බස් රථයකට කිසියම් පුද්ගලයෙකු පොල්ලකින් පහරදෙන  ආකාරය දැක්වෙන වීඩියෝව මෑත කාලීන සිදු වීමක් නොවේ!

Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

අතීත සිදුවීම් වලට අදාළ පැරණි වීඩියෝ සහ ඡායාරූප මෑත කාලීන සිදුවීම් ලෙස දක්වමින් හුවමාරු වන ආකාරය සමාජ මාධ්‍ය තුළ බහුලව නිරීක්‍ෂණය කළ හැකි තත්ත්වයක්. එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

පුද්ගලයෙකු විසින් කලහකාරී ලෙස බස් රථයකට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ මෑතකදී වූ සිදුවීමක් ලෙසිනි. එම වීඩියෝව පහතින්.

Facebook 

අදාල වීඩියෝව හුවමාරු වී තිබූ තවත් අවස්ථාවක් පහතින්.

Facebook Facebook

අදාළ සිදුවීම මෑත කාලීනව සිදුවූවක් ද යන්න සහ මෙම සිදුවීමට අදාළ පසුබිම කුමක්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට අප විසින් කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

කිසියම් පුද්ගලයෙකු විසින් බස් රථයකට පහර දෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන අදාළ වීඩියෝව මෑතකදී ප්‍රධාන ධාරාවේ මාධ්‍යක් විසින් හෝ පිළිගත හැකි නිල මූලාශ්‍රයක් ඔස්සේ මෑතකාලීන සිදුවීමක් ලෙස වාර්තාකර ඇත්ද යන පරීක්ෂා කිරීම සඳහා අප විසින් කටයුතු කළා. නමුත් එවැනි විශ්වාසදායක වාර්තා කිසිවක් හමුවුණේ නැහැ.

කෙසේ නමුත් අප විසින් අදාල වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමේදී අදාළ වීඩියෝව සම්බන්ධයෙන් සටහනක් 2024.04.23 දින Asian Mirror නිල වෙබ් අඩවිය ඔස්සේ පළ කර ඇති ආකාරය දැකගන්නට ලැබුණා.

Asian Mirror

එසේම Asian Mirror YouTube නාලිකාව 2024.04.23 දින අදාළ වීඩියෝව වාර්තා කර තිබුණා.

YouTube

ශ්‍රී ලංකා පොලීසිය 

අදාළ වීඩියෝව සම්බන්ධයෙන් 2026.04.29 දින ශ්‍රී ලංකා පොලිස් නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා තිබුණා.බස් රථයකට කිසියම් පුද්ගලයෙකු පොල්ලකින් පහරදෙන  ආකාරය දැක්වෙන වීඩියෝවක් මෑත දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවත්, නමුත් එය මෑත කාලීන සිදුවීමක් නොව 2024.05.22 වන දින ගලේවෙල නගරයේ සිදුවූ සිදුවීමක් බවත්, වීඩියෝවේ පොල්ලක් ඇතැතිව ප්‍රච‍න්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයා දියසෙන්පුර සිට කොළඹ බලා ධාවනය වන පුද්ගලික බස් රථයක රිය සහයක ලෙස කටයුතු කළ පුද්ගලයෙක් වන බවත්,

පහරදීමට ලක්වන බස් රථය දඹුල්ල ඩිපෝවට අයත් ලංකා ගමණාගමන මණ්ඩලයට අයත් බස් රථයක් බවත් එම සටහන තුළ දක්වා තිබෙනවා. එකම ගමන්මාර්ගයක එකම වේලාවේදී මෙම බස් රථ දෙක ධාවනය වීම ගැටුමට හේතුව ලෙස අනාවරණය වී ඇති අතර පහරදීමට උත්සහ කිරීම සම්බන්ධව ලද පැමිණිල්ලකට අනුව  ගලේවෙල පොලිස් ස්ථානය විසින් සිද්ධියට සම්බන්ධ කලහකාරීව හැසිරුනු රිය සහයකවරයා සාපරාදී බියගැන්වීම හා පහරදීමට තැත්කිරීමේ වරදට අනුව සිදුවීමෙන් පසුදින අත්අඩංගුවට ගෙන ඇති බවත්, පහරදීමෙන් පුද්ගලයෙකුට ලංගම බස්රථයට අලාභ හානියක් සිදුවී නොමැති බවත්, ඒ අනුව සැකකරුට දැඩි ලෙස අවවාද කර ඇපමත මුදාහැර ඇති බවත් එම සටහන ඔස්සේ වැඩිදුරටත් දක්වා තිබෙනවා. එම සම්පූර්ණ සටහන මෙතනින්.

අදාළ වීඩියෝව මෑත කාලීන එකක් නොවන බවත්, එය වසර දෙකකට පෙර 2024 මැයි 22 වන දින සිදු වූ සිදුවීමකට අදාළ බවත් දක්වමින් මාධ්‍ය ඔස්සේ ද පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ බස් රථයකට කිසියම් පුද්ගලයකු පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව මෑතකදී සිදු වූවක් නොව, 2024.05.22 දින ගලේවල නගරයේ සිදුවූ සිදුවීමක් බවයි. පහරදීම සිදු කළ පුද්ගලයා එදිනම පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඇප මත මුදා හැර තිබෙනවා.

Result Stamp

Title: බස් රථයකට කිසියම් පුද්ගලයෙකු පොල්ලකින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝව මෑත කාලීන සිදු වීමක් නොවේ!

Fact Check By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *