කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ PCR පරීක්ෂණ ක්‍රමවේදයය. කොරෝනා වෛරස් ව්‍යාප්ත වීම ආරම්භ වූ මුල් අවදියේ දී දිනකට කර හැකි වූයේ පරීක්ෂණ සීමිත ප්‍රමාණයක් පමණක් වුවද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පුන පුනා පැවසුවේ මෙම අගය විශාල වශයෙන් වර්ධනය විය යුතු බවය. රෝගීන් සංඛ්‍යාව ඉහළ යත්ම ක්‍රියාකාරීවු සෞඛ්‍ය බලධාරීන් දිනකට PCR පරීක්ෂණ 1500කට ආසන්න සංඛ්‍යාවක් කිරීමට කටයුතු කළහ.

කොළඹ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ සහ නම් වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනාගැනීමත් සමගම, බස්නාහිර පළාතේ පමණක් දිනකට PCR පරීක්ෂණ දාහකට අධික සංඛ්‍යාවක් කිරීමට සිදුවිය. මෙවන් පසුබිමක 2020 අප්‍රේල් මස 29 දින, SL Story News නැමති ප්‍රවෘත්ති වෙබ් අඩවි ෆේස්බුක් පිටුවක ඊයේ දිනයේ සිදුකළ PCR පරීක්ෂණ වලින් 1000ක්ම රාජපක්ෂ පවුල, හිතවතුන් ඇතුළු ප්‍රභූවරු යන සිරස්තලයෙන් ප්‍රවෘත්ති සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ප්‍රතිචාර 50කට අධික සංඛ්‍යාවක් සහිතව මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් නවසිය පනහකට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.

LinkArchived Link

මෙම ප්‍රවෘත්තිය වෙනත් ෆේස්බුක් පිටු රැසක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිලිබඳ කරුණු විමර්ශණය කිරීම සඳහා මුලින්ම 2020 අප්‍රේල් මස 29 දින උදෑසන දෙරණ අරුණ රූපවාහිනී වැඩ සටහනට සජීවීව සහභාගී වූ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සාකච්ඡාවකට සවන් දුන්නෙමු. එහිදී එතුමා පවසා සිටියේ අප්‍රේල් මස 28 දිනයේ PCR පරීක්ෂණ 1139ක් සිදුකළ බවත්, ඉන් විශාල PCR පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කළේ වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන් සඳහා බවත්, ආසාදිත යැයි සැක කටයුතු ලෙස රෝගීන් සිටින රෝහල්වලින් පැමීණි නියැදි ද ඉතිරිය කොළඹ අවට ප්‍රදේශ වලින් ලබාගත් නියැදි බවයි. (35 වන විනාඩියේ සිට)

https://www.facebook.com/adaderana/videos/2599818230275791/?t=2112

අප්‍රේල් 28 වැනිදා ඇතුළු පසුගිය සතියේ සිදුකරන ලද PCR පරීක්ෂණ පිලිබඳ නිල වාර්තාව මෙසේය.

මේ පිළිබඳව තවදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. 2020 අප්‍රේල් මස 28 වැනි දින සිදු කරන ලද PCR පරීක්ෂණ  වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන්ගෙන් ලබාගත් නියදි, රෝහල්වලින් පැමීණි නියැදි සහ කොළඹ අවට ප්‍රදේශ වලින් ලබාගත් නියැදිද බව සඳහන් කර සිටියා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා සිටි පරිදි එදින සිදුකරන ලද පරීක්ෂණ 1139න් වැඩි ප්‍රමාණයක් සිදුකරන ලද්දේ නාවික හමුදා නිලධාරීන් සඳහා බව අවධාරණ කර සිටියා.  නාවික මාධ්‍ය අංශය මඟින්ද මෙම කරුණ තහවුරු කර සිටියා.

එසේම ඇතැම් දිනවල ප්‍රභූවරුන්ගේද PCR පරීක්ෂණ සිදුකෙරුණද එය ඉතාම සුළු ප්‍රමාණයක් බව ද පැහැදිලි කරමින් එතුමා පවසා සිටියේ එම අගය සාමාන්‍යයෙන් දිනකට පරීක්ෂණ 10-50ක් අතර ගන්නා බවයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2020 අප්‍රේල් මස 29 දින සිදුකළ PCR පරීක්ෂණ රැසක් සිදු කකර ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන් සඳහා බවත්, ආසාදිත යැයි සැක සහිත රෝගීන් සිටින රෝහල්වලින් පැමීණි නියැදි සමග කොළඹ අවට ප්‍රදේශ වලින් ලබාගත් නියැදි ඇතුලත්ව එදින සිදුකර ඇති මුළු පරීක්ෂණ සංඛ්‍යාව 1139 ක් බවයි.එනිසා “ඊයේ දිනයේ සිදුකළ PCR පරීක්ෂණ වලින් 1000ක්ම රාජපක්ෂ පවුල, හිතවතුන් ඇතුළු ප්‍රභූවරු” යන සිරස්තලයෙන් ඉදිරිපත් වී ඇති සියලුම ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍යය හා සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ප්‍රභූ PCR පරීක්ෂණ1000 කට අධික ප්‍රමාණයක් දිනයකදී සිදුවූ බවට කළ සාවද්‍ය ප්‍රකාශයක්!

Fact Check By: Sahan Perera

Result: False