බංග්ලාදේශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම ද ? 

AI Internatioanl Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ හාස්‍ය උත්පාදනය කිරීම අරමුණු කරගනිමින් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද අන්තර්ගතයන් හුවමාරු වනවා දැකිය හැකියි. කෙසේ නමුත් ඒ ඔස්සේ ද සිදුවන්නේ සමාජය නොමග යැවීමක්. සමාජ මාධ්‍ය ඔස්සේ කෙටි කාලයක් තුළ බහුලව හුවමාරු වූ  එවැනි ඡායාරූපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

බංග්ලාදේශ වන ජීවී අංශයේ නිල ඇඳුම ලෙස දක්වමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.සත්ව සම් වලට සමාන අයුරින් නිර්මාණය කරන ලද බව පෙනෙන නිල ඇඳුම් වලින් සැරසී සිටින පුද්ගලයන් දෙදෙනෙකු එම ඡායාරූපයේ දැක්වෙන අතර එය බංග්ලාදේශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම බවට දක්වමින් අදාළ සමාජ මාධ්‍ය සටහන හුවමාරු වී තිබුණා.

Facebook |Archived Link

අදාළ සටහන තවදුරටත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook Facebook Facebook 

අදාල නිල ඇඳුම සැබෑ ලෙසම බංග්ලාදේශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ඇඳුමද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

බංග්ලාදේශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම ලෙස දක්වමින් හුවමාරු වී තිබූ අදාළ ඡායාරූපය සැබවින්ම බංග්ලාදේශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම ද යන්න තහවුරු කර ගැනීම සඳහා එම ඡායාරූපය හෝ අදාල නිල ඇඳුම කිසියම් පිළිගත හැකි නිල මූලාශ්‍රයක් ඔස්සේ පළ කර ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් Key words  ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. නමුත්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන එම ඡායාරූපය අඩංගු විශ්වාසදායක වාර්තා කිසිවක් හමු වුණේ නැහැ. 

කෙසේ නමුත්, එම Key words පරීක්ෂාවේදී 2026 අප්‍රේල් 21 වන දින ඩේලි සන් පුවත්පතේ පළ වූ වාර්තාවක් හමු වුණා. එම වාර්තාව තුළ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ පසුබිම, වටපිටාව සහ එහි දැක්වෙන නිලධාරීන් දෙදෙනා සිටින ඡායාරූපයක් දක්නට ලැබුණා. නමුත් එම ඡායාරූපයේ අදාළ නිලධාරීන් හැඳ සිටින නිල ඇඳුම් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ දැක්වෙන ඇඳුම නොවේ.

” නිලධාරීන් තුළ වාර්තා වූ අතෘප්තිය සහ ඉදිරි පෙළ නිලධාරීන් විසින් මතු කරන ලද ගැටළු හේතුවෙන් මෑතකදී හඳුන්වා දුන් පොලිස් නිල ඇඳුම සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ”. යනුවෙන් එම වාර්තාවේ සඳහන් වී තිබුණා.

බංග්ලාදේශ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සිදු කරන ලද යෝජනාවකට අනුව පොලිස් මූලස්ථානය විසින් පොලිස් ඇඳුම් පැළඳුම් රීති-2025 සඳහා සංශෝධන නිර්දේශ කර තිබෙනවා. විවිධ ඒකක සඳහා නව වර්ණ පටිපාටි මෙහිදී යෝජනා කර තිබෙනවා.

ඒ අනුව පොලිස් මූලස්ථානයේ සැපයුම් ශාඛාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව, මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරීන්ට සැහැල්ලු ඔලිව් කමිස, දිස්ත්‍රික් සහ අනෙකුත් පොලිස් ඒකකවලට නිල් පැහැති කමිස සහ සියලුම ඒකක වලට කාකි පැහැති කලිසම් නිර්දේශ කර තිබෙනවා. 

නමුත්, අප්‍රේල් 15 වන දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පොලිස් මූලස්ථානය මගින් ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ, නව කමිස කලිසම් හඳුන්වා දුන් දා සිට, ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් අතර අතෘප්තියක් මතුවී ඇති බවයි. බොහෝ සේවකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සමච්චලයට ලක් වී ඇති බවත්, එය ඔවුන්ගේ චිත්ත ධෛර්යයට බලපාන බවත් එහි සඳහන් වී තිබෙනවා. එසේම බංග්ලාදේශ පොලිස් සේවා සංගමය ද දක්වා ඇත්තේ නව නිල ඇඳුම සහ අනෙකුත් ආයතනවල නිල ඇඳුම අතර ඇති සමානකම් නිසා මහජනතාවට පොලිස් නිලධාරීන් පැහැදිලිව හඳුනා ගැනීම දුෂ්කර වී ඇති බවයි.

කෙසේ නමුත් පොලිස් මූලස්ථාන සැපයුම් අංශයේ නියෝජ්‍ය පොලිස්පති සර්වර් මෝර්ෂෙඩ් ෂාමිම් මහතා පවසා ඇත්තේ යෝජිත නව නිල ඇඳුම් වෙනස්කම් හේතුවෙන් රජයට අමතර මූල්‍ය බරක් පැටවෙන්නේ නැති බවත්, නිලධාරීන්ගේ  අයිතිවාසිකම් වලට අනුව පදනම්ව වාර්ෂිකව නිල ඇඳුම් බෙදා හරින බවත්ය. සංශෝධිත නීති අනුමත වූ පසු නව නිල ඇඳුම් නිකුත් කරනු ලැබෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තවත් සටහන් මෙතනින් සහ මෙතනින්.

සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වූ ඡායාරූපය සහ ප්‍රවෘත්ති වාර්තාවල ඇති ඡායාරූපය අතර සංසන්දනයක් පහතින්.

කෘතිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කළ ඡායාරූපයක් 

මෙම නිල් පැහැති නිල ඇඳුම් ඇඳගත් නිලධාරීන් දැක්වෙන ඡායාරූපය සහිත සටහන පිළිගත හැකි නිල මූලාශ්‍ර ගණනාවක් ඔස්සේ වාර්තා කර තිබීමෙන් එය මුල් රූපය බව හඳුනාගත හැකි බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වී තිබූ ඡායාරූපය කෘතිම බුද්ධි අන්තර්ගතයන් හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කර පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

එහිදී අනාවරණය වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වූ සත්ව සම් වලට සමාන නිල ඇඳුම් දැක්වෙන ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කර ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ බංග්ලාදේශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම ලෙස දක්වමින් හුවමාරු වන සත්ව සම්වලට සමාන නිල ඇඳුමක් ඇඳ සිටින නිලධාරීන් දෙදෙනෙකු දැක්වෙන ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූපයක් බවයි. බංග්ලාදේශයේ පොලිස් නිලධාරීන්ට අලුතින් හඳුන්වා දී ඇති නිල ඇඳුම ඇඳ සිටින නිලධාරීන් දෙදෙනෙකු දැක්වෙන මුල් ඡායාරූපය යොදා ගනිමින් අදාළ වෛරල් වූ ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇත.

Result Stamp

Title: බංග්ලාදේශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම ද ?

Fact Check By: Pavithra Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *