
සමාජ මාධ්‍ය සටහන් ජනතාව අතර බහුලව සංසරණය කරවීම සඳහා බොහෝ ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරුන් විසින් අසත්‍ය සටහන් මෙන්ම පැරණ සිදුවීම් වර්තමාන සිදුවීම් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරනු ලබනවා. නෙල්ලිගල ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් පළ වූ එවැනි නොමග යවන සුළු සටහනක් පිළිබඳව අප කළ විමසීමක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
“මේ දිනවල කූරගල රජමහා විහාරය ගොඩ නැගීමට සිය දිවි දෙවෙනිකොට මහා කර්තව්‍යයක් ඉටු කරන නෙල්ලිගල ලොකු හාමුදුරුවෝ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.” යනුවෙන් ෆේස්බුක් සටහනක් වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ දී සංසරණය වී තිබුණේ මෙලෙසින්.

සත්‍ය වශයෙන්ම නෙල්ලිගල ස්වාමීන්වහන්සේ අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ දිනවල රෝහල් ගත කර ඇත්දැයි විමසා බැලීමක් අප සිදු කරනු ලැබුවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
කූරගල පුදබිම සියලු ලාංකිකයන්ගේම උරුමයක් බවට පත් කිරීමට කටයුතු කළ නෙල්ලිගල නායක හාමුදුරුවන් හෙවත් වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පිලිබඳ පසුගිය කාල වකවානුවේ දී කුරගල පුජා භුමියේ ඇතිවී තිබෙන බෞද්ධ ප්‍රභෝදයත් සමඟම බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ චරිතයක් බවට පත්වුණා.
FACT CHECK: කූරගල බෞද්ධ ප්‍රබෝධයත් සමග එහි පැවති ඉස්ලාම් පල්ලිය ඉවත් කර ඇද්ද ??
නෙල්ලිගල ස්වාමීන් වහන්සේ අසනීප බවට සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය අප්‍රේල් මස සිට මේ වන තෙක් වරින් වර ඡායාරූප සමගින් සංසරණය වී තිබෙනු ද අපට නිරීක්ෂණය වුණා. පසුගිය නොවැම්බර් මස පළ වූ සටහනක් පහතින්.

Facebook | Archived Link Facebook
මේ ආකාරයේ සටහන් පෙළක් ම පසුගිය නොවැම්බර් මස හුවමාරු වී තිබු අතර ඒවායේ දක්වා තිබුනේ වම් අතෙහි සිදු කරන ලද ශෛල්‍යකර්මයක් හෙතුවේන් කොළඹ පුද්ගලික රෝහලක උන්වහන්සේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.
එසේම මේ දිනවල හුවමාරු වන සටහනම පසුගිය නොවැම්බර් මස සමාජ මාධ්‍ය ඔස්සේ මුල්වරට හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු විමසීමට අප නෙල්ලිගල නායක හාමුදුරුවන් අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.
ස්වාමින් වහන්සේ පැවසූවේ පසුගිය නොවැම්බර් මස ශල්‍යකර්මයක් සඳහා තමන් යොමු වූ බවත්, එම දිනවල ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ තමන් වහන්සේට අසනීප බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර හුවමාරු වන බවයි. ස්වාමීන් වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් තමන් මේ දිනවල රෝහල් ගත කර ඇති බවට පැවසෙන්නේ අසත්‍යයක් බවත්, උන්වහන්සේ අවධාරණය කර සිටියා.
එසේම අප නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ෆෙස්බුලක් පිටුවේ කරුණු පරීක්ෂා කිරීමේ දී ද එහි කටයුතු සඳහා නෙල්ලිගල නා හිමියන් සහභාගී වී තිබූ අයුරු දැක ගන්නට ලැබුණා. FB | FB2
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
වතුරකුඹුරේ ධම්මරතන හෙවත් නෙල්ලිගල හිමියන් මේ දිනවල අසනීප තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කළ ඇති බවට සඳහන් කරමින් සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ පසුගිය වසරේ නොවැම්බර් මස උන්වහන්සේ අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවේ උන්වහන්සේට ඉක්මන් සුව පතා හුවමාරු වූ සටහනකි. නෙල්ලිගල නායක හාමුදුරුවන් අප කළ විමසීමේදී පැවසූවේ උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් මේ දිනවල රෝහල් ගත කළ බවට පැවසෙන පුවත අසත්‍ය බවයි.

Title:නෙල්ලිගල නායක හාමුදුරුවන් මේ දිනවල රෝහල් ගත කළ බවට අසත්‍ය සටහන් පෙළක්!
Fact Check By: Pavithra SandamaliResult: Misleading
