
ශ්‍රී ලංකා මුහුණපා ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව තදබල ලෙස පීඩාවකට ලක්වයි ජීවත්වන්නේ. සිය ප්‍රවාහන සහ වෙනත් අවශ්‍යතා සදහා අවශ්‍ය ඉන්ධන වන පෙට්‍රල්,ඩිසල් ,භූමිතෙල් ආදී ඉන්ධන වර්ග ලබාගැනිමට කිලෝමීටර කීපයක් දිග පෝලිම් වල දින ගණනක් එක දිගට කාලය ගත කිරීමට ජනතාවට සිදුව තිබෙනවා. මෙම පෝලිම් හේතුවෙන් අහිංසක ජීවිත කිහිපයක් ද අහිමි වුණා.
ඉන්ධන පෝලිම් සඳහා ටෝකන් ක්‍රමයක් තාවකාලිකව හඳුන්වාදුන්න ද ඒ ඔස්සේ ඇතිවූ ගැටළුකාරී තත්වය මත එම පියවර දිගටම ක්‍රියාත්මක වුයේ වන්නේ නැති බව බලශක්ති ඇමතිවරයා පවසා තිබුණා. එවන් පසුබිමක් තුළ ජනතාව නොමග යවන සුලු ආකාරයට පැතිරුනු ඔන්ලයින් ටෝකන් ක්‍රමයක් පිලිබදව සටහන් පිළිබඳව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් .
සමාජ ජාලා සටහන්
ප්‍රධාන වශයෙන්ම වට්ස්ඇප් හරහා පැතිර ගිය පණිවුඩයක් මගින් දක්වා තිබුනේ කිසියම් වෙබ් අඩවියක් හරහා ලියාපදිංචි වීම මගින් ටෝකන් ක්‍රමයට ඉන්ධන – පෙට්‍රල් සහ ඩිසල් -ලබාගැනිම සදහා ලියාපදිංචි විය හැකි බව මෙන්ම එමගින් ඉන්ධන පෝලිම් වල ගතකරන කාලය ඉතිරි කරගත හැකි බවයි.
එහි සටහන්ව තිබෙන්නේ fuel.loanus.online නම් වෙබ් අඩවියක් හරහා මේ සඳහා ලියාපදිංචි වන ලෙසයි.

එම වෙබ් අඩවිය මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ටෝකන් පතක් ලබාගෙන තෙල් ලබාගැනීම පිලිබදව සමහර ෆේස්බුක් සටහන් වලත් කරුණු අන්තර්ගතව තිබුණා.
“*පෝලිමේ ඉන් නැතුව ඔබගේ ළඟම ඉන්ධන පිරවුම් හලෙන් TOKEN එකක් ONLINE ලබාගන්න. මෙම TOKEN එක ලබා ගත හැක්කේ පෙට්‍රල් සහ ඩීසල් සඳහා පමණයි
*TOKEN එක ලබා ගන්න – * fuel.loanus.online” යනුවෙන් හුවමාරු වූ එවැනි සටහනක් පහතින්

කෙසේනමුත් මෙය පවතින ඉන්ධන අර්බුදය හමුවේ පුද්ගල දත්ත ලබාගැනීමට සිදුකළ බාල වර්ගයේ උත්සාහයක් බව බොහෝ දෙනා හඳුනාගෙන ද තිබුණා
Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)
අප මෙම පණිවුඩයේ දක්වා තිබු වෙබ් අඩවියට පිවිසීමට උත්සාහයක් ගත්තා. එම සබැඳියේ මොනයම් හෝ අංකයක් වාහන අංකය ලෙස දැක්වීමේ ඊළඟ පියවර වෙත යන අතර එහිදී මේ ආකාරයේ ව්‍යාජ දත්ත ලබාගැනීමේ ජාවාරම් සඳහා (scam) යොදාගන්නා පියවරක් වන WhatsApp සමුහ සමඟ එය බෙදාගන්නා ලෙස ඉල්ලීමක් සිදුකර ද තිබුණා.
කරුණු පරීක්ෂාව සඳහා පමණක් අප මෙම පරීක්ෂාව සිදුකළ අතර මෙවැනි නිල නොලත් තුන්වන පාර්ශවක සබැඳි සඳහා ඇතුළත් වීමේ දී ඉතා කල්පනාකාරී වන ලෙසත් මේ ආකාරයෙන් දක්වා ඇති සබැඳි වෙත ඇතුල්වීමෙන් වළකින ලෙස ද ඔබගෙන් ඉල්ලා සිටිනවා.
ඉන් අනතුරුව අප මේ ආකාරයේ කිසියම් හෝ ක්‍රියාමාර්ගයක් පිලිබඳ සැලසුම් කර තිබේ ද යන්න පිළිබඳව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරගෙන් ද විමසා බැලුවා. ඔහු පැවසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෝ බලශක්ති අමාත්‍යාංශය විසින් මෙවන් පියවරක් ගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති බවයි.
අප මේ පිලිබදව විමසා බැලුවේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (LIOC) කලමනාකරණ අධ්‍යක්ෂ මනෝජ් ගුප්තාගෙන් ද විමසුවා. ඔහු පැවසුවේ ඉන්දියන් ඔයිල් සමාගම ද මෙවන් ක්‍රියාදාමයක් ආරම්භ කර නොමැති අතර මෙය සම්පුර්ණයෙන්ම වැරැදි සහ නොමගයවන සුලු සමාජ ජාලා සටහන් බවයි.
මේ පිලිබඳ අප ඊයේ ෆේස්බුක් සටහනකින් ජනතාව දනුවන් කළේ මෙලෙසින්.
Update : 07/11/22
මේ දිනවල රටේ පවතින ඉන්ධන අර්බුදයත් සමග ව්‍යාජ සබැඳියන් භාවිතා කරමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීම් සම්බන්ධ සිද්ධීන් ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදයට වාර්තා වී ඇති බවට ඔවුන් නිනේදනයක් නිකුත් කර තිබෙනවා.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූ කාරණය වන්නේ ඉන්ධන පෝලිම් සදහා විසඳුමක් වශයෙන් මාර්ගගත (Online) ක්‍රමයට ටෝකන් ලබාදීමේ වැඩපිළිවෙලක් (පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන හල් වලින් ලබාගැනීමට) ඛනිජ තෙල් නීති ගත සංස්ථාව හෝ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් මෙතෙක් දියත් කර නොමැති බවයි. එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම ව්‍යාජ සහ වංචනික (scam) සටහන් පෙළකි

Title:තෙල් පෝලිම් වලට විසදුමක් ලෙස මාර්ගගත (Online) ටෝකන් ක්‍රමයක් ?
Fact Check By: Kalana KrishanthaResult: False

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,