ගෝඨාභය රාජපක්ෂගේ ගුවන් ටිකට්පතේ ඇත්ත නැත්ත!

Political

“කඩේ ගිය පොහොට්ටුව අනාථයි” යනුවෙන් නම් කරන සටහනක් පසුගිය සති අන්තය තුල විශාල වශයෙන් මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් තිබෙන අතර දැකගැනීමට හැකිවුනා. මෙහි තවදුරටත් ගුවන් ටිකට් පතක ඡායාරූපයක්ද සමඟම දක්වා තිබුනේ “ගෝටා පරාජය පිළිගනී.. ඡන්දයට වියදම් කිරීම බැසිල් නවතයි… නඩු කටයුතු ආරම්භ වීමට පෙර රටෙන් පිට වීමට දෙපළ තීරණය කරයි.. ඩුබායි හරහා ඇමෙරිකාවට පැනීමට ගුවන් ටිකට්පත් වෙන් කරයි.. පොහොට්ටුවේ අනාගතය අවිනිශ්චිතයි..” යනාදී වශයෙනි.

Facebook LinkArchived LinkFacebook Link 2Archived Link 2

මෙබඳු සටහන් රාශියක් ගුවන් ටිකට් පතක ඡායාරූපයක් ද සහිතව සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසරනු අපට දැකගැනීමට හැකිවුනා. පහත දැක්වෙන්නේ තවත් එබඳු සටහනකි.

Facebook PostArchived Link

මෙය ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් බව කිහිප දෙනෙකු විසින්ම ප්‍රකාශ කර තිබීම හේතුවෙන් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමට අදහස් කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

ඉහත ප්‍රකාශ සියල්ලකටම එක වී ඇත්තේ ගුවන් ටිකට් පතක ඡායාරූපයක් බැවින් ඒ පිළිබඳ වැඩිදුර විස්තර සොයා බැලීමේදී අපට WhatsApp හරහා හුවමාරුවන ගුවන් ටිකට් පතේ මුල් ටිකට් පත යැයි සඳහන් වන පැහැදිලි PDF පිටපතක් සොයාගැනීමට හැකිවිය. පහත දැක්වෙන්නේ එම පිටපතයි

Emirates-Ticket-Gota

බැලූ බැල්මටම හැම ටිකට් පත නිවැරදි ටිකට් පතක් ලෙස පෙනුනද පරීක්ෂාකාරීව බැලීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව අපගේ අවධානය යොමු විය.

  • ටිකට් පත වෙන් කරවා ගැනීම සිදුවී ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නගරයේ නියෝජිතයකු හරහා ය
  • ආපසු පැමිණීමේ දිනයක් සහිත මෙම ගුවන් ටිකට් පතේ ලොස් ඇන්ජලීස් (Log Angeles) බලා ගමන් ගන්නා දිනය වූ ඔක්තෝම්බර් 18 දින ආසනය කරවා ගෙන තිබුණේ නැත. නමුත් ආපසු පැමිණෙන දිනය වූ 2020 ජනවාරි 10 දින ආසන වෙන්කරවා ගෙන තිබුණි.

සාමාන්‍ය පන්තියේ ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම් සැලසෙන්නේ ගුවන් ගමනේ යෙදීමට පැය 48 කට මත්තෙන් පමණි. නමුත් මෙම ටිකට් පතේ පළමු ශ්‍රේණියේ ටිකට් පතක් බැවින් විශේෂ අවස්ථාවක් යටතේ ආසන වෙන්කර ගන්නවා ගැනීමක් සිදු කළ හැකි වුවද ආපසු කොළඹ දක්වා පැමිණෙන ටිකට් පතේ පමණක් එසේ වෙන් කරවා ගැනීම සැක සහිතය. එනම් වෙන වෙනම ගන්නා ලද ටිකට් පත් දෙකක් එකතු කිරීමෙන් මෙය සකස් කර ඇත්දැයි සැකයක් පැනනගී

තවද කිහිප දෙනෙකු විසින්ම ටිකට් පතේ බන්ඩාරනායක ගුවන්තොටුපළ ( Bandaranaike International Airport ) නම් කර තිබූ ආකාරය වැරදි යැයි සඳහන් කර තිබුනද එමිරේට්ස් වෙබ් අඩවියේ සඳහන් වන්නේද Bandaranayake යනුවෙන් බව අපට පෙනී ගියා. එබැවින් E-ticket පතේ එලෙසින් සඳහන් වීම නිවැරදිය.

තවදුරටත් එම ටිකට් පතේ පෙන්වා ඇති ගමන් වාරවල වේලාවන් නිවැරදි දැයි දැනගැනීම පිණිස අප එබඳු ටිකට් පතක් එමරේට්ස් වෙබ් අඩවිය හරහා ලබාගැනීමට උත්සහ කලෙමු.

Emirates Flight Booking

එම ටිකට් පතේ දක්වා ඇති පරිදි පළමු ශ්‍රේණියේ ( First Class Flex ) ගමනක් සඳහා මුදල් ගෙවා ලබා ගන්නේ නම් ලක්ෂ නවයකටත් වඩා අධික මිලක් අදාල දිනයන් සඳහා ගෙවීමට සිදුවන බව අපට පෙනී ගියා.  නමුත් මෙම ටිකට් පත ලබා ගෙන ඇත්තේ නිරන්තරයෙන් ගුවන් ගමන යෙදීම මගින් ලබාගන්නා ලද skywards cash මගිනි.

එම ටිකට් පතේ ඇති දිනයන් වලටම ටිකට් පත වෙන් කරවා ගැනීමේ දී ගුවන් ගමන් වල විස්තර සහ එකී වේලාවන් බොහෝ දුරට සමාන බව පැහැදිලි විය.

ගුවන් ගමන් පිළිබඳ විස්තර (Flight details and Timings) බොහෝ දුරට සමාන බැවින් මෙය ඇත්ත වශයෙන්ම ඉහත සඳහන් දිනයන්හි ගුවන්ගත වීමට නියමිත වලංගු ටිකට් පතක් නම් අනිවාර්යයෙන්ම එමිරේට්ස් වෙබ් අඩවිය මගින් වෙන් කරවා ගැනීම පරීක්ෂා කර ගත හැකිය (Manage booking)

Emirates – Manager Your Booking Section

ඉහත සඳහන් පරිදි වෙන්කරවා ගැනීමේ යොමුව (booking reference : “FR2QZ9” ) සහ නමෙහි වාසගම (Last Name : “RAJAPAKSA”) ලබාදීම මගින් අදාල වෙන්කරවා ගැනීම පිළිබඳ තොරතුරු පරික්ෂා කිරීමට තැත් කරද්දී ඊට අදාළ තොරතුරු වෙබ් අඩවිය මඟින් ලබාගැනීමට හැකි වුයේ නැත. එහි මෙවැනි වෙන්කර වාගැනීමක් පිළිබඳ විස්තර ලබාගැනීමට නොහැකිය යනුවෙන් නිවේදනයක් ලබාදී තිබුණි. (Warning : * Sorry we were unable to find your booking. Please check all the information you entered and try again.)

මෙලෙසිනි වෙන්කරවාගන්නා ලද ටිකට් පතේ විස්තර අප ලබාගැනීමට අප අවස්ථා කිහිපයකදී වෑයම් දැරුවද ලැබුනේ මෙම ප්‍රතිඵලයමයි. කෙසේ වෙතත් තවදුරටත් තොරතුරු තහවුරු කරගැනීම සඳහා එමිරේට්ස් සමාගම සමඟ සම්බන්ධ වීමෙන් අපට දැන ගැනීමට ලැබුණේ ඉහත ටිකට් පතට අදාල වෙන්කරවා ගැනීමේ යොමුව (booking reference : FR2QZ9) සහ ටිකට් පතේ අංකය (Ticket Number : 176 3216536712 / incorrect barcode) යන දෙකම වලංගු නොවන බවයි.

මෙය සම්පුර්ණයෙන්ම ව්‍යාජ ටිකට්පතක් බව තරයේ ප්‍රකාශ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකාරී සාමාජිකයින් දෙපලක් වන නාමල් රාජපක්ෂ මහතා සහ මොහොමඩ් අලි සබ්රි මහතා පවසා සිටියේ මැතිවරණ දිනය ආසන්න වෙත්ම මෙබඳු අසත්‍ය ප්‍රචාර පළ කිරීම විරුද්ධවාදීන්ගෙන් බලාපොරොත්තු විය හැකි බවයි

Gotabhaya Rajapaksha Info & Support යන ෆේස්බුක් පිටුවක් මඟින් පෙන්වා දී තිබුනේ ” #Fake News..ගෝඨාභය මහතා රට පැනීමට ටිකට් ලබාගෙන යැයි කියමින් ව්‍යාජ ටිකට් පතක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරනයා වේ…සැ:යු: ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රයද ඇත්තේ #අධිකරණය භාරයේය…” යනුවෙනි.

Facebook LinkArchived Link

අවසාන නිගමනය

මේ අනුව අපට පැහැදිලි වන්නේ බොහෝ දුරට ඇත්ත වශයෙන්ම ලබා ගන්නා ලද ගුවන් ටිකට් පතක් / ටිකට් පත් විස්තර ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් ඉහත ප්‍රකාශය සිදුකර ඇති බවයි

Avatar

Title:ගෝඨාභය රාජපක්ෂගේ ගුවන් ටිකට්පතේ ඇත්ත නැත්ත!

Fact Check By: Sahan Perera 

Result: False


Leave a Reply