දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, ලංකාවේ අපනයන මත 100% තීරු බද්දක් පනවන බවක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, සඳහන් කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අමෙරිකානු ජනපති ට්‍රම්ප් ලංකාවට 100% බදු නියම කරයි. ඔහුගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ නිදහස් කල යුතු බවත් එසේ නොමැති නම් ලංකාවට අපනයන මත 100% බද්දක් පනවන බවත් ට්‍රම්ප් සඳහන් කරන වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.
සමාජ මාධ්‍ය පරිශීලකයින් සැලකිය යුතු පිරිසක් විසින් ඉහත වීඩියෝව සතයක් නොවන බව හඳුනාගෙන උපහාසාත්මක කෝණයෙන් ප්‍රතිචාර දක්වා තිබුණ ද ඇතැම් පිරිස්, මෙහි දැක්වෙන්නේ සතයක් බව උපකල්පනය කරගනිමින් දැනට මිලියන 2කට වැඩි නැරඹුම් වාර ගණනක් පසුකර ඇති ඉහත වීඩියෝව හුවමාරු කරගෙන තිබුණා.
අදාළ කෙටි වීඩියෝව, සත්‍ය වීඩියෝවක් ලෙස ට උපකල්පනය කරමින් ඉංග්‍රීසි මාධ්‍ය යෙන් මේ පිළිබඳ සටහනක් තබමින් මෙය හුවමාරුකර ගත් තව ත් අවස්ථාවක් පහතින්.
ඒ අනුව වීඩියෝව සත්‍ය අසත්‍යතාව පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඉලක්ක කර ගනිමින් 100% තීරුබදු පැනවූ බවට හෝ ප්‍රකාශයට පත් කළ බවට ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ හෝ නිල ධවල මන්දිර ප්‍රකාශවල හෝ ජාත්‍යන්තර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් හෝ වාර්තා කර නොමැති බව එම මාධ්‍යයන් ඔස්සේ අප සිදු කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබෙනවා.
2025 අප්‍රේල් මාසයේදී, ට්‍රම්ප් සිය තීරුබදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කළ අතර, සියලුම ආනයන සඳහා 44% මූලික තීරුබද්දක් ශ්‍රී ලංකාව ඇතුළත් කර පසුව එය 30% දක්වා ත්, පසුව පැවති සාකච්ඡාවලින් පසුව, 2025 අගෝස්තු 7 වන දින සිට, ශ්‍රී ලාංකික භාණ්ඩ සඳහා 20% අන්‍යෝන්‍ය තීරුබද්දක් ක්‍රියාත්මක කරන ලදී.
ඉන්පසු කිසිදු යාවත්කාලීන තොරතුරක් නොමැති අතර 100% තීරුබද්දක් පිළිබඳ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යය වන අතර එවැනි ප්‍රකාශයක් හෝ තීන්දුවක් ට්‍රම්ප් විසින් ගෙන ඇති බවට කිසිදු විශ්වාසදායක මූලාශ්‍රයක් දැක ගන්නට නොලැබේ.
කෘතීම බුද්ධිය යොදාගන්නා මෘදුකාංගයක් (AI) ඔස්සේ සිදුකළ නිර්මාණයක්
මෙම වීඩියෝව පරීක්ෂා කිරීමේදී මෙහි “made with TryParrotAI.com” ලෙසින් සඳහන් ව ඇති බව පැහැදිලිවම දැක ගන්න ලැබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව AI රූප රාමු පරික්ෂා කිරීමේ මෘදුකාංගයක ට යොමු කළ විට ද එය කෘතීම බුද්ධිය යොදාගනිමින් සිදුකළ නිර්මාණයක් බවට දැක්වෙන්නේ මෙලෙසින්.
කෙසේවෙතත් “TryParrotAI.com” යනු කෘතිම බුද්ධිය ඔස්සේ වීඩියෝ ජනනය කළ හැකි මෙවලමක් බවට සමාජ මාධ්‍ය පරිශීලකයින් සැලකිය යුතු පිරිසකට වැටහීමක් නොමැති බව එම වීඩියෝව සත්‍ය වීඩියෝවක් ලෙසට උපකල්පනය කරමින් හුවමාරු කර ගෙන තිබීම මගින් තහවුරු වේ.
TryParrotAI.com ඔස්සේ ඕනෑම අයෙකුට මේ ආකාරයෙන් ඇමරිකානු ජනපති කතාකරන ආකාරය හැඟවීමට වීඩියෝවක් AI ඔස්සේ නිර්මාණය කර හැකි අතර Free version එක ඔස්සේ ‘Watermark’ සලකුණු ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව ඉහත වයිරල් වීඩියෝව ද නිර්මාණය කර තිබෙන්නේ ඒ ආකාරයටයි.
TryParrotAI.com මෙවලම ඔස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ AI වීඩියෝ රැසක් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ද, නිර්මාණය කර ඇති බව දැක ගන්නට ලැබේ.
මේ ආකාරයෙන් ට්‍රම්ප්ගේ ජනනය කරන ලද වීඩියෝ කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
මීට පෙර පසුගිය ජනාධිපතිවරණය ට පෙර ද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලංකාව ගැන සිදුකළ ප්‍රකාශයක් ලෙස හුවමාරු වූ , AI ඔස්සේ නිර්මාණය කළ මෙවැනි වීඩියෝවක් ගැන අප සිදුකළ කරුණු දැක්වීමක් පහතින්.
ට්‍රම්ප්, අනුරට සහය දක්වන ලෙසට ප්‍රකාශ කරපු වීඩියෝවේ ඇත්ත නැත්ත!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අමෙරිකානු ජනපති ට්‍රම්ප් ලංකාවට 100% බදු නියම කළ බව ත්, ඔහුගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ නිදහස් කල යුතු බවත් එසේ නොමැති නම් ලංකාවට, අපනයන මත 100% බද්දක් පනවන බවත් ට්‍රම්ප් සඳහන් කරන වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද අසත්‍ය වීඩියෝවක් බවයි. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු වලින් අවසන් වරට යාවත්කාලීනව ඇත්තේ ශ්‍රී ලාංකික භාණ්ඩ සඳහා 20% අන්‍යෝන්‍ය තීරුබද්දක් ක්‍රියාත්මක වන බවට වන අතර එහි අඩු හෝ වැඩිවීමක් සිදු කර බවට කිසිදු නිල මූලාශ්‍රයක් නොමැත.Also Read: කෘතීම බුද්ධියෙන් නිපදවන ඡායාරූප හදුනාගන්නේ කෙසේද? ලෝකයේ අවසාන යෝධයාගේ සේයාරුව ඇසුරින් පහදමු.

Title:ට්‍රම්ප් ලංකාවට 100% බදු පනවන බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත,නැත්ත!
Fact Check By: Factcrescendo TeamResult: False
