අයිතිකරුගේ නම ගහපු අංක තහඩු ළගදීම ලබා ගැනීමට හැකිද?

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

වාහන අංක තහඩු ලබා ගැනීමේදී වාහනයේ හිමිකරුගේ නම සඳහන් කළ අංක තහඩු ලබා ගත හැකි බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වූ අතර මෙහි සත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප ක්‍රියාකරනු ලැබුවා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“අයිතිකරුගේ නම ගහපු අංක තහඩුවක් ළගදීම” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

මැයි මස අග සිට මෙම අංක තහඩු ලබා ගැනීමට හැකි බව දක්වමින් ද, සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්

Fb| Fb| Fb| Fb| Fb

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින වටපිටාවක, එම තත්ත්වය සමතයට පත් නොකොට, වාහනයක අයිතිකරුවන්ට තමන්ගේ නම ඇතුළත් කරමින් අංක තහඩු ලබා ගැනීම සඳහා නව ක්‍රම වේදයක් මැයි මස අග වන විට හෝ මෑතකදී සකස් කරන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරනවාද යන්න පුදුමයට පත්වන කරුණක් බැවින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නව ක්‍රමවේදය පිළිබඳ නිවේදනයක් නිකුත් කර ඇත්දැයි යන්න අප එහි නිල වෙබ් අඩවිය හරහා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එවැනි තොරතුරක් පළ වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.

වාහනයක අයිතිකරුවන්ට තමන්ගේ නම ඇතුළත් කරමින් අංක තහඩු ලබා ගැනීම පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි සිදු කළ පරීක්ෂාවේදී මෙවැනි වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේදී ප්‍රකාශ කළ බවට වාර්තා දැක ගන්නට ලැබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

මේ හේතුවෙන් මේ පිළිබඳව සාකච්ඡා වූ මුදල් කාරක සභාවේ පැවැත්වූ සාකච්ඡාව වෙත අපගේ අවධානය යොමු කරන ලදී.

මෙහිදී ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂද සිල්වා මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙ වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් විමසීම් කරන අතර එහිදී නිලධාරීන් සඳහන් කරන්නේ, නිසි සැපයුම්කරුවෙකු නොමැති වීම හේතුවෙන් 2026 සන මාර්තු 31 වන දින වන විට 413,000ක පමණ ප්‍රමාණයක් අංක තහඩු නිකුත් කිරීම ඇති බව ත්,  මේ වන විට නව සැපයුම්කරු වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ඊට අදාළ මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවත් මැයි මස අගදී මුද්‍රණ කළ අංත තහඩු නිකුත් කිරීමට හැකි බව ත් ය. මැයි මස අගදී නිකුත් තරන අංක තහඩු වන්නේ, වාහන වලට ලබා දෙන අංක තහඩු මිස වාහන හිමි කරුගේ නම් ඇතුළත් කළ අංක තහඩු බවට එහි කිසිදු සඳහන් නොකරති.

හර්ෂද සිල්වා මහතා සඳහන් මෙහිදී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා විසින් මිලදී ගත් සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වුණ රෝල්ස් රොයිස් මෝටර් රථය සම්බන්ධයෙන් උදාහරණයක් ලෙන හැර දක්වමින් වෙනත් රටවල ක්‍රියාත්මක වන වාහනයක හිමිකරුගේ නම සඳහන් අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නොහැක්කේ මන් ද යන්න මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනු ලබනවා.

එහිදී එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කොමසාරිස් ප්‍රියන්තා දිසානායක මහත්මිය විසින් සඳහන් කරනු ලබන්නේ, එම ක්‍රමවේදය ලංකාවට හඳුන්වා දීමට සැලසුම් කරගෙන යන බව ත්, දැනට පවතින පද්ධතිය යල් පැන ගිය පද්ධතියක් බැවින් තවමත් හිමිකරුගේ නම ඇතුළත් කරමින් අංක තහඩු ලබා දීමේ ක්‍රම වේදය හඳුන්වා දීමට නොහැකි වූ බව ත්,  පද්ධතිය යාවත්කාලී කිරීමෙන් පසු එවැනි විශේෂිත වූ ව්‍යාපෘතියකට යෑමට සැලසුම් කර ඇති බව සඳහන් කරනු ලබනවා.

එමෙන් ම එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කොපමණ කාලයක් ගතවෙනවාද යන ගැටලුව හර්ෂ ද සිල්වා මහතා විසින් නැවත එම නිලධාරිනියගෙන් විමසීමක් කරන අතර ඇය සඳහන් කරන්නේ, එම දෙපාර්තමේන්තුවේ පද්ධතිය සැකසීමෙන් පසු එදා සිට මාස 6ක් ඇතුළත කාලයක මෙම ක්‍රමවේදය හඳුන්වාදිය හැකි බවයි. 

මෙහිදී මෙම මස සිට( අප්‍රේල්) මාස 6ක කාලයක් ඇතුළත මෙම ක්‍රම වේදය හඳුන්වා දෙන බවට බොහෝ මාධ්‍ය විසින් ද, සමාජ මාධ්‍ය විසින් ද, නොමගගොස් තිබුණා. එයට හේතු වූයේ එම දෙපාර්තමේන්තුවේ පද්ධතිය සංවර්ධනය කරන තුරු මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන බවට වටහා නොගැනීම තුළය. එනම්, මෙහිදී පද්ධතිය කෙදිනද සංවර්ධනය කිරීමට හැකි වන්නේ, එදායින් පසුව මාස 6ක් ඇතුළත මෙය හඳුන්වා දීමට සූදානම් බවට නිලධාරිනිය කරන ප්‍රකාශයයි. මෙහිදී පද්ධතිය සංවර්ධනය කර්නේ කෙදිනද යන්න කතා බහට ලක් නොවුණි. 

ප්‍රවාහන අමාත්‍යාංශය

අප මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයෙන් විමසීමක් ඛළ අතර  ඔහු පැවසුවේ හිමිකරුගේ නමට අංක තහඩු ලබා දීමේ ක්‍රමවේදය ඉක්මනින් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, පරිගණක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ කටයුතු සිදු කිරීමෙන් පසුව පමණක් සිදු කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවත්ය.

නව සමාගම සමඟ ඇති කරගත් ගිවිසුම මත පදනම්ව වාහන සඳහා අංක තහඩු බෙදා හැරීම ද මැයි මස අග සිට ආරම්භ කරන බව ද ඔහු පැවසීය.

ඒ අනුව පැහැදිලි වන්නේ අනාගතයේදී මෙම සේවාව ලබා දීමට සැලසුම් කර ඇති බව ත්, මෑතකදී මෙම සේවාව ලබා දීමේ සූදානමක් නොමැති බවයි.

අංක තහඩු මුද්‍රණය කිරීම සඳහා සැපයුම්කරුවෙකු නොමැති වීම හේතුවෙන් මාස 10 පමණ කාලයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් අංක තහඩු නිකුත් කිරීම නතර කර තිබුණා.

ශ්‍රී ලංකාවේ මෝටර් වාහන සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම වෙනුවෙන් නව සැපයුම්කරුවෙකු සමග ගිවිසුම්ගත වීම පසුගිය මාර්තු 10 වන දා සිදුවූ අතර නව සමාගම සමග ගිවිසුම්ගත වූ දින සිට ලියාපදිංචි කෙරෙන මෝටර් රථ සඳහා එම සමාගම මගින් අංක තහඩු නිකුත් කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා. කෙසේ වෙතත්, ඊට පෙර, එනම් 2025 මැයි 1 සිට එම දිනය දක්වා ලියාපදිංචි වී ඇති මෝටර් රථ සඳහා අංක තහඩු නිකුත් කරන්නේ මෙම නව සමාගම මගින් ද නොඑසේ නම් පෙර පැවති සමාගම මගින් ද යන්න තීරණය කර නොතිබුණි. ෙම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතනින්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිසි අංක තහඩුව ලැබෙන තෙක් තාවකාලික අංක තහඩුව ප්‍රදර්ශනය කළ යුත්තේ කෙසේ ද, යන්න පොලීසිය විසින් දැනුවත් කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අයිතිකරුගේ නම ගහපු අංක තහඩු ළගදීම යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමග යවන සුළු බවයි. මෝටර් රථ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දැනට පවතින පද්ධතිය යාවත්කාලීන කළ වහාම මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. මෝටර් රථ දෙපාර්තමේන්තුව ද, සඳහන් කළේ, මෙම ක්‍රියාවලිය සඳහා කලක් /ත වන බව ත්, එය මෑතකදී සිදු නොවන බව ත්ය.

Result Stamp

Title: අයිතිකරුගේ නම ගහපු අංක තහඩු ළගදීම ලබා ගැනීමට හැකිද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *