මීට මාස කිහිපයකට පෙර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් ආසාදනය වීම මර්දනය කළ හැකි යැයි හඳුන්වා දුන් දේශීය ඖෂධීය පානයක් පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති වුණා. විශේෂයෙන්ම මෙම පැණිය ප්‍රසිද්ධියේ පානය කළ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක්ටම කොවිඩ්19 ආසාදනය වීමත් සමගම බොහෝ දෙනා මෙම “ධම්මික පැණියේ” සාර්ථකත්වය පිළිබඳව ප්‍රශ්න කර තිබුණා.

මෙවන් පසුබිමක එම පැණිය නිෂ්පාදනය කිරීමට මුල් වූ ධම්මික බණ්ඩාර මහතා පසුගිය දිනක කොරෝනා ආසාදනය සඳහා ලබා දෙන එන්නතක් ලබා ගන්නා අයුරු පෙන්වීමට ඡායාරූපයක් බොහෝ දෙනා අතරේ ඇතැම් විට උපහාසාත්මක කෝණයකින් ද හුවමාරු වී තිබුණා. කෙසේනමුත් එම ඡායාරූපයේ ඇත්ත වශයෙන්ම සිටියේ සී බී රත්නායක අමාත්‍යවරයා බව බොහෝ දෙනෙක් හඳුනා ගෙන තිබුණා.

එසේම පසුගිය වසරේ ඇමරිකාවේ එන්නත්කරණ වැඩසටහනේ ආරම්භක අවධියේ දී ලබාගත් ඡායරුපයක් සංස්කරණය කරමින් ද ධම්මික බණ්ඩාර මහතා කොවිඩ් එන්නතක් ලබාගත් බව පෙන්වීමට ව්‍යාජ සටහනක් හුවමාරු වී තිබුණි.

සමාජ මාධ්‍ය සටහන්:

“කාලි පැරදුනි” යන තේමාව යටතේ “ දෙයියනේ ධම්මික නේද.. මේ එන්නත විදාගන්නේ” යන වදන් පෙළද සහිතව පළවූ සටහනකින් පෙන්වා දීමට උත්සාහ කර තිබුනේ ධම්මික පැණිය නමින් පසුගිය කාලයේදී විශාල වශයෙන් කතාබහට ලක්වූ දේශීය පැණිය නිෂ්පාදන කල කෑගල්ලේ ධම්මික වේද මහතා නම් තැනැත්තෙක් බවයි

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-68 Vaccine Dammika-e370f502-1650-4183-9603-8f413e231c40.png

Facebook | Archived

එම අරුත් දෙන “පැණියේ අයිතිකරු” මෙසේ කොවිඩ් එන්නත් ලබාගත් බවට හුවමාරු වූ තවත් සටහන් පෙළක් පහතින්

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-68 Vaccine Dammika-3626e956-662d-41f8-97df-5b49e4553759.png

මේ ආකාරයෙන්ම පළවූ වෙනත් ආකාරයේ ඡායාරුප සහිත සටහනකින් ද ධම්මික බණ්ඩාර මහතා එන්නත ලබාගන්නා අවස්ථාවක් බව පෙන්වා තිබුනේ පහත අයුරින්

Link | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ඡායරුපයේ සිටින්නේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා බව බොහෝ දෙනෙක් විසින් හඳුනාගෙන තිබු බැවින් අප ඒ ඔහුට පසුගිය දා එන්නත් ලබාදීම පිලිබඳ පළවී තිබු වාර්තා පරීක්ෂා කළෙමු.

එහිදී මෙම ඡායාරුපය පෙබරවාරි මස 10 වැනිදා පළවූපුවත් වාර්තා රැසක යොදාගෙන තිබෙනු දැක ගන්නට ලැබුණි. මේ අනුව එම එන්නත් ලබාගන්නා ඡායාරුපය සී බී රත්නායක අමාත්‍යවරයා යුද හමුදා රෝහලේදී කොවිඩ්19 එන්නත් ලබාගත් අවස්ථාව බව පැහැදිලිය.

Hiru News | Ada Derana | Daily Mirror

එසේම කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එන්නත ලබාගන්නා ආකාරය පෙන්වීමට යොදාගෙන තිබු අනෙකුත් ඡායාරුපය ද සංස්කරණය කරන ලද්දක් බව එම ඡායරුපයේ Reverse Image සෙවුමක් හරහා පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වේ. එම මුල් ඡායාරුපය අයත් ඇමරිකාවේ යුධ හමුදා රෝහලක දී කොවිඩ් එන්නත් ලබාගැනීම හා සබැඳි ලිපියක් මෙතනින්. Alamy

ඡායාරුප සංසන්දනයක් පහතින්. (මෙම දෙවන ඡායාරුපය හා සම්බන්ධ සටහන සහ විමර්ෂණ කොටස පසුව එකතුකර තිබේ)

කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර මහතා කොරෝනා එන්නත ලබාගැනීමට සූදානම් වන බවට ද විවිධාකාරයේ මෙවැනි සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් ධම්මික බණ්ඩාර මහතා විසින් ප්‍රකාශයක් සිදුකර ඇත්දැයි පරීක්ෂා කල ද අපට එවැන්නක් දැක ගන්නට ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පළවී තිබූ එක් වාර්තාවක සඳහන් වී තිබුණේ ධම්මික බණ්ඩාර මහතාගේ සමිපතයෙකු එකී පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් ධම්මක බණ්ඩාර මහතා කොරෝනා මර්දන පැණිය තවදුරටත් නිෂ්පාදනය කරමින් සිටින බවත් එය ලබාගැනීමට තවමත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිරිස් පැමිණෙන බවත් පවසා සිටි බවක්. එම පුවත පහතින්

Hiru TV | Archived

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “ධම්මික පැණිය” නමින් ප්‍රසිද්ධියට පත්වූ දේශීය ඖෂධීය පැණිය නිර්මාණය කල කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පසුගියදා කොවිඩ්19 සඳහා වූ එන්නතක් ලබාගත් බව දැක්වීමට හුවමාරුවන ඡායාරූපයේ ඇත්ත වශයෙන්ම සිටින්නේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:Fact Check: කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා එන්නත ලබාගත් අවස්ථාවක් ද?

Fact Check By: Sahan Perera

Result: False