
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ප්‍රමුඛ ආයතනවල කීර්ති නාමයට කැළලක් වන පරිදි නොමඟ යවන තොරතුරු බොහෝ විට සමාජ මාධ්‍ය හරහා වංචා ආකාරයෙන් බෙදා හරිනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නිල පණිවිඩයක් ආකාරයෙන් පැතිර ගිය එවැනි වංචනික සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී මාස 6ක පමණ කාලයක මගීන්ගේ අස්ථානගත වූ ගමන්මළු ඩොලර් 1ක් පමණ මුදලකට විකිණීම සඳහා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

මෙම සටහන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ෆේස්බුක් වෙළඳ දැන්වීමක් ලෙස ප්‍රවර්ධනය කරමින් පළ කර තිබුණේ, කටුනායක ගුවන්තොටු පොළ මගින් මෙම වෙළඳ දැන්වීමට අනුග්‍රහයකත්වය, දැක්වූ බවට අඟවමින්.

Facebook | Archived Link, Archived Link
මෙහි නිරවද්‍යතාවය විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳ විමසා බැලීමට පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන් ම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ මෙලෙසින් සටහනක් පළ කර තිබුණේ ද, යන්න අප පරීක්ෂාවට ලක් කළ ත්, එවැනි සටහනක් අපට දැක ගන්නට නොලැබුණි.
ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම (Airport & Aviation Services Sri Lanka Private Ltd)
මෙසේ හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්, ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම පවසන්නේ, සිය ආයතනයය යටතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA), මගින්ට හිමිකම් කීමට නොහැකි හැරදමා ගිය මගී ගමන් මලු, ඉතා අඩු මුදලකට අලෙවි කරන බවට හුවමාරු වන්නේ වංචනික ලෙස තම නිල සන්නාම සහ ලාංජනයන් භාවිත කරමින් නිර්මාණය කරන ලද ව්‍යාජ සටහන් පෙළක් බවයි.
සමාගමේ ප්‍රධානි අලෙවිකරණ සහ ආයතනික සංවේදන මේ පිලිබඳ පහත නිවේදනය නිකුත් කරමින් මහජනතාවට අවධාරණය කර සිටින්නේ සැක සහිත මෙවැනි සමාජ මාධ්‍ය පළ කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් සබැඳි ක්ලික් කිරීමෙන් හෝ කිසිවිටක පුද්ගලික තොරතුරු ඔවුනට සැපයීමෙන් වළකින ලෙසයි. එම නිවේදනය පහතින්.
Luggage-Sales-Scam_Media-Releaseඑසේම, 2023 වසරේ අගභාගයේ දී ද මේ ආකාරයටම හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක් හුවමාරු වූ අතර එම අවධියේ දී, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධ්‍යක්ෂකගෙන් අප විමසා සිටියේ මගීන්ගේ අස්ථානගත වූ ගමන්මලු සඳහා ගන්නා පියවර සම්බන්ධයෙනි.
එහිදී අපට තහවුරු කර සිටියේ, සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන්නේ අසත්‍ය හා ව්‍යාජ තොරතුරක් බවත්, එය කටුනායක ගුවන්තොටුපොළේ කීර්ති නාමයට හානි කිරීම සඳහා ගුවන්තොටුපළ බවට පෙනී සිටීමට උත්සහ දරමින් සිටින වෙනත් පාර්ශ්වයක් විසින් සිදු කළ ක්‍රියාවක් බවයි.
එමෙන් ම මගීන්ගේ නැතිවූ ගමන් මලු නැවත ලබා දීමේදී ගාස්තුවක් අය නොකරන බවත්, ඒවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ සුරක්ෂිතව තබා ඇති බවටත් සහතික විය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ නිල ෆේස්බුක් පිටුවේ ද, මෙම වංචනික සටහන් සම්බන්ධයෙන්, 2023 නොවැම්බර් මස පළ කර තිබූ පැහැදිලි කිරීම පහතින්.
එමෙන්ම ඉහත ෆේස්බුක් සටහන්හි සඳහන් වනදිගුවන් (links) , ශ්‍රී ලංකා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමඟ කිසිදු සම්බන්ධයක් නැති වෙබ් අඩවියකට යළියොමු වන අතර පහත දැක්වෙන පරිදි, ත්‍යාග ලබා ගැනීමට පාරිභෝගිකයන් පොළඹවන සාමාන්‍ය වංචා පිටුවක ස්වරූපය ගන්නා බව අප ට දැක ගන්නට ලැබුණා.

එසේම මෙම සටහන් පළව තිබු ව්‍යාජ ෆේස්බුක් පිටු බොහොමයක් ම එම සටහන් පළකිරීමට දින කිහිපයකට පෙර සකස්කර තිබීම අනුව ද මෙම ව්‍යාජ සටහන් පහසුවෙන් ඔබට හඳුනාගන්න පුළුවන්. එසේම තවත් ව්‍යාජ ෆේස්බුක් පිටු සිය නම Bandaranaike Airport ලෙස වෙනස් කර තිබුනේ අදාළ ව්‍යාජ සටහන පළකර තිබු නොවැම්බර් 15 වෙනිදායි.
ඔබේ සංවේදී තොරතුරු අවදානමට ලක් කළ හැකි අනිෂ්ට වෙබ් අඩවි වෙත සබැඳි සමඟ එවැනි වංචාකරුවන් සමඟ කටයුතු කිරීමේදී ඉතා ප්‍රවේශම් වන ලෙස අපි සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටිමු.
මෙම වංචාව කිරීම සඳහා භාවිත කර තිබූ ඡායාරූපය
අප ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වූ ඡායාරූපය reverse image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව 2022 වසරේදී ජූලි 27 වන දා පළ වූ විදෙස් මාධ්‍ය වාර්තාවක් වෙත අපගේ අවධානය යොමු වුණා. එහි දැක්වෙන්නේ, පැරිසියේ සිට ඊශ්‍රායලය බලා පියාසර කළ AF0984 එයාර් ප්‍රංශ ගුවන් යානයේ මගීගේ ගමන්මලු අස්ථානගත වූ සිදුවීමකි. එනම් ඊශ්‍රායලයට පැමිණිය ද, පැරිස් හි Charles de Gaulle ගුවන් තොටුපොළින් එම ගමන්මළු ගුවන් යානයට පටවා නොතිබීමේ සිදුවීමකි. එම ඡායාරූපයේ දැක්වෙන්නේ ඊශ්‍රායලයේ Ben Gurion ගුවන් තොටුපළේ පසුව එම ගමන්මළු ශාලාවක තැන්පත් කළ ආකාරයයි. මේ පිළිබඳව පළ වූ තවත් වාර්තාවක් මෙතනින්.

එමෙන් ම මෙම ඡායාරූපයේ ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලෙස ඩොලර් 1ක් මුදලක් සටහන් ව තිබූ පුවරුවක් දැක ගන්නට නොලැබෙන බැවින් අප ඒ පිළිබඳව ද, වැඩිදුර පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, මේ වන විට ෆේස්බුක් වෙතින්, ඉවත් කර ඇති ඡායාරූප සටහනක ලන්ඩන් හි Gatwick ගුවන්තොටුපළ ලෙස පවසමින් ඉහත සඳහන් ඡායාරූපය ම ඩොලර් 1ක මිලක් සඳහන් කර ඇති පුවරුවක් දැක්වෙන ඡායාරූපයකි. ඒ අනුව එම ඡායාරූපය ද, සත්‍ය ඡායාරූපය සංස්කරණය කරමින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවට පිළිඹිමු වේ.
Facebook, Facebook | Archived Link
එම සංස්කරණය කරන ලද ඡායාරූපය ඔස්සේ මෙරට පළ වූ ඡායාරූපය ද, සංස්කරණය කර තිබෙන බවද ඒ අනුව පැහැදිලි වෙනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් අස්ථානගත වූ මගීන්ගේ ගමන් මලු විකුණන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන අසත්‍ය වන අතර එම ඡායාරූපයක දැක්වෙන් ඊශ්‍රායලයේ ගුවන්තොටුපොළේ ඡායාරූපයකි. ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවය මෙම පළ කිරීම අසත්‍ය හා වංචා සහගත සටහනක් බව ට තහවුරු කරන අතර එවැනි වංචනික වෙබ් අඩවිවලට සංවේදී තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස පාඨකයන්ගෙන් ඉල්ලා සිටී.

Title:ශ්‍රී ලංකා ගුවන්තොටුපළේ අස්ථානගත වූ ගමන් මලු විකිණීමට නොමැත!
Written By: Pavithra SandamaliResult: False
