
20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ පළමු තරඟ අද දිනයේ (ඔක්තෝබර් 22 දින) පැවැත්වුණා. ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව රටවල් 8ක් සුපිරි 12 තරග වටයට ඉබේම සුදුසකම් ලබා තිබුණා. අනෙත් කණ්ඩායම් 4 කවුරුන්ද යන්න තෝරා ගැනීම සදහා පළමු වටයේ සුදුසුකම් ලැබීමේ තරඟ පසුගිය සතියේ පැවැත්වු අතර, එම වටය ඊයේ (ඔක්තෝබර් 21) නිමා වුණා.
මේ අතර සුපිරි 12 තරග වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් ලැයිස්තුව යයි සදහන් කරමින් සමාජ ජාලාවල විවිධ සටහන් පළව තිබුණා. මේ , ඒ පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුපිරි 12 වටය නියෝජනය කරන බවට සදහන් කරමින්, ඔවුන් ලංකාව ද ඇතුළත් වන පළමු කාණ්ඩයට (Group 1) සුදුසුකම් ලබාගෙන ඇති බව දැක්වෙන සමාජ ජාලා සටහනක් පළව තිබුණේ මේ ආකාරයෙන්.

ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

මේ පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)
අප මුලින්ම T20 ලෝක කුසලානය සදහා වන නිල වෙබ් අඩවියේ සුපිරි 12 කණ්ඩායම් දක්වා ඇති ආකාරය විමසා බැලුවා. එම වෙබ් අඩවියේ සුපිරි 12 වටයේ කණ්ඩායම් 12 දක්වා තිබු ආකාරය පහතින්.

20-20 ලෝක කුසලාන නිල වෙබ් අඩවිය | Archived
මෙහිදී පළමු සහ දෙවන කාණ්ඩවලට (Group 1 & 2) අයත්වන කණ්ඩායම් ලැයිස්තු ගත කිරීමේදී , ඉංග්‍රීසි හෝඩියේ ආකරදියේ පිළිවෙලට කණ්ඩායම් පෙළ ගස්වා තිබු ආකාරය දැක ගන්නට ලැබුණු අතර එහි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු කාණ්ඩයේ දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට සිටින්නේ අයර්ලන්ත කණ්ඩායමයි.
මීට පෙර වසරවලදී දෙවතාවක් 20-20 ලෝක ශුරයින් වීමට හැකිවූ බටහිර කොදෙව්වන්ට මෙවර සුපිරි 12 වටයට හෝ පැමිණීමට නොහැකිව පළමු වටයේදීම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම සුවිශේෂ කාරණයක්. බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා අයර්ලන්තය ජයග්‍රහණය කරමින් 20-20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ තරගයේ විශේෂ අවස්ථා ඇතුලත් වීඩියෝවක් මෙතනින් ඒ පිලිබඳ මාධ්‍ය වාර්තාවලට පිවිසිය හැකියි මෙතනින්.
සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ලංකාවට ද මුහුණ දීමට සිදුවුණා. ලංකාව නියෝජනය කල Group A තුළින් ලංකාව සහ නෙදර්ලන්තය සුදුසුකම් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබුවා. එසේම කොදෙව් කණ්ඩායම සුදුසුමක් ලැබීමේ වටයේ දී Group B තුළින් තරඟ වැදුණා. එම කාණ්ඩයෙන් සුපිරි 12 ට සුදුසුකම් ලැබුවේ සිම්බාබ්වේ සහ අයර්ල්නතයයි. සුදුසුකම් ලැබීමේ වටයේ කණ්ඩායම් ලබාගත් ලකුණු ඇතුළත්ව වාර්තාවක් මෙතනින්.
මෙසේ Group B තුළින් දෙවන ස්ථානයට සුදුසුකම් ලැබූ අයර්ලන්තය ශ්‍රී ලංකාවත් අයත්වන සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට (Group 1) තේරී පත්වූ අතර දෙරට සුපිරි වටයේ මුහුණදෙන තරඟය ලෙස ලංකාව සහ අයර්ලන්තය අතර තරඟය හෙට (ඔක්තෝබර් 23) ඕස්ට්‍රේලියාවේ, හෝබාර්ට් හි දී පැවැත්වීමට නියමිතයි
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වැරදි සටහනේ බටහිර කොදෙව් කණ්ඩායම වෙනුවට ඇත්ත වශෙයන්ම සුදුසුකම් ලැබූ අයර්ලන්ත කණ්ඩායම ඇතුළත් කර පළවූ සත්‍ය සටහනක් පහතින්.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion ( අවසාන නිගමනය )
අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරුවූ කාරණය වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිල 20-20 ලෝක කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසි බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි.
බටහිර ඉන්දීය කොදෙව් වෙනුවට මෙම සටහනේ අයර්ලන්තය ලෙස නිවැරදි විය යුතුයි. අනෙක් කණ්ඩායම් නිවැරදිය. සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීම සදහා පැවති මුලික වටයේ තරගයකදී ,කොදෙව් කණ්ඩායම පරදවා අයර්ලන්ත කණ්ඩායම ජය ගැනීමත් සමඟ කොදෙව් කණ්ඩායම තරඟාවලියෙන් ඉවත්විය.

Title:බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් 20-20 ලෝක ක්‍රිකට් කුසලානයේ සුපිරි කණ්ඩායම් 12 අතරට ?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,