දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

False Online Scam

ශල්‍යකර්මයන් වෙනුවෙන් බොහෝ දෙනා ආධාර ඉල්ලා සිටිමින් පළවන සටහන් බොහෝ විට අපට මුහුණු පොතේ දැකගන්නට ලැබෙනවා. විශාල මුදලක් වැයවන සැත්කම් වෙනුවෙන් ආර්ථික ශක්තියක් නොමැති අය මෙසේ ආධාර අපේක්ශාවෙන් මෙසේ ෆේස්බුක් හරහා මුදල් එකතු කිරීම සඳහා fundraiser වැනි ක්‍රමද යොදාගන්නවා. මේ අතර සත්‍ය නොවන කරුනු සටහන් කරමින් වංචනික ලෙසද මෙසේ මුදල් එකතු කරන අවස්ථා මෙන්ම පාඨකයින්ගේ අනුකම්පාව හරහා likes සහ shares ලබාගැනීමට ඇතැම් අය කටයුතු කරනවා. 

පසුගිය දිනෙක සැත්කමකට ආධාර ලබා ගැනීමේ අරමුනින් වෙනස් ආකාරයේ සටහනක් 1919 නම් ෆේස්බුක් පි‍ටුවක් තුල හුවමාරු වන අයුර අපට දැකගන්නට ලැබුනා.දරුවෙකුගේ පින්තූරයක් සහිතව දක්වා තිබූ එම සටහනට අනුව එම ඡායාරූපයේ පෙනී සිටින දරුවා සේෆ්ටි පින් (safety pin) එකක් ගිල ඇති බවත් එනිසා එම දරුවාට කතා කිරීමේ හැකියාව නැතිවී ඇති බවත් ,කතා කිරීමේ හැකියාව ලබාදීමට ශල්‍යකර්මයක් කිරීමට ලක්ශ 50ක මුදලක් වියදම් වන බවත් එහි සටහන් කර තිබුනා.මෙම සටහනට අනුව එම ෆේස්බුක් සටහන හුවමාරු කරන ප්‍රමාණයට රුපියල බැගින් වට්ස්-ඇප් (WhatsApp) සමාගම විසින් මුදල් ලබා දෙන නිසා හැකිතාක් මෙම ෆේස්බුක් සටහන හුවමාරු කරන ලෙසත් ඉල්ලා තිබුනේ මෙලෙසින්

C:\Users\Prabuddha Athukorala\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\screenshot-www.facebook.com-2020.09.13-18_07_37.png
LinkArchived Link

මෙම කරුනම හඬ පටයක් (voice recording) එකක් සමඟ දෙමල සහ සිංහල භාෂා වලින් ද හුවමාරු වන බවක් අපට නිරීක්ශනය වුනා. එම හඬ පට දෙක සමඟ මෙම ඡායාරූපයද හුවමාරු වී තිබු අතර එම හඬ පට දෙක පහතින්.

තරමක් වෙනස් විදියේ ඉල්ලීමක් නිසාත් වට්ස්ඇප් (WhatsApp) වැනි සමාගමක් මෙසේ මුදල් ලබා දීමට කටයුතු කරන බවට පැවසෙන නිසාත් මෙම කරුණ පිලිබඳව සොයා බැලීමට කටයුතු කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම

මේ සම්බන්දව සොයා බැලීමට අප පලමුවෙන්ම මෙහි පලවන ඡායාරුපයට අදාලව ගූගල් සෙවුම් යාන්ත්‍රණයේ ඡායාරුප සෙවුමක් (Reverse Image Search) සිදු කලා.

එයට අනුව මෙම ඡායාරුපය 2019 වසරේ ඉන්දියවේ බොහෝ සෙයින් හුවමාරු වී ඇති බව දැකගන්නට ලැබුනා.පහතින් දැක්වෙන්නේ එසේ හුවමාරු වූ සටහන් කිහිපයක්.

LinkArchived Link
LinkArchived Link

මේ අනුව බලන කල මෙම සිදුවීම මෑතකදී මෙරට සිදු වූ එකක් නොවන බවට තහවුරු කල හැකියි. එම ඡායාරූපය පිලිබඳ නිශ්චිතම විස්තරයක් සොයාගැනීමට නොලැබුණද බැලූ බැල්මට වුවද ඡායාරූපයේ සිටින දරුවාගේ හිස ප්‍රදේශයේ සිදුව ඇති යම් අනතුරකින් පීඩා විඳින බවකුයි පෙනී යන්නේ. 

මෙසේ ෆේස්බුක් වල හුවමාරු වන ලෙස  වට්සැප් මගින් මුදල් ලබා දෙනවාද යන කාරණය පිලිබඳවද අප සොයා බැලීමක් කලා. WhatsApp ආයතනය මෙවැනි අයතා ක්‍රමයට මුදල් අය කරන ක්‍රම ඇති බවත් ඔවුන් එම කටයුතු වලට කිසිම විටෙක දායක නොවන බවත් පැහැදිලිව මෙලෙසින් දක්වා තිබෙනවා. එම සටහනට අනුව ඔවුන් කිසිම විටෙක ආධාර ලබා දීම වෙනුවෙන් මේ ආකාරයේ කටයුතු වලට දායක වන්නේ නෑ.

Also Read : Hoax On WhatsApp Announcing A Covid-19 Financial Giveaway!

එසේම ඇත්ත වශයෙන් ශල්‍යකර්මයක් සඳහා මුදල් එකතුකිරීමට යොදාගෙන තිබු ඡායාරූපයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් පාස්කු ප්‍රහාරයෙන් බෝම්බ අත්දැකීමට මුහුණ දුන් දරුවෙක් යන තේමාවෙන් හුවමාරු වූ සටහනක් පිලිබඳ විමර්ශනයක් අප පසුගිය වසරේ සිදුකලේ මෙලෙසින් 

මේ පිළිබඳව මලයාලම් බසින් අප සහෝදර ආයතනයක් විසින් කරුණු විමර්ශනයක්ද පසුගිය දා සිදුකර තිබුනේ මෙලෙසින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බැලීමේදී  අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සැත්කමකට ආධාර වශයෙන් සේෆ්ටි පින් එකක් ගිලුනු දරුවෙකුට ආධාර ලබා ගැනීමට කුඩා දරුවෙකුගේ ඡායාරුපයක් හුවමාරු කරගන්නා ලෙස ඉල්ලීමක් කරමින් WhatsApp සහ ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වන සටහන් වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි. එසේම මෙම ඡායාරුප දැනට වසරකට පමණ පෙර ඉන්දියාවේ ද මෙම විස්තරය සහිතවම විවිධ භාෂාවලින් හුවමාරු වූ බවත් කිසිවිටෙකත් වට්සැප් ආයතන මගින් මෙසේ සටහන් හුවමාරු කර ගැනීමට මුදල් ලබා නොදෙන බවත් අපට තහවුරු කල හැකියි.

Avatar

Title:දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera 

Result: False


Leave a Reply