ජනාධිපතිවරණයේ උණුසුම වැඩි වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයින්ගේ පමණක් නොව ඔවුන් සමඟ මැතිවරණ ව්‍යාපාරයේ නියැලී සිටින අනෙකුත් දේශපාලන නායකයින්ගේ කතා විකෘති කොට ඔවුන් නොකළ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ජාලා තුළින් එළි දැක්වීමට විවිධ පුද්ගලයින් ඉදිරිපත් වී සිටියි. ඒ අතුරෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශ කිහිපයක් ම සංස්කරණය කොට පළ වී තිබෙනු දක්නට ලැබුණි.
ප්‍රකාශය 1 : “එයා උනත් දැනගන්න ඕනෑ ඕන බයියොන්ව මෙහෙම චාටර් නොකර ඉන්න” යන තේමාව යටතේ හිරු නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයක උපුටා ගත් සේයාරුවක දැක්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා “රිෂාඩ් හකීම් ආවොත් පිළිගන්නවා” යනුවෙන් ප්‍රකාශ කළ ආකාරයට ය
Facebook Link | Archived Link | Facebook Link 2 | Archived Link 2 |
මෙම සටහනට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙකු පාහේ පවසා තිබුණේ මෙය සංස්කරණය කරන ලද ඡායාරූපක් බැවින් එහි අඩංගු කරුණු නොපිළිගන්නා ලෙසය.
Fact Check: මෙම ඡායාරූපය අධ්‍යයනය කිරීමේදී එය හිරු නාලිකාවේ රාත්‍රී 9.55 ට වූ ප්‍රවෘත්ති විකාශයකින් සේයාරුවක් බව පෙනෙයි. එම නිසා අප හිරු නාලිකාවේ රාත්‍රි 9.55 ප්‍රවෘත්ති විකාශයන් පරීක්ෂා කළෙමු. ඔක්තෝබර් මස 31 දින හිරු නාලිකාවේ රාත්‍රි 9.55 ප්‍රවෘත්ති විකාශය මෙම සේයාරුවට සමාන සේයාරූ පටයන් දක්නට ලැබුණි.
පහත පෙන්නුම් කර තිබෙන්නේ ඔක්තෝබර් මස 31 දින හිරු නාලිකාවේ රාත්‍රි 9.55 ප්‍රධාන පුවත් විකාශයේ පළවූ වීඩියෝ දර්ශනවල මුල් ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූප සංසන්දනය කිරීමකි.
Hiru News – October 31st 9.55 pm |
මුල් වීඩියෝවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ මහින්ද රාජපක්ෂ මහතා ජනතාව අමතන අවස්ථාවක පළවන කෙටි නිවේදනයේ (news ticker) “ඡන්ද වල එකතුව” යනුවෙන් පලවී ඇති කොටස “රිෂාඩ් හකීම් ආවොත් පිළිගන්නවා” යනුවෙන් සංස්කරණය කොට පළ කර ඇති බව පෙනී යයි. ඒ අනුව ඉහත ප්‍රකාශය සම්පුර්ණයෙන්ම සාවද්‍ය ලෙස සංස්කරණය කිරීමකි.
ප්‍රකාශය 2 : “නැගෙනහිරට අපි වෙනමම පළාත් පාලන රාජ්‍යයක් දෙනවා” යනුවෙන් එම අයුරින්ම පළවූ තවත් සටහනක දක්වා තිබුනි
Facebook Link | Archived Link | Facebook Link 2 | Archived Link 2 |
Fact Check: මෙම සේයාරුව දෝෂ මට්ටම් විශ්ලේෂණයකට (Error Level Analysis) ලක් කළෙමු. එම සේයාරුවේ පහලින් ඇති ප්‍රවෘත්ති කෙටි නිවේදනය (news ticker) ඇතුළත් කොටස ඡායාරූපයේ අනෙකුත් කොටස් වලට වඩා වෙනස් සම්පීඩන මට්ටමක (compression level difference) පවතින දක්නට තිබිණි.
සේයාරුව සංස්කරණය නොකරන ලද්දක් නම් සම්පීඩන මට්ටම සෑම ස්ථානයකම එක හා සමාන තිබිය යුතුය. ඒ අනුව මෙය හිරු ප්‍රවෘත්ති විකාශයේ ඡායාරූපයක් සංස්කරණය කර නිපදවා ඇති අසත්‍ය ප්‍රකාශයක් බව සනාථ විය.
ප්‍රකාශය 3 : “ඊයේ සයින්දමර්ද ගිහින් වෙනම පාලනයක් දෙනවා කිව්වේ ඇයිද මහින්ද මහත්තයෝ, සිංහල පැතිවල ජාතිවාදය වපුරලා සුළු ජාතීන් ඉන්න පැතිවලට ගිහින් පොරොන්දු දෙනවා නේද… අනේ මෙහෙම අහිකුණ්ඨික දේශපාලනයක්” යනුවෙන් යෙදූ සටහනක් ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සීඝ්‍රයෙන් හුවමාරු වී තිබුණි.
Facebook Link | Archived Link |
Fact Check: අප 2019 ඔක්තෝබර් 26 වැනි දින සියලුම රූපවාහිනී නාලිකාවන්හි ප්‍රවෘත්ති වීඩියෝ පට පරීක්ෂාවට ලක් කළෙමු. මෙහිදී විපක්ෂ නායකතුමා සයින්දමරුදු වලට වෙනම පාලනයක් නොව නගර සභාවක් ලබාදෙන බවට ජන රැලියකදී දුන් පොරොන්දුවක් අද දෙරණ ප්‍රවෘත්ති විකාශයේ අඩංගු විය.
මේ අනුව සයින්දමරුදු වලට නගර සභාවක් ලබාදෙන බවට සිදුකරන ලද ප්‍රකාශය, සයින්දමරුදු වලට වෙනම පාලනයක් ලබාදෙන ලෙසට සංස්කරණය කොට පළකර ඇති බව පෙනී යයි.
තවද පසුගිය දින කිහිපය තුළදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් යොදාගනිමින් හුවමාරු වන සටහනක දක්වා තිබුණේ “මමත් සජිත්ට..මල්ලි මගෙන්මයි අහන්නේ..මට එපා වෙලා තියෙන්නේ” එබැවින් හංසයා ලකුණ ඉදිරියේ කතිරය ලකුණු කරන ලෙසයි.
Facebook Link | Archived Link |
පසුගියදා සිදුවුන මාධ්‍ය සාකච්ඡාවකදී ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකරන ලද ප්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දීම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් උපහාසාත්මකව කථා බහට ලක් වී තිබුණි. එම කරුණු යොදාගනිමින් උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද සටහනක් වුවද මෙයද ෆේස්බුක් පරිශීලකයින් අතර බොහෝ සෙයින් පැතිරී ගොස් ඇති බව පෙනෙන්නට තිබුණි.
අවසාන නිගමනය
මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඉහත ප්‍රකාශ සියල්ලම සාවද්‍ය ලෙස සංස්කරණය කර ඇති බවයි

Title:විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අළලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්
Fact Check By: Sahan PereraResult: False
