දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධව සමාජ ජාලා තුළ නිරන්තර කතාබහට ලක් වෙනවා. ඔහුගේ පුද්ගලික ජීවිතය මෙන්ම දේශපාලන ජීවිතය ගැන විවිධ සමාජ ජාලා සටහන් පළ වෙනවා. මෙම සමාජ ජාලා සටහන් අතරින් ඇතැම් ඒවා නොමගයවන සුලුයි. මේ එවන් නොමගයවන සුලු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

නිවසක සේයාරුවක් පළකරමින්, එය අනුර කුමාර දිසානායකගේ පුද්ගලික නිවස බවට සදහන් සටහන් පළව තිබෙන ආකාරය අපට දැකගන්නට ලැබුණා.

“ලප කුමාර නොහොත් ලපයාගේ අයර්ලන්ත නිවස ...මේවා ගන්න මුදල් හොයාගන්න විදිහ ඔප්පු කරපන් ලපයෝ .”

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ පිලිබදව විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

කරුණු විමසා බැලීම

අප මුලින්ම විමසා බැලුවේ මෙම සේයාරුව පිලිබදවයි. අප එම රූපය Google Reverse Image Search කිරීමකට ලක්කලා.

Chris de Burgh -අයර්ලන්ත ගායකයාගේ නිවසක්

එහිදී දැකගන්නට ලැබුණේ මේ වන විට විකිණීමට තිබෙන බව නිවේදනය කර ඇති මන්දිරයක් තරම් විශාල මෙම නිවස පිහිටි සුවිශාල ඉඩම පිහිටා ඇත්තේ අයර්ලන්තයේ Wicklow නම් ප්‍රදේශයේ බවයි. මෙහි හිමිකරුවා වන්නේ සුප්‍රකට Lady in Red ගීතය ගායනා කළ Chris de Burgh නම් අයර්ලන්ත ජාතික ගායකයෙක්. මෙම නිවස ඔහු මිලදී ගෙන තිබෙන්නේ 1996 වසරේ සිටයි. එතැන් සිට වසර 7 ක කාලයක් ඔහු සිය බිරිඳ සමඟ මෙම නිවාස විවිධ කොටස් එකතු කළ බවත් සඳහන්.

කෙසේනමුත් 2019 වසරේ මුල් වරට මෙම Bushy Park මන්දිරය පවුම් මිලියන 12.5 ක මුදලකට විකිණීමට අදහස් කර තිබු අතර පසුව මේ වසර මුල දී පවුම් මිලියන 9.85 ක් දක්වා අඩු කර තිබුණා. Chris de Burgh පවසන කාරයට මෙය විකිණීමට තීරණය කර ඇත්තේ තමාට සහ බිරියට ජීවත්වීමට මෙම සුවිසල් නිවස ඕනෑවට වඩා විශාල නිසායි. ඒ සම්බන්ධයෙන් වෙබ් අඩවියක පළවූ ලිපියක් කියවිය හැකියි මෙතනින්.Archived

ඒ අනුව මෙම ඡායරුපයේ දැක්වෙන නිවස සහ සුවිසල් ඉඩම අනුර කුමාර දිසානායකට අයිති එකක් නොවන බව පැහැදිලියි.

වසර ගණනාවක් තිස්සේ එල්ලවන අයර්ලන්ත නිවාස පිලිබඳ චෝදනා සහ එයට ජවිපෙ පිළිතුරු

අනුර කුමාරට අයර්ලන්තයේ නිවසක් ඇති බවට සමාජ ජාලා සදහන් පළවුයේ අද ඊයේ සිට නොවෙයි. ඒ මීට වසර ගණනාවකට පෙර සිටයි. 2017 වසරේ මුල් කාලයේදී අනුර කුමාර දිසානායක සතුව අයර්ලන්තයේ නිවසක් ඇති බවට සහ එම නිවස සදහා ගෙවිය යුතු වාර්ෂික බදු මුදල් ගෙවන ලෙස අයර්ලන්ත බලාධාරින් විසින් අනුර කුමාර දිසානායකට නමට ,අයර්ලන්ත ලිපිනයක් සහිතව ලිපියක් නිකුත් කර ඇති බව සමාජ ජාලාවල පැතිරුණා. ඒ සම්න්බ්න්ධයෙන් ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණේ මෙලෙසින් .Archived.

කෙසේ වෙතත් එකල පැවති හිරු රූපවාහිනියේ වැඩසටහනකට සහභාගිවූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක විසින් ජවිපෙ නායකයට අයර්ලන්තයේ නිවසක් ඇති බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කළේ මෙලෙසින්. (42 වන විනාඩියේ සිට බලන්න )

https://youtu.be/mt5mHwV1u7I?t=2540

Also Read : FACT CHECK: බිමල් රත්නායකගේ බෙන්තර සුපිරි නිවස?

මේ සම්බන්ධයෙන් ජවිපෙ මාධ්‍ය අංශයෙන් විමසු විට ඔවුන්ද පැවසුවේ අනුර කුමාර ජවිපෙ නායකයාට අයර්ලන්තයේ නිවසක් නොමැති බව සහ මේ සම්බන්ධයෙන් පළවන සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලු ඒවා වන බවයි.

2019 වසරේදී ත් අනුර කුමාරගේ අයර්ලන්ත නිවස ලෙස හුවමාරු වූ සේයාරුවක්

2019 වසරේදීද , මේ සම්බන්ධයෙන්ද මෙවැනිම සටහන් වෙනත් නිවෙස්වල සේයාරු සමග පළව තිබුණු ආකාරයක් නිරීක්ෂණය කිරීමටද අපට හැකිවුණා. එවැනි සමාජ ජාලා සටහන් ද්විත්වයකට පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්. Archived & Archived

2019 වසරේදී හමුවූ එම සේයාරුද රිවර්ස් සෙවුමකට ලක්කළ අපට දැකගන්නට ලැබුණේ ඒවාද ජවිපෙ නායකයාට සම්බන්ධයක් නොමැති වෙනත් සේයාරූ වන බවයි. ඒවා අයර්ලන්තයේ ඇති විකිණීමට තබන ලද 1810 වසරේදී ඉදිකරන ලද වර්ග අඩි 2400 ප්‍රමාණයකින් යුත් තරමක් විශාල නිවසක්. ඒ අනුව මෙම සේයාරූ අන්තර්ජාලයෙන් උකහා ගන්නා ලද ඒවා වන බව ඉතාම පැහැදිලියි. මේ සම්බන්ධයෙන් වන නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවියේ පලකරන ලද වාර්තාවක් කියවිය හැකියි මෙතනින්. Archived.

සැ.යු: කෙසේ නමුත් ජවිපෙ නායකයාට අයර්ලන්තයේ ඉඩමක් තිබෙනවද ,නොමැතිද ,එසේ නැතහොත් වෙනත් අයකුගේ නමට ඔහු විසින් අයර්ලන්තයේ නිවසක් මිලට ගෙන ඇතිද යන වග ස්වාධීනව තහවුරු කිරීමට අපහසු කාරණයක්. නමුත් ඉහත ඡායාරූපවල පෙන්වා දී තිබෙන මන්දිර ඔහුගේ නොවන බවට පමණක් අප මෙහිදී පෙන්වා තිබේ.

Also Read: විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ ඡායාරූපයක් ද?

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:අනුර කුමාරගේ අයර්ලන්ත නිවසේ ඡායාරුපයක් ද ? (PHOTO)

By: Kalana Krishantha

Result: Explainer