නව හම්බන්තොට සිමෙන්ති කම්හලෙන් පැයකට සිමෙන්ති පැකට් ලක්ෂ 2 ක් නිපදවීමේ හැකියාවක් තිබේද ?

Misleading Social

මීට දින කිහිපයකට පෙර, ලංකාවේ මෙතෙක් ඉදි කර ඇති විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව  ලෙස ලංවා සංස්ථා සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව හම්න්බන්තොටදී විවෘත වුණා .ඒ හා සමගම මෙම කර්මාන්ත ශාලාව හා සබැදි සමාජ ජාලා සටහන් පැතිරීමට පටන් ගත්තා.ඒ සමහර වැරදි කරුණු ඇතුලත් සටහන් ද අපට දැක ගන්නට ලැබුණා. මේ එවැන් සටහන් පිළිබදව අප සිදු කළ කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් 

ලංවා සිමෙන්ති කොට්ටවල ඡායාරූප සහ එම නව කර්මාන්තශාලාවේ ඡායාරූප සමගින් ෆේස්බුක් පිටුවක් විසින් පහත විස්තරය ද සමඟ සටහනක් එකතු කර තිබුණා .

“පැයකට සිමෙන්ති කොට්ට ලක්ෂ දෙකයි.. එකක වර්තමාන මිල රුපියල් 1375.ආඩම්බරයි. සතුටුයි නන්දන ලොකුවිතාන මහතාණෙනි ,ඔබ අතිදක්ෂ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වීම ගැන”

Facebook | Archived 

ඒ හා සමාන වෙනත් සටහන්ද අපට දක්නට ලැබුණා .

 Vimeo link   

Facebook

මෙම සමාජ ජාලා සටහන් ෆේස්බුක් හරහා පැතිර පැවතියේ මෙලෙසින් .

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

මෙම සමාජ ජාලා සටහනේ දැක්වෙන පරිදි මෙම නව සිමෙන්ති කර්මාන්තශාලාවේ ද හිමිකාරීත්වය ඇත්තේ නන්දන ලොකුවිතාන මහතා යටතේ ලංවා සංස්ථා වානේ සමුහය විසිනි. මෙම කර්මාන්තශාලාව පිලිබඳ ජනපති මාධ්‍ය ඒකකයේ වාර්තාව මෙතනින්. එසේම රු.1375/- මිලක් මෙම නව ලංවා සිමෙන්ති කොට්ටයක ද දක්වා තිබෙන ඡායාරුප සහිත සටහන් රැසක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්

කෙසේ වෙතත් පැයක් වැනි කෙටි කාලයක් ඇතුලත සිමෙන්ති කොට්ට ලක්ෂ 2 ක් නිෂ්පාදනය කල හැකිද ?? මේ පිළිබදව වැඩිදුර සොයා බැලීමක් සිදු කිරීමට අපට තීරණය කළා.

එහිදී අපට දැකගන්නට ලැබුණේ කර්මාන්තශාලාවේ ව්‍යාපෘති කළමණාකාර නුවන් පී, ජයසූරිය විසින් මෙවන්  ප්‍රකාශයක් දෙරණ නාලිකාවේ මාධ්‍යවේදී හසිත විජේවර්ධන සමග පැවති සාකච්ඡාවකදී පවසා ඇති බවයි.

එම වැඩසටහන නැරඹිය හැකියි පහත යූ ටියුබ් වීඩියෝවෙන් .

මෙහි සත්‍ය තත්ත්වය කුමක්ද යන්න විමසා බැලීම සදහා අප හම්බන්තොට ලංවා සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ප්‍රධාන කලමණාකරු ප්‍රසාද් සිල්වා මහතාව දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත්තා.

ඔහු පැවසුවේ ව්‍යාපෘති කළමනාකරු විසින් දෙරණ රූපවාහිනී නාලිකාවට කරුණු දැක්වීමේදී යම්කිසි අතපසුවීමක් සිදුව ඇති බවත් එහි සඳහන් කරුණු පැයකට නොව දිනකට ලක්ෂ දෙකක පමණ සිමෙන්ති කොට්ට නිෂ්පාදන ධාරිතාවක් ලෙස නිවැරදි විය යුතු බවත්ය.

ඒ පිළිබඳව වැඩිදුර කරුණු දක්වමින් කර්මාන්ත ශාලාවේ කළමණාකාරු පැවසුවේ මේ වන විට සම්පූර්ණ කර ඇති කර්මාන්තශාලාවේ මුල් අදියරේ ඉදිකිරීම් අනුව පැයකට නිපදවිය හැකි සිමෙන්ති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 400 ක් පමණ බවයි. එනම් සිමෙන්ති පැකට් 8000 ක් පමණ අගයකි. කර්මාන්තශාලාව පැය 24 ම සේවයේ යෙදෙන නිසා දිනකට නිපදවිය හැකි සිමෙන්ති පැකට් ප්‍රමාණය 192,000 ක් පමණ වෙනවා. එම අගය ආසන්න වශයෙන් ලක්ෂ දෙකකි. තවද වසරකදී වැඩ කරන මුළු දින ප්‍රමාණය අනුව නිපදවීමට බලාපොරොත්තු වන මුළු සිමෙන්ති ප්‍රමාණය ටොන් මිලියන 2.8 කි. එනම් පැකට් ආසන්න වශයෙන් මිලියන 56 කි. දෙවන අදියරේ වැඩ නිමවීමෙන් පසු වසරකට නිපදවීමට හැකි සිමෙන්ති ප්‍රමාණය ටොන් මිලියන 4ක් බවත් එනම් සිමෙන්ති පැකට් මිලියන 80 ක් බවත් තවදුරත් පැහැදලි කර සිටියා .

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ හම්බන්තොට අලුතින් ආරම්භ කරන ලද ලංවා සිමෙන්ති කර්මාන්තශාලාවේ පැයකදී නිපදවිය හැකි සිමෙන්ති පැකට් ප්‍රමාණය 8000 ක් වන බවයි. එනම් දිනක දී සිමෙන්ති පැකට් ලක්ෂ 2කට ආසන්න අගයකි.

කර්මාන්තශාලාවේ ව්‍යාපෘති කළමණාකාරු විසින් රූපවාහිනී නාලිකාවට කරුණු දැක්වීමේදී යම්කිසි අතපසුවීමක් හේතුවෙන් මෙසේ දිනකට නිෂ්පාදන ධාරිතාව පැයකට යනුවෙන් පැවසීම හේතුවෙන් මෙසේ නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වී තිබුණි.

තොරතුරු යාවත්කාලීන කිරීම .

අප විසින් මෙම සටහන තබා දින කිහිපයක් ගතවෙත්ම රජය විසින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ   මිල පාලනය කිරීම ඉවත් කිරීමේ තීන්දුව ගනු ලැබුවා.රුපියලේ සීඝ්‍ර අවප්‍රමාණය හේතුවෙන්  විශාල වශයෙන් බොහෝ නිෂ්පාදන වල මිල ඉහල ගියා.එය ලංවා සිමෙන්ති වලට බලපාන්නේ කෙසේද? අද වන විට (2022 මාර්තු 14 ) පවතින තත්ත්වය කෙබදුද ??මේ පිළිබදව තොරතුරු දැනගැනීම සදහා අප ලංවා සිමෙන්ති කර්මාන්තශාලා කලමණාකරු ප්‍රසාද් සිල්වාගෙන් මේ පිළිබදව විමසුවා.

ඔහු පැහැදිලිකලේ ලංවා සිමෙන්ති පැකට්ටුවක මිල රුපියල් 1850 දක්වා ඉහල දැමීමට තීරණය  කළ බවයි.එමෙන්ම ඔහු අනාවරණයකලේ මීට පෙර ලංවා සිමෙන්ති වල පැවති මිල රුපියල් 1500 ක් වන බවයි.රුපියල් 1375 ලෙස සමාජ ජාලා වල හුවමාරුවී තිබුණේ නිෂ්පාදන වෙළදපොළට නිකුත් කිරීමට පෙර තිබුණු පෙරහුරු නිෂ්පාදන(Trial Versions) වලදී තිබූ මිල බවත් ඔහු පැවසුවා.

සිමෙන්ති පැකට් වල මිල ඉහල දැමීම කෙරෙහි සිමෙන්ති සමාගම් එකමුතුව ගත් තීරණය  හා සබැදි මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්

මේ පිළිබදව වැඩිදුර තොරතුරු ලබාගැනීමට අප පාරිභෝගික සේවා අධිකාරියේ මිල පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ W.R.මීවනගේව  ව දුරකතනයෙන් සම්බන්ධ කරගත් අතර ඔහු පැවසුවේ සිමෙන්ති සදහා රජය විසින් නියම කල උපරිම මිලක් /මිල පාලනයක් නොමැති බවයි.ඒ පවතින සිමෙන්ති හිගය නිසා බවත් ඔහු පැවසුවා.ඒ අනුව සිමෙන්ති වල මිල තීරණය කරන්නේ ආනයනය කරන/නිෂ්පාදනය කරන  සමාගම් විසිනි .

Avatar

Title:නව හම්බන්තොට සිමෙන්ති කම්හලෙන් පැයකට සිමෙන්ති පැකට් ලක්ෂ 2 ක් නිපදවීමේ හැකියාවක් තිබේද ?

Fact Check By: Kalana Krishantha 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *