
ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායකයන් සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. එම පක්ෂයේ නායකයෙකු වූ බිමල් රත්නායක අළලා පළවූ එවන් අසත්‍ය සටහන් පෙළක්, සම්බන්ධයෙන් සිදු කල කරුණු විමර්ශනයක් මෙලෙසින්.
සමාජ ජාලා සටහන්
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ එහි ජාතික සංවිධායක බිමල් රත්නායක ඉලක්ක කර ගනිමින් සමාජ ජාල හරහා පැතිරුණු සටහන් කිහිපයක් පහත දැක්වේ.
“ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායකගේ බෙන්තර පිහිටි සුපිරි නිවස සහ නාන තටාකය” ලෙස සමාජ ජාලා හරහා හුවමාරු වූ සටහනක ගොඩනැගිල්ලක සහ පිහිනුම් තටාකයක ඡායාරූප දෙකක් ද පළව තිබුණේ මෙලෙසින්.

තව ද බිමල් රත්නායක විසින් සිය ට්විටර් ගිණුමේ තබන ලද සටහනක් ලෙස අරුත් ගැන්වෙන ආකාරයේ පෝස්ටුවක්ද ,ෆේස්බුක් හරහා පැතිර තිබුණේ මෙලෙසින්.
“බෙන්තර පිහිටි මාගේ නිවසක් ලෙස සමාජ මාධ්‍ය හරහා විරුද්ධවාදීන් නැවතත් මඩ ගසමින් සිටී.බෙන්තර පිහිටි මාගේ බිරිදගේ පියාට අයත් සංචාරක හෝටලයක පින්තූර යොදා ගනිමින් එය මාගේ නිවස ලෙස පෙන්වා දීමට දරන නින්දිත උත්සාහය හෙළා දකිමි.” ලෙස දැක්වුණු එම සටහන මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම.)
අප මුලින්ම Google Reverse Image Search මගින් සමාජ ජාලා සටහන්වල සදහන්ව තිබුණු ඡායාරූපය පිළිබදව සොයා බැලීමක් සිදු කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ එය බෙන්තොට ප්‍රදේශයේ පිහිටා ඇති Bentota No 1 නමැති සංචාරක නිකේතනයක් (villa) බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහනේ දක්වා තිබු ඡායාරුපය එහි ෆේස්බුක් පිටුවේ පළවී තිබු අයුරු පහතින්.
සටහන් සඳහා යොදාගෙන තිබු අනෙක් ඡායාරුපය TripAdvisor හි මෙතනින්
Bentota No 1 සංචාරක නිකේතනයේ පාලනාධිකාරිය සම්බන්ධ කර ගැනීමට අපට හැකිවූ අතර ඔවුන් පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් මෙම සංචාරක නිකේතනය පිළිබදව කිසිදු ආකාරයේ සම්බන්ධතාවයක් හෝ මෙහි භාරකාරීත්වයක් උසුලන්නේ නැති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් විමසූ විට ඔවුන්ද පැවසුවේ මෙය බිමල් රත්නායක මහතාට අපහාස කිරීමට පතුරුවා හරින ප්‍රචාර පෙළෙහි කොටසක් මිස එහි කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.
බිමල් රත්නායක මහතාගේ නම පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් බවට ද පසුගිය දා පළවූ ව්‍යාජ සටහන් පිලිබඳ අප සිදුකළ කරුණු විමර්ෂණ මෙතනින්
බිමල් රත්නායක මහතාගේ නිල ට්විටර් ගිණුම පරීක්ෂා කල විටද සමාජ ජාලවල සදහන් වන ආකාරයේ ට්විටර් පණිවිඩයක් ඔහු විසින් තබා නොමැති බවත් තහවුරු වුණා.
Additional Info:
Bentota No 1 සංචාරක නිකේතනයේ කළමනාකරිත්වය තවදුරටත් පවසා සිටියේ කල්පිටිය, බෙන්තොට සහ නුවරඑළිය ප්‍රදේශ වල නිවාඩු නිකේතනය කිහිපයකම හිමිකාරිත්වය දරන Makara Resorts යටතේ මෙම නිවාඩු නිකේතනය ද පාලනය වන බවයි. එම ආයතනය 2010 වසරේ සිට පුද්ගලික සමාගමක් ලෙස (PV73330) ලියාපදිංචි වී තිබෙන බව ද අපට දැක ගන්නට ලැබුණි
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion: (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අයත් නිවසක් යැයි සමාජ ජාලා හරහා හුවමාරු වන ඡායාරූපයේ දැක්වෙන්නේ Bentota No 1 නමැති සංචාරක නිකේතනයක් බවයි. එහි සත්‍ය හිමිකරු අපට තහවුරු කර සිටියේ එම සංචාරක නිකේතනයේ අයිතිය සම්බන්ධයෙන් බිමල් රත්නායක හෝ එම පවුලේ සාමාජිකයින්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවයි.

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,