දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ලෝක කම්කරු දිනය සැමරීමට හෙට(01) දිනයේ සියලු පක්ෂ සියලු කටයුතු මේ වන විටත් සූදානම්. මේ අතර දේශපාලනික වශයෙන් පක්ෂ අතර ත්, වැඩිම සෙනඟක් ගෙන්වා ගැනීමට තරඟකාරීත්වයක් තිබෙන වටපිටාවක පක්ස වල මැයි රැලි සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වනවා. එලෙසින්හු වමාරු වූ ලිපියක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර විසින් දිස්ත්‍රික්ක සංවිධායකවරුන්ට යොමු කළ ලිපියක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ලිපියක් සංසරණය වී තිබුනේ මේ අයුරින්.
එහි සඳහන් වූයේ, හෙට දිනයේ පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගය පක්ෂයේ මැයි රැලියේ සංවිධාන කටයුතු සිදුවන අතරතුර එහ පක්ෂයේ මූල්‍ය අංශයේ ඉරාන් මහතා ඇතුලු කණ්ඩායමක් ඉවත් වීමත් සමඟ යම් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බවයි.
මේ හේතුවෙන් මැයි දිනයට පැමිණෙන පාක්ෂිකයින්ගේ පැමිණීමේ දීමනාව, ආහාර පාන දීමනාව පියවීම සඳහා මාසයකින් කල් යනු ඇති බව ත්, ප්‍රවාහන දීමනාව සඳහා යම් පිරිවැයක් මරික්කාර් මැතිතුමා (0777886665) විසින් දිස්තික් සංවිධායක තුනමන්ලාට ලබාදීමට කටයුතු කරනු ඇති බව ත්, එහි සඳහන් වේ. ඒ සඳහා ඒ මහතා සම්බන්ධ කරගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර පවතින තත්ත්වය හමුවේ පාක්ෂිකයන්ගේ පැමිණීම අධෛර්යමත් නොකරමින් මැයි දිනය සාර්ථක කර ගැනීම සඳහා සක්‍රීයව මැදිහත් වන ලෙස එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

Facebook | Archived Link
මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මැයි 01 වනදාට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් සමගි ජන බලවේගයේ රැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ‘පච මදිවට හොරු එළවන විපක්ෂයේ මැයි රැලිය’ තේමාව යටතේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී සවස 3.00 ට පැවැත්වීමට නියමිතයි.
මේ අතර එම පක්ෂයේ මහලේකම්වරයා විසින් මෙවැනි ලිපියක් ද්‍රිස්ත්‍රික්ලේ කම්වරුන් වෙත මුදා හැර ඇත්නම් එම ලිපිය පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර යුතුව තිබුණත්, එවැනි පුවතක් වාර්තා වී ඇති බව දැක ගන්නට නොලැබුණි.
එමෙන් ම මෙම ලිපිය පරීක්ෂා කිරීමේදී මෙහි ලිපියේ ඇති අකුරු වල අපහැදිලි බව ත්, වචන නිසි පරිදි වෙන් කර නොමැති බව ත්, දැක ගන්නට ලැබේ. මෙවැනි වැරදීන් සාමාන්‍යයෙන් පක්ෂයේ නිල නිවේදනයක, නිල ලිපියක සිදු නොකරන බැවින් ද, මෙහි සත්‍යතාව පිළිබඳ ගැටලුවක් මතු වේ.

අප මේ පිළිබඳව පක්ෂයේ දිස්ත්‍රික් ලේකම්වරුන් කිහිපදෙනෙකුගෙන්ද, විමසීමක් කළ අතර
ඔවුන් සඳහන් කළේ ද, මෙවැනි ලිපියක් තමන්ට නොලැබුණු බවයි.
සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය
එමෙන් ම සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය ද, තහවුරු කරන්නේ, මෙම ලිපියේ සඳහන් කරුණු අසත්‍ය බව ත්, මෙවැනි ලිපියක් දිස්ත්‍රික් ලේකම්වරුන්ට පක්ෂයේ මහලේකම්වරයා විසින් යොමු නොකර ඇති බවයි. සමගි ජන බලවේගයේ මැයි රැලිය කඩාකප්පල් කිරීමේ අරමුණින්, මෙවැනි අසත්‍ය සටහන් හුවමාරු කර ගන්නා බව ත්, ඔවුන් වැඩි දුරටත් පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්වීම සමගින් ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පක්ෂ කළමනා කරණ කමිටුවෙන් හා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සිදු කළ ඉල්ලා අස්වීම භාර ගන්නා බවත්, පක්ෂ ප්‍රතිපත්තියට අනුව, ක්‍රීඩා සංගම් පාලනය කිරීමේදී දේශපාලනය සම්බන්ධ නොවිය යුතු බැවින් පක්ෂයේ තනතුරක් දරමින් දේශපාලනයට සම්බන්ධ නොවි යුතු බැවින්පක්ෂ ප්‍රතිපත්තියට ද අනුකූල වන පරිදි සමගි ජන බලවේගය පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්විය යුතු බව දන්වමින් ලිපියක් යොමු කර තිබුණේ මෙලෙසින්.
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමගි ජන බලවේගය පක්ෂයේ
මැයි රැලියට සහභාගි වන පිරිසට ලබා දෙන පහසුකම් සහ මුදල් සම්බන්ධයෙන් යන මැයෙන් පළ වන ලිපිය සමගි ජන බලවේගයේ නිල ලිපි ශීර්ෂය යෙදා ගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ලිපියක් බවයි. එවැනි ලිපියක් නොලැබුණු බව දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන් ම, එවැනි ලිපියක් යොමු නොකළ බව සමගි ජනබලවේගය ද, තහවුරු කරයි.

