ප්‍රවීන ගායන ශිල්පී නන්දා මාලිනී සහ මහචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අරගල භූමිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
Claim:
” යනවානම් අනේ මං අරන් – අන්තිමටම ලණු නැතුවත් බත් කන්නට උනා රත්තරං ! ” යනුවෙන් සඳහන් කරමින් ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලනිය විසින් “අන්තිමටම ලුණු නැතුවත් බත් කන්නට වුණා රත්තරං” ලෙස සටහන් කර තිබූ පෝස්ටරයක් අතැතිව උද්ඝෝෂණයක සහභාගී වී ඇති අයුරු ලෙසට පෙන්වමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
මෙම ඡායාරූපය පිළිබඳ පරීක්ෂා කිරීමේදී නන්දා මාලනි මහත්මිය විසින් අරගල සමයේදී එම අවස්ථාවට සහභාගී වූ අවස්ථාවක ඡායාරූපයක් වන අතර ඇය විසින් ඔසවා සිටි පෝස්ටරයේ දැක්වුණේ, ඉහත සඳහන් ප්‍රකාශය ඇතුළත් පොස්ටරයක් නොව “අපට ඕනෑ බුද්ධිමතුන්ගේ, වෘත්තිකයන්ගේ පාර්ලිමේන්තුවක්!” යනුවෙන් සඳහන් කළ පෝස්ටරයකි.
නන්දා මාලිනිය සමගින් එම අවස්ථාවේ ඡායාරූපයේ සිටින ‘රැට්ටා’ විසින් එම වකවාණුවේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙම සත්‍ය ඡායාරූපය පළ කර තිබුණේ මෙලෙසින්.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට සඳහන් කළ හැක. කෙසේ වෙතත් මෑතකදී නන්දා මාලනිය විසින් ලුණු අර්බුදය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළ ත්, එවැනි ප්‍රකාශයක් ඇය විසින් සිදු කර නොමැති බවට තහවුරු වුණා.
Claim:
“අරගලයක් කියලා එතැන කරන්නේ ව්‍යාපාරයක් බව දන්නවා නම් මමයි, සුනිලුයි එතැනට යන්නේ නෑ.” යනුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනී නන්දා මාලිනී විසින් පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link
මෙම තේමාවෙන් පළ වූ තවත් සටහනක් පහතින්.

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

සත්‍ය වශයෙන්ම නන්දා මාලිනි විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කළේද, යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
ප්‍රවීන ගායන ශිල්පිනි විශාරද නන්දා මාලිනි විසින් ගෝල්ෆේස් අරගල භූමිය සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් සිදු කළාද යන්න පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා අප ප්‍රථමයෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා පරීක්ෂා කරනු ලැබුවා.
නන්දා මාලිනිය විසින් හෝ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවක් අපට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ කළ නිරීක්ෂණයේදී දැක ගන්නට නොලැබුණි.
මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසීම සඳහා අප විශාරද නන්දා මාලිනි සහ මහාචාර්ය සුනිල් ආරියරත්න දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.
සුනිල් ආරියරත්න මහතා සඳහන් කළේ, තමන් හෝ නන්දා මාලිනිය හෝ අරගලය සම්බන්ධයෙන් එවන් ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදු නොකළ බවයි.
විශාරද නන්දා මාලිනි විසින් ද තමා එවැනි ප්‍රකාශයක් කිසි විටෙක සිදු නොකළ බවත් පවසා සිටියා.
පසුගිය අප්‍රේල් මස 12 වන දා ගෝල්ෆේස් පිටියේ ගෝඨාගෝගම අරගල භූමියට එක්වීම සඳහා නන්දා මාලිනිය ඇතුළු සුනිල් ආරයරත්නයන් ද එක් වූවා. ඒ පිළිබඳව පළ වූ ෆේස්බුක් සටහන් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
එම අවස්ථාවේ දී විශාරද නන්දා මාලිනිය දැක්වූ අදහස් කිහිපයක් ඇතුළත් වීඩියෝවක් පහතින්
එසේම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අසත්‍ය බවටත් කිසිඳු මුලාශ්‍රයකින් තොරව පළවූ ව්‍යාජ සටහන් බවටත් කලාකරුවන් කිහිප දෙනෙකුම ද සමාජ මාධ්‍ය සටහන් පළකර තිබුණි. බුද්ධදාස ගලප්පත්ති මහතා විසින් පළ කරන ලද සටහන් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News

Title:අරගල භූමිය වෙත යාම පිළිබඳව පසුතැවෙන බවට නන්දා මාලිනියගෙන් ප්‍රකාශයක් ?
Fact Check By: Pavithra SandamaliResult: False
