දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මත්පැන් සම්බන්ධව විවිධ රටවල පවතින නීති රෙගුලාසිවල එකිනෙකට වෙනස්. මේ සම්බන්ධව ඇති ඇතැම් නීති සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට බඳුන්වනවා මෙන්ම, ඇතැම් අවස්ථාවලදී මෙවැනි නීති යැයි පෙන්වා දෙමින්, නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා.

සමාජ මාධ්‍ය සටහන් :

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් වන පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මත්පැන් මිලදී ගැනීමේදී විවාහක පුරුෂයින් සිය බිරිඳගේ ලිඛිත අවසරය රැගෙන ආ යුතු බවට පෙන්වා දෙමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived 

මෙම සටහන අන්තර්ජාතික වශයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වී තිබූ බව ඒ පිළිබඳව විමසා බැලීමේදී අප තහවුරු කරගත්තා.

Facebook | Archived 

මේ පිළිබඳව දැක්වෙන You Tube වීඩියෝ කිහිපයක්ද පළ වී තිබුණා. එවැනි වීඩියෝ කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

මේ පිළිබඳව සත්‍ය විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය):

සාමාන්‍යයෙන් පෙන්සිල්වේනියාවේ අනෙකුත් ප්‍රාන්තවලට සාපේක්ෂව, තරමක දැඩි සහ සංකීර්ණ නීති රෙගුලාසි පෙන්සිල්වේනියාවේ මත්පැන් සම්බන්ධව පවතිනවා. මෙහිදී විශේෂ අවදානය යොමු කර ඇත්තේ මත්පැන් අලෙවි කිරීම සඳහා ඇති ස්ථාන සම්බන්ධවයි. මෙහිදී ඇමෙරිකාවේ අනෙක් ප්‍රාන්තවල මෙන් සෑම වෙළඳසැලකම පාහේ මත්පැන් මිලදී ගත නොහැකි අතර, ඒ සඳහා විශේෂිත ස්ථාන පවතිනවා. මේ පිළිබඳව ලිපියක් මෙතනින්.

දිගු කලක් තිස්සේ පෙන්සිල්වේනියාව රජයේ අලෙවිසැල් තුළින් පමණක් මත්පැන් මිලදීගත හැකි තත්ත්වයක පැවත තිබෙනවා. මෙම අලෙවිසැල් ඉරිදා දිනවලදී වසා තැබීම සිදුවී තිබෙනවා. ඒ සමයේ එහි පැවති තත්ත්වය පිළිබඳව ලිපියක් මෙතනින්. කෙසේ නමුත් 2016 වසර වන විට මෙම නීති තරමක් දුරට ලිහිල් කරගෙන නව පනත 39 යටතේ සිල්ලර වෙළඳසැල්, ආපනශාලා සහ ඉන්ධන පිරවුම්හල්වලටත් බලපත්‍රයක් ලබාගෙන මත්පැන් අලෙවි කටයුතු කිරීමට ඉඩ දීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබෙනවා. කෙසේනමුත් තවමත් මෙම අලෙවිසැල්වලට බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, පාරිභෝගික සීමාවන්ද පවතිනවා. මේ පිළිබඳව ලිපියක් මෙතනින්.

පෙන්සිල්වේනියාවේ තරමක් වෙනස් සහ සංකීර්ණ මත්පැන් සම්බන්ධ නීති පිළිබඳව කතාබහ කරන විටදී මත්පැන් මිලදී ගැනීමට බිරිඳගෙන් ලිඛිත අවසරයක් ලබාගැනීම පිළිබඳව සඳහනක් වෙන්නේ නැහැ. මේ පිළිබඳව අප පෙන්සිල්වේනියානු ප්‍රාන්ත පොලිසියේ මත්පැන් සම්බන්ධ මාර්ගෝපදේශ විමසා බැලුවත්, එහිද මේ පිළිබඳව කිසිඳු සඳහනක් නැහැ. එහිදීද අවධානය යොමු කර ඇත්තේ මත්පැන් අලෙවිසැල් සහ ඒවාගේ බලපත්‍ර, අලෙවි කරන කාලය, පාරිභෝගිකයින්ගේ වයස් සීමාව යන අංශ කෙරෙහි පමණයි. එම මාර්ගෝපදේශ මෙතනින්.

එමෙන්ම, විවාහක අය සඳහා මෙම නීතිය බලපවත්වනවා නම්, විවාහක-අවිවාහක බව තහවුරු කරන සාධකයක් දැක්වීමද අවශ්‍ය බව පෙනී යනවා. එය තරමක් දුරට සංකීර්ණ කාර්යක් වන අතර, මෙය ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පෙනී යනු ලබනවා.

පෙන්සිල්වේනියාවේ මත්පැන් පාලක මණ්ඩලයේ සඳහන

කෙසේ වෙතත්, මේ පිළිබඳව වැඩිදුර තහවුරු කර ගැනීම සඳහා අප පෙන්සිල්වේනියාවේ මත්පැන් පාලක මණ්ඩලයෙන් (Pennsylvania Liquor Control Unit) විමසීමක් සිදු කළා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ, පෙන්සිල්වේනියාවේ පුරුෂයින්ට මත්පැන් මිලදී ගැනීම සඳහා තම භාර්‍යවන්ගෙන් ලිඛිත අවසරයක් අවශ්‍ය නොවන අතර, කාන්තාවන්ටද ඒ සඳහා ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ ලිඛිත අවසරයක් අවශ්‍ය නොවන බවයි. ඒ අනුව, පෙන්සිල්වේනියාවේ වයස අවුරුදු 21ට වැඩි ඕනෑම කෙනෙකුට මත්පැන් සාමාන්‍ය පරිදි මිලදී ගත හැකි බවට ඔවුන් පෙන්වා දෙනවා.

තවද, ශ්‍රී ලංකාවේ පැවතුන සමාජ ජාල සටහනේ දැක්වුණ ඡායාරූපයත් සමඟ එහි එහි ඇති සටහනේ සමානකමක් පෙන්වන්නේ නැහැ. එම ඡායාරූපය මෙම ලිපියේ දැක්වෙන පෙන්සිල්වේනියාවේ විකිනීම සඳහා ඇති රාක්කවල ප්‍රදර්ශනය කර ඇති වොඩ්කා බෝතල් දැක්වෙන සාමාන්‍ය ඡායාරූපයක්.

තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් වන පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මත්පැන් මිලදී ගැනීමේදී විවාහක පුරුෂයින් සිය බිරිඳගේ ලිඛිත අවසරය රැගෙන ආ යුතු බවට පළවන සමාජ මාධ්‍ය සටහන් නොමග යවන සුළුයි. මත්පැන් පාලක මණ්ඩලය සඳහන් කළේ, එරට පුරුෂයින්ට මත්පැන් මිලදී ගැනීම සඳහා තම භාර්‍යවන්ගෙන් ලිඛිත අවසරයක් අවශ්‍ය නොවන අතර, කාන්තාවන්ටද ඒ සඳහා ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගේ ලිඛිත අවසරයක් අවශ්‍ය නොවන බව ත්, වයස අවුරුදු 21ට වැඩි ඕනෑම කෙනෙකුට මත්පැන් සාමාන්‍ය පරිදි මිලදී ගත හැකි බවයි.

Avatar

Title:පෙන්සිල්වේනියාවේ විවාහක පුරුෂයින්හට මත්පැන් මිලදී ගැනීම සඳහා ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ලිඛිත අවසරය අවශ්‍ය වනවාද?

Fact Check By: Fact Crescendo Team

Result: Missing Context