී විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් සිදු කළ පහර දීම සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද අවධානය යොමු වුණා. මෙම සිදුවීමට මූලික වූ බවට රඹුක්කන පොලිස් ස්ථානාධිපති බවට සඳහන් කරමින් ඔහුගේ සහ ඔහුගේ පවුලේ ඡායාරූප බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන් […]

Continue Reading

අනුර – සජිත් දෙදෙනාත් පැන්ඩෝරා පේපර්ස් වලට ඇතුළත්ද ?

දැනට මාස කිහිපයකට පෙර  ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් හෙළි කරනු ලැබුවා. මෙහි ලාංකික යුවලකගේ ද නම් සඳහන් වී තිබීමත් සමඟම පැන්ඩෝරා ලේඛන පිළිබඳ මෙරට ද විශේෂ අවධානයක් යොමු වී තිබුණා. මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

රඹුක්කන විරෝධතාවයේදී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ ඡායාරූප ද?

රඹුක්කන නගරයේ අද (19) සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර තුවාල ලබා රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් අතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබුණා. එලෙස රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට සඳහන් කරමින් ඔවුන්ගේ ඡායාරූප බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් කිහිපයක් සංසරණය වුණා. එම ඡායාරූප වල දැක්වෙන්නේ සත්‍ය පුද්ගලයන්ගේ ඡායාරූප ද යන්න […]

Continue Reading

විජිත හේරත් මත්පැන් බෝතලයක් පසෙකින් තබාගෙන ආහාර ගන්නා අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]

Continue Reading

ගෝල්ෆේස් අහසේ #GOHOMEGOTA ලෙස ප්‍රක්ෂේපණය කර තිබු අයුරු?

ජනපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව ඉල්ලමින් අප්‍රේල් 9 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් භුමියේ අඛණ්ඩව පවත්වාගෙන යන මහජන අරගලයේ දී විවිධාකාරයේ නව්‍ය විධික්‍රම ඔස්සේ ද විරෝධතාව දක්වන තරුණ පිරිස් ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මත සිදුකල ප්‍රක්ෂේපණ පිළිබඳව ද, බොහෝ සෙයින් කතාබහට ලක් […]

Continue Reading

ඉම්රාන් පකිස්තානයේ අගමැති ධුරයෙන් පහ කිරීම සම්බන්ධයෙන්, Joe Biden සතුටු වූ අවස්ථාවක් ? (Video)

විශ්වාසභංගයකින් ඉවත් කෙරුණු පාකිස්ථානයේ පළමු අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමින්, ඉම්රාන් ඛාන් පසුගියදා එරට  අගමැති ධුරයෙන් ඉවත් කෙරිණි. අමෙරිකානු ජනාධිපති Joe Biden, පකිස්තාන අගමැති ඉවත්කිරීමට මුල් වු විශ්වාසභංගයේ ප්‍රථිපල නිකුත් කරන අවස්ථාවේ වීඩියෝවක් නරඹමින් ඒ පිළිබඳව සතුටු වු බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : “ඇමෙරිකානු ආශිර්වාදයෙන් පාකිස්තානයේ […]

Continue Reading

කොවිඩ් ආසාදිත බැසිල්  සිනහමුසු මුහුණින් රෝහල්ගත වී පසුව රහසේම රටිනුත් පිටවුණාද ??

පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය, ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂවරුන් දැඩි විවේචනයන්ට ලක්ව සිටිනවා. එවන්  වටපිටාවක් තුළ කොවිඩ් ආසාදිතව රෝහල්ගතවූ  බවට මාධ්‍ය වාර්තා පළවූ ජනාධිපතිවරයාගේ  සහෝදරයෙක් වන, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පිළිබදව විවිධ තොරතුරු සමාජ ජාලාවල පළ වුණා. ඔහු සිනහ මුසු මුහුණින් රෝහල්ගත වූ අවස්ථාවවේ ලබාගත් ඡායාරුපයක් බවටත් පසුව මෙරටින් රහසේම පිටත්ව ගිය බවටත් සමාජ […]

Continue Reading

ගාලුමුවදොරට පැමිණි චන්දන සූරිය බණ්ඩාර, එහි සිටි තරුණයන්ට “දැන් ඇති-යන්න” කියයි ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවට පවසමින් ගාලු මුවදොර පිටියේ මේ වන විට දියත් කෙරෙන විරෝධතාවයට සහභාගී වූ ප්‍රවීන මාධ්‍යවේදී චන්දන සූරිය බණ්ඩාර මහතා විසින් රැස්ව සිටි විරෝධතකරුවන්ට ඉන් ඉවත් වන ලෙසට සඳහන් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ගෝල්ෆෙස් […]

Continue Reading

නාමල්ගේ අමාත්‍යාංශයේ පිරිසක් අයථා ක්‍රියා පිළිබඳව නාමල් ට බැනවැදුණු අවස්ථාවක්?

අයථා ලෙස මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හෙළි කළ පුද්ගලයෙකු සමග තවත් පිරිසක් ගැටුමක් ඇති කර ගන්නා ආකාරයේ පෙන්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. එහි සඳහන් කර තිබුණේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව ඇති වූ ගැටුමකදී ඔහුගේ අමාත්‍යාංශය මැදිහත්ව එම ගැටුම ඇති කර ගත් බවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

“Gota Hell”, ලෙස සදහන් විරෝධතා පුවරුවක් අතැතිව සිටින යොහානි ?

දිනෙන් දින උත්සන්න වන මහජන විරෝධය හමුවේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැඩි දෝෂාරෝපණයට ලක්වයි සිටින්නේ .එවන් වටපිටාවක් තුළ ජනාධිපති ඉලක්ක කර ගනිමින් නොමගයවන සුලු සටහන් සමාජ ජාලා හරහා වේගයෙන් පැතිර යන අවධියක, ගායන ශිල්පී යොහානි සම්බන්ධ කර ගනිමින් සැකසුණු සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන්  යොහානි […]

Continue Reading

ගාලුමුවදොර පිටියේ විරෝධතාවය පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්!

ගාලුමුවදොර පිටිය මූලික කර ගනිමින් පසුගිය සෙනසුරාදා සිට මේ වන තෙක් අඛණ්ඩව සිදු කරනු ලබන සාමාකාමී විරෝධතාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් කිහිපයක් සංසරණය වූවා. අප එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : ‘රැට්ටා’ නමැති ජනප්‍රිය යූ ටියුබ් නාලිකාව මෙහෙයවන රතිඳු සේනාරත්න විසින් අරගලය මුවාවෙන් මුදල් වංචා කරන උපුල් සන්නස්ගලට […]

Continue Reading

TIME සඟරාවේ ප්‍රධාන කවරයේ ගෝඨාභය රාජපක්ෂ ලෝකයේ නරකම ජනාධිපති ලෙස සඳහන් කළාද?

මෙරට පවතින ආර්ථික අර්බුදය හමුවේ, රට අරාජික වීමට හේතුව වී ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් බවත්, ඔවුන් බලයෙන් පහ කළ යුතු බවත් ඉල්ලමින් දිගින් දිගටම මේ දිනවල ජනතා විරෝධතා පැවැත්වෙනවා. මේ පිළිබඳව ජාත්‍යන්තරයේද අවධානය යොමු වී ඇති මේ වකවාණුවේදී, සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණේ, TIME සඟරාව විසින් ද, ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ප්‍රධාන […]

Continue Reading

විදුලි කප්පාදුව සහ ක්ලෝරීන් හිඟය නිසා කොළඹ නල ජලය බීමට නුසුදුසු තත්ත්වයේද ?

පවතින ආර්ථික අර්බුදය හමුවේ , මහ ජනතාව මේ ගෙවෙමින් පවතින්නේ ඉතාම දුෂ්කර වකවානුවක්. එවන් තත්ත්වයක් තුළ රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පවා අභියෝගාත්මක තත්ත්වයකට පත්වයි තිබෙන්නේ .මේ පසුබිම තුළ ජලය පිරිපහදු කිරීම සදහා අවශ්‍ය ක්ලෝරීන් හිගවීම සහ පිරිපහදු මධ්‍යස්ථාන අවට සිදුවන විදුලි කප්පාදු නිසා ඒවායේ ක්‍රියාකාරීත්වයට සිදුවන බලපෑම නිසා කොළඹ ප්‍රදේශවල නල ජලය පානය සදහා […]

Continue Reading

විරෝධතාවය යෙදෙන භූමියේ භාවිත කළ උපත් පාලන කොපු මාර්ගයේ වැටී ඇති අයුරු  ?

පසුගිය 09 වන දා සිට මේ දක්වා ගෝල්ෆේස් ග්‍රීන් පිටිය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට විරුද්ධව විරෝධතාවයක් පැවැත්වෙනවා. මෙහිදී රාත්‍රී කාලයේදී ද කඳවරු ලමින් විරෝධතාවයේ නියැලෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූපයක් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූවා. මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ විමර්ශනයයි […]

Continue Reading

FACT CHECK: ජනතාව අරගල කරන්නේ මාව ජනපති කරන්නයි- සජිත් ?

ජනාධිපතිවරයාට ඇතුළු පාලක පක්ෂට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් සිදු වන මහජන උද්ඝෝෂණ නිසා දේශපාලන වේදිකව ද උණුසුම් වෙමින් පවතින පසුබිමක් තුළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස උපුටා දක්වමින් ව්‍යාජ සටහන් සමාජ ජාල තුල පැතිරෙනවා.මේ එවන් සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස […]

Continue Reading

මෙරට විරෝධතාවයට සහය පළ කරමින් බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වුණාද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුල් කරගනිමින් මේ දිනයන්හි දීප ව්‍යාප්තව සිදු කෙරෙන විරෝධතාවයන්ට සහය පළ කරමින් හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් තුළ එම විරෝධතාවය දැක්වීමට භාවිතා කරන #GOHOMEGOTA හෑෂ් ටැගයද දක්වමින් ඩුබායි හි බර්ජ් කලීෆා කුළුණ වර්ණවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සත්‍ය සොයා අප කළ විමසුමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියට ඇතුල්වීම තහනම් ද?

දීප ව්‍යාප්තව මේ දිනවල පවත්වන විරෝධතාවන්ට සමගාමීව අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණේ, ගාලු මුවදොර පිටිය සංවර්ධනය කටයුතු සඳහා වසා දමා ඇති බවටයි. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : හෙට (09) දිනයේ පැවැත්වීමට නියමිත […]

Continue Reading