2024 අප්‍රේල් 8 වන දින උතුරු ඇමරිකානු මහද්වීපයට බලපාන පූර්ණ සූර්යග්‍රහණය, ලංකාවට දිස් වන්නේ නැහැ!

Partly False Science Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් සම්බන්ධ තොරතුරු දැන ගැනීමට සහ ඒවා පියවි ඇසින් දැක බලා ගැනීමට සමාජය විසින් දක්වන්නේ දැඩි උනන්දුවක් නොබෝ දිනකින් එනම් අප්‍රේල් 08 වනදාට විශේෂයන්ම උතුරු ඇමරිකානු මහද්වීපයට පූර්ණ සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාවක් උදා වනු ලබනවා. කෙසේ වෙතත් මෙය පෘථිවි වාසින් සියලු දෙනා සඳහා දෘශ්‍ය වනවා ද? මෙරට වැසියන් ට එය පියවි ඇසින් දැක බලා ගැනීමට අවස්ථාව සැලසෙනවාද, යන ගැටළු සඳහා පිළිතුරු ලබා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. 

සමාජ මාධ්‍ය සටහන් :

“2024 අප්‍රේල් 8 වන දින පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වන අතර දිවා රාත්‍රිය බවට පත් වනු ඇත.  උෂ්ණත්වය පහත වැටෙනු ඇත,  හිරු එළිය ඇති දහවල් කාලය රාත්‍රිය බවට පත් කරනු ඇත.  තවත් වසර 375කට මෙවන් පූර්ණ සූර්යග්‍රහණයක් අපට නොපෙනේ.

Facebook | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප්‍රේල් 8 වන සඳුදා, උතුරු ඇමරිකාව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට සූදානම් වන බව ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණා. 

මෙක්සිකෝවේ පැසිෆික් වෙරළබඩ නගරයක් වන Mazatlan සිට කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි නැගෙනහිර වෙරළ තීරය දක්වා, චන්ද්‍රයා මඟින් සූර්යාලෝකය සම්පූර්ණයෙන්ම අවහිර කරන ආකාරයට සූර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය පෙළගැසීමට නියමිතයි. එම ජ්‍යාමිතික කරුණෙන් අදහස් වන්නේ, නිවැරදිව පෙළගැසුනු විට සූර්යයාගේ මුළු මතුපිටම අවහිර කරමින් පූර්ණ සූර්යග්‍රහණයක් නිර්මාණය කිරීමට චන්ද්‍රයාට හැකිබව යි. පෘථිවි පෘෂ්ඨය හරහා චන්ද්‍රයාගේ ඡායාව ගමන් කරන පථය වැටෙන කුඩා ප්‍රදේශය (Path of Totality) සම්පූර්ණයෙන්ම අන්ධකාර බවට පත්වෙයි. මෙම තීරුවට දෙපසින් කිලෝමීටර් දහස් ගණනක් දුරට වෙසෙන පිරිසට, සූර්යග්‍රහණය අර්ධ වශයෙන් නැරඹිය හැකි ය. ඒ අනුව එය ලංකාවට දිස්වන බවට දැක ගන්නට නොලැබේ. 

කෙසේ වෙතත් සාමාන්‍යයෙන් මාස 18 කට පමණ වරක්, පූර්ණ සූර්යග්‍රහණයක් පෘථිවියේ කොතැනක හෝ සිදු වේ, සූර්යයා පෘථිවියට වඩා 400 ගුණයක් දුරින් සහ 400 ගුණයකින් විශාල වේ. කෙසේ වෙතත්, මෙම අප්‍රේල් ග්‍රහණය විශේෂයෙන් සැලකිය යුතු කරුණකි, කෙසේ වෙතත්, විශාල ජනාකීර්ණ භූමි ප්‍රමාණයක් නිසා සූර්යග්‍රහණය මිලියන ගණනකට නැරඹීමට ඉඩ සලසයි.

අප්‍රේල් 8 වන සඳුදා සිදුවන පූර්ණ සූර්යග්‍රහණයේදී චන්ද්‍රයා සෑම පැයකටම සැතපුම් 2,000කට වඩා වැඩි වේගයකින් ගමන් කරන බැවින් එම තීරයේ බොහෝ ස්ථාන සඳහා සම්පූර්ණයෙන් මිනිත්තු හතරකට නොවැඩි කාලයක් අඳුරේ ඇති බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, මෙම කාලය තුළ දුර්ලභ විද්‍යා අත්හදා බැලීම් කිහිපයක් නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වන බව ද, එහි සඳහන්. ඒ අනුව එම අවස්ථාවේ සූර්යාගේ වායුගෝලය, එහි රැස් වළල්ල, ආකාශ සිද්ධියට වන ජීවීන්ගේ ප්‍රතිචාරය සහ පෘථිවි වායුගෝලය ප්‍රතික්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා රොකට් පවා දියත් කිරීමට නියමිත වේ. ඒ සම්බන්ධයෙන් පළ වූ BBC  වාර්තාව මෙතනින්. Archived Link

උතුරු ඇමරිකාව හරහා ගමන් කරන පූර්ණ සූර්යග්‍රහණය පැය හතරක පමණ කාලයක් තුළ කාලගුණයට උද්වේගකර වෙනස්කම් ගෙන දෙන බව යි කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා සහ ග්‍රහලෝක විද්‍යා අංශයේ පීඨයේ ආචාර්ය ඩන්කන් සඳහන් කරන්නේ. දිවා ආලෝකයේ මෙම පැහැදිලි වෙනසට අමතරව, උෂ්ණත්වය අඩු විය හැකි බවත්,  ආර්ද්‍රතාවය වැඩි විය හැකි සහ සුළං රටා වෙනස් විය හැකි බවයි ඔහු සඳහන් කරන්නේ ඒ සම්බන්ධ වාර්තාව මෙතනින්.

වසර 375 කට පමණ වරක්, පෘථිවියේ යම්කිසි ස්ථානයකට සාමාන්‍යයෙන් සුර්ග්‍රහණයක් දැකිය හැකි බවට සඳහන් වූ ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක්

Carnegie Institution for Science  හි Deputy for Science, Observatories ලෙස කටයුතු කරන තාරකා විෂයෙහි ප්‍රවීණයෙක් වන මහාචාර්ය John Mulchaey, CNN වෙත අදහස් දක්වමින් පවසා තිබුනේ විශේෂ අවස්ථා කිහිපයක් හැර සාමාන්‍යයෙන් වසර 375කට පමණ වරක් එකම ස්ථානයකට පුර්ණ සුර්යග්‍රහණයක් දැක ගන්නට ලැබෙන බවයි. මේ පිළිබඳ තවත් සටහනක් මෙතනින්.

මේ ඇසුරින් සැකසුණු සටහන් විවිධ වෙනස් භාෂාවන්ට හුවමාරු වීමේ දී එම කරුණු මඟහැර නැවත පුර්ණ සුර්යග්‍රනයක් වසර 375 කට වරක් පමණක් දැකගන්නට ලැබෙන බවට නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වී ඇති බව ද අපට නිර්ක්ෂණය වුණා.

මීට වසර කිහිපයකට පෙර 2017 වසරේ දී ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශවලට පුර්ණ සුර්යග්‍රනයක් දැකගන්නට ලැබුණ ද එම ප්‍රදේශ සහ මෙවර පුර්ණ සුර්යග්‍රණය දැකගන්නට ලැබෙන ප්‍රදේශ වෙනස් වී තිබේ. නමුත් 2017 සුර්යග්‍රහණයට පාත්‍ර වූ සුළු ප්‍රදේශයකට මෙවර ද එම අවස්ථාව දැක ගන්නට ලැබෙනවා. ඒ පිළිබඳ තව ත් වීඩියෝවක් පහතින්.

කෙසේ වෙතත් මෙම අවස්ථාව සියළු රටවලට දර්ශනය නොවන බැවින්  NASA විශේෂඥයින්  විසින් ඉදිරිපත් කරන 2024 පූර්ණ සූර්යග්‍රහණයේ සජීවි විකාශනය නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එම අවස්ථාව නැරඹීම මෙතනින්.

අප්‍රේල් 08 වන දාට යෙදෙන පූර්ණ සූර්ය ග්‍රහණය ශ්‍රී ලංකාවට දෘශ්‍ය වනවා ද?

නවීන තාක්ෂණය සඳහා ආතර් සී ක්ලාක් ආයතනය  ACCIMT · තාරකා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉන්දික මැදගංගොඩ මහතාගෙන් අප කළ විමසීමේදී පවසා සිටියේ, අප්‍රේල් 08 වන දාට යෙදෙන පූර්ණ සූර්ය ග්‍රහණය  ශ්‍රී ලංකාවට නොපෙනෙන බවත්, එක්සත් ජනපදයට සහ උතුරු ඇමරිකාවට පමණක් බවත්, සාමාන්‍ය දෘෂ්ටි කෝණයෙන් එතරම් දුර්ලභ නොවන බවත්  ය.

ලංකාවට සූර්යග්‍රහණ දැකගන්න ලැබෙන්නේ කවදාද?

  • 2027 අගෝස්තු 02 – අර්ධ සූර්යග්‍රහණයක්
  • 2028 ජූලි 22 – අර්ධ සූර්යග්‍රහණයක්
  • 2031 මැයි 21 – වළයාකාර සූර්යග්‍රහණයක්
  • 2070 අප්‍රේල් 11 – පූර්ණ සූර්යග්‍රහණයක්, මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්

ලංකාවට පුර්ණ සුර්යග්‍රනයක් සිදුවීමට තව වසර ගණනාවක් තිබුණ ද පුර්ණ චන්ද්‍රග්‍රහණයන් ඊට වඩා සුලභව දැක ගන්නට ලැබෙනවා. ඒ අනුව 2025 වසරේ පුර්ණ චන්ද්‍රග්‍රණයක් නැරඹීමේ අවස්ථාව ලක්වාසීන්ට උදා වෙනවා. ඒ පිලිබඳ ඇතුළු ඉදිරියේ දැක ගන්නට සුර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ පිළිබඳ තතු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අප්‍රේල් 08 වන දාට සිදුවන පූර්ණ සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවාසින් ට නැරඹීමට හැකි බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු වෙයි. ශ්‍රී ලංකාවට මෙම දර්ශනය පියවි ඇසට දැක ගැනීමට වරම් නොමැති අතර මෙය උතුරු ඇමරිකාව මෙක්සිකෝවේ පැසිෆික් වෙරළබඩ නගරයක් වන Mazatlan සිට කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි නැගෙනහිර වෙරළ තීරය දක්වා සිටින වැසියන්ට දැක ගැනීමට හැකි වේ. 

Avatar

Title:2024 අප්‍රේල් 8 වන දින උතුරු ඇමරිකානු මහද්වීපයට බලපාන පූර්ණ සූර්යග්‍රහණය, ලංකාවට දිස් වන්නේ නැහැ!

Fact Check By: Pavithra Sandamali 

Result: Partly False


Leave a Reply