දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ජනාධිපතිවරණය ආසන්න වත්ම දේශපාලන නායකයන් විසින් සිදු කරන කතා විවිධ ආකාරයට සංස්කරණය කර සමාජ ජාලාවල නොමගයවන සුළු ලෙස පැතිරෙනවා. මේ සමගි ජන බලවේගයේ දේශපාලන නායිකාවක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ කතාවක් විකෘති කිරීමක් සම්බන්ධව අප විසින් කරන කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

හිරුණිකා විසින් සමගි ජන බලවේගයේ නායකයා වන සජිත් සහ මහින්ද ,රනිල් රටට අවශ්‍ය නැති බවත් රටට අවශ්‍ය අනුර කුමාර බවත් පවසන ආකාරයට සමාජ ජාලා සටහන් පැතිරුණා. මෙය මුස්ලිම් කාන්තාවන් රැසක් සම්බන්ධවන රැලියකදී පවසන බවක් දක්නට ලැබෙනවා.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප විසින් සොයා බැලුවේ හිරුණිකා විසින් මෙවන් ප්‍රකාශයක් සිදුකර ඇති බවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කාරණයයි. එහිදී අපට දක්නට ලැබුණේ එවන් පුවතක් වාර්තා කර නොමැති බවයි.

ඉන්පසුව අප මෙම වීඩියෝ ව සැකසීමට යොදාගත් මුල් වීඩියෝව නිරීක්ෂණය කළා. එහිදී අපට දක්නට ලැබුණේ හිරුණිකා විසින් මීට මාස කිහිපයකට පෙර මඩකලපුව ප්‍රදේශයේ රැලියකදී කරන ලද කතාවක කොටසක් සංස්කරණය කිරීමෙන් සමාජ ජාලාවල බහුලව පැතිරෙන වීඩියෝව සකසා ඇති බවයි. එහිදී ඇය පවසන්නේ මහින්ද ,රනිල් සහ අනුර අවශ්‍ය නැති බවත් (දෙමළ භාෂාවෙන් "වානා") යනුවෙනි. සජිත් ප්‍රේමදාස පමණක් රටට අවශ්‍ය බවත් ("ඕනා") යනුවෙන් ද අය පවසන එම වීඩියෝව පහතින්.

එම රැලියේ සජීවී විකාශයේ පැය 1 මිනිත්තු 20 ක කාලය තුල ඇයගේ කතාව ශ්‍රවණය කල හැකියි.සජීව විකාශයේ වීඩියෝවට පිවිසිය හැකියි මෙතනින්
වීඩියෝ සංසන්දනය පහතින්


හිරුණිකා පසුගිය කාලය පුරාවටම සක්‍රියව සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු සඳහා සහභාගී වී තිබු අතර මේ දිනවල ඇය විපක්ෂ නායකතුමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල අයුරු දැක ගන්නට ලැබෙනවා.

අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

නිගමනය

අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුවේ සජිත් අවශ්‍ය නොමැති බවට සහ අනුර අවශ්‍ය බවට හිරුණිකා විසින් පවසා නොමැති අතර ඇය විසින් මඩකලපුවේදී සිදුකරන ලද ප්‍රකාශයක් විකෘතිකර සමාජ ජාලාවල පළවන බවයි.

Claim Review :   රටට ඕනි අනුර - හිරුණිකා
Claimed By :  Social Media Users
Fact Check :  ALTERED