මැතිවරණ උණුසුම වැඩි වෙත්ම ජනාධිපතිවරණ අපේක්ෂකයන් මෙන්ම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍යය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීම බහුලව දක්නට ඇත. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමුවෙනි පියවර වන තැපැල් ඡන්ද විමසීම ආරම්භවීමත් සමගම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රවෘත්ති සීඝ්‍ර ලෙස හුවමාරු වී තිබුණි.

තැපැල් ඡන්ද විමසීම මුල් දිනය (ඔක්තෝබර් 31 ) සිටම එක් එක් අපේක්ෂකයන් තැපැල් ඡන්ද ලබාගත් ප්‍රතිශත දැක්වෙන සටහන් සමාජ ජාල හරහා පැතිර යමින් තිබුණි.

Iraj production නම් වූ ෆේස්බුක් ගිණුමක “තැපැල් ඡන්දයෙන් ගෝඨාට අති විශිෂ්ට ජයක්” මැයින් සටහනක් පළ කර තිබුණි. තැපල් ඡන්ද වලින් සියයට 95% ගෝඨාභය රාජපක්ෂ මහතාට ද සියයට 3% සජිත් ප්‍රේමදාස මහතාට ද සියයට 2% වෙනත් අයටද හිමි වූ බවට මෙහි සටහන්ව තිබුණි. එය මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ලද රහසිගත විශ්වාසවන්ත ආරංචියක් ලෙසද සඳහන් කර තිබුණි.

Facebook LinkArchived Link

“තැපැල් ඡන්දයෙන් සජිත් පිල හාන්සියි” යනුවෙන් ප්‍රතිශත සහිත නොමගයවන සුළු ආකාරයේ ට්විටර් සටහනක් ද සමාජ ජාල හරහා පැතිර යමින් තිබේ. එම සටහන පහතින්

Twitter LinkArchived Link

තැපැල් ජන්ද විමසීමේ පලමු දිනය වූ ඔක්තෝබර් මස 31 නීති විරෝධී ලෙස ඡායරූප ගතකල නිල ඡන්ද පත්‍රිකාවන්නි සේයාරූ ද ෆේස්බුක් ගිණුම්වල දක්නට ලැබුණි. “තැපැල් ඡන්දයෙන් 60% සජිත් ට” යනුවෙන් සදහන් කල සටහනක් ද සමාජ ජාල හරහා පැතිර යමින් තිබේ.

Facebook LinkArchived Link

“විජයග්‍රහණයට අත්වැලක් වූ ජයග්‍රාහී තැපැල් ඡන්ද ප්‍රතිඵලය” යනුවෙන් තැපැල් ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ සටහනක් මෙසේ ද පළවී තිබුණි.

Facebook LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කරුණු විමසීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තැපැල් ඡන්දය පිළිබඳ උපදෙස් මාලාව අඩංගු කොටස පරීක්ෂා කළෙමු. එහි කිසිඳු තැනක ජනාධිපතිවරණය නිමවීමට ප්‍රථම තැපැල් ඡන්ද ගණන් කිරීමේ හැකියාවක් ගැන සඳහන් නොවීය.

Postal Voting Q & A on Election Commission WebArchived Link

තැපැල් ඡන්ද පහසුකම් සැලසිය යුත්තේ කවර පාර්ශව වලටද යන්න පිළිබඳව ද එහි සඳහන් වී තිබුණි.

2019 ජනාධිපතිවරණය සදහා වන තැපැල් ඡන්ද විමසීම ඔක්තෝබර් මස 31 සහ නොවැම්බර් 1 දිනයන්හි සිදුවිය. සියලූම පොලිස් ස්ථානවල හා දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් 04 හා 05 දිනවල සිදුකිරීමට නියමිතව තිබු අතර අදාළ දිනයන් හි දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට නොවැම්බර් 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කර සඳහන් කර සිටියා. එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබුනේ මෙවර ජනාධිපතිවරණය සදහා රාජ්‍ය සේවයේ අයදුම්කරුවන් 659,317 සුදුසුකම් ලබා තිබු බවයි.

News.lk articleArchived Link

මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ තැපැල් ඡන්ද සලකුණු කිරිම අවසන් වන්නේ නොවැම්බර් මස 07 වන දින බැවින් එහි ප්‍රතිඵලය පිළිබඳව අනුමානයක් හෝ ඊට පෙර සිදු කිරීම සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි.

ඡන්ද පත්‍රිකා ඡායාරූප ගත කරන පුද්ගලයින් පිලිබඳ නීතිමය කටයුතු ගන්න බව මැතිවරණ කොමසාරිස්වරයා කිහිප අවස්ථාවකදීම නිවේදනය කර සිටියද, විශේෂයෙන්ම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ආධාරකරුවන් කිහිපදෙනෙකුම විසින්ම තමන් ලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවල ඡායාරූප, ජංගම දුරකථන මඟින් ලබාගෙන, සමාජ මාධ්‍ය හරහා පළකර තිබෙනු දැකගන හැකිවිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එබඳු පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදුකෙරෙන අතර දැනටමත් දිවයිනේ විවිධ පළාත්වලින් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගෙන ඇති බවයි.

තවද පසුගියදා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ අපේක්ෂිත කාල වේලාවන් පිළිබඳව සිදුකළ දැනුම්දීමකදී සඳහන් කර සිටියේ, තැපැල් ඡන්ද ගණන් කිරීම නොවැම්බර් මස 16 වන දින මුලික ඡන්ද විමසීමෙන් අනතුරුව ආරම්භ වන බවයි. ඒ පිළිබඳව ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කර තිබුණේ මෙලෙසිනි.

Daily News Article on Press Polls ResultsArchived Link

2019 ජනාධිපතිවරණයේ කටයුතු පිළිබඳව ජනතාව මාධ්‍ය හරහා දැනුවත් කිරීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සම්බන්ධිකරනයෙන් ඔක්තෝබර් මස 25 මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදුකරන ලද ප්‍රකාශයේ ද මෙම කරුණු පැහැදිලි කර තිබුනා. තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනෙකුත් ඡන්ද දායකයින්ට බලපෑමක් ඇති වෙන බැවින් මෙසේ මුලික ඡන්ද විමසීමෙන් අනතුරුව (නොවැම්බර් මස 16 සවස 5න් පසුව), තැපැල් ඡන්ද ගණනය සිදු කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර තිබුණා.

https://youtu.be/uIXTf6H1Ols?t=106

තැපැල් ඡන්ද ගණන් කිරීම පිළිබඳව විමසීමට මැතිවරණ කොමිෂන් සභාව ද සම්බන්ධ කරගතිමු. එහිදී ඔවුන් පවසා සිටියේ ද තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කරනු ලබන්නේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පවත්වන නොවැම්බර් මස 16 වැනි දින ඡන්දය සලකුණු කිරීම අවසන්වූ පසුව බවයි.

Update : තැපැල් ඡන්දවලින් අපේක්ෂකයින් ජයග්‍රහණය කර ඇති බවට දේශපාලඥයින් හා ආධාරකරුවන් සිදු කරන ප්‍රකාශ සත්‍ය නොවෙයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින්ප්‍රකාශ කර සිටියේ මෙලෙසිනි.

News.lk article Archived Link

Conclusion: (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ තැපැල් ඡන්ද අවසන් වන්නේ නොවැම්බර් 7 (හෙට) වන අතර එහි ගණන් කිරීමේ කටයුතු ආරම්භ වන්නේ නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන මූලික ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් අනතුරුව බවයි. එබැවින් “තැපැල් ඡන්දයෙන් ගෝඨාට අති විශිෂ්ට ජයක්” , “තැපැල් ඡන්දයෙන් 60% සජිත් ට” යනුවෙන් සදහන් වී ඇති සටහන් සියල්ලම සම්පූර්ණයෙන්ම සාවද්‍යයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:තැපැල් ඡන්දයෙන් අපේක්ෂකයන් ලබාගත් ප්‍රතිඵල ප්‍රතිශතයන් නිවැරදි ද ?

Fact Check By: Sahan Perera

Result: False