
කොරොනා වෛරස් ආසාදනය නිසා නියමිත කාලවකවානුවේ පැවත්වීමට නොහැකිවු පාර්ලිමේන්තු මහ මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස්වෙනි දින පැවැත්වීමට තීරණය කළ මැතිවරණ කොමිසම, අපේක්ෂකයන් සඳහා මනාප අංකද ලබාදෙමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකති කල බවට බර්ත විය. ඒ හා සමඟම එක් එක් අපේක්ෂකයින්ගේ මනාප අංක ප්‍රවර්ධනය කිරීමේ සටහන්ද ක්‍රමයෙන් හුවමාරු වී තිබෙනු දැකගැනීමට හැකිවිය.
මෙවන් පසුබිමක J V P papua new guinea නමැති ෆේස්බුක් පිටුවක, ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ රුව රැගත් සටහනක, මනාප අංකය 11 දක්වා තිබෙණු නිරීක්ෂණය විය.

Link | Archived Link | Link | Archived |
එමෙන්ම “සජිත් මැතිදුගේ යෝධ ශක්තිය නූතන මයිකල් ෆැරඩේ” තේමාවෙන් “සජිත් මැතිඳු වෙනුවෙන් දිවි පිදීමේ බලකාය”නමැති ෆෙස්බුක් පිටුවක සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතාගේ සේයාරුව රැගත් සටහනක ඔහුගේ මනාප අංකය 10 ලෙස දක්වමින් සටහනක්ද ඉදිරිපත්වී තිබුණේය.

Link | Archived Link |
එසේම බන්දුල ගුණවර්ධන මහතාගේ මනාප අංකය 17 බව පෙන්වමින් උපහාසාත්මක කෝණයකින් පළවූ සටහනක්ද අපට දැකගන්නට හැකිවුනා. එසේම එහි දක්වා තිබුනේ එකසත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන බව එම සටහනේ පෙන්වා දී තිබුනේ මෙලෙසිනි.

Link | Archived |
තවද විජිත හේරත් මහතාද ඡන්දය ලබාදීමට මනාප අංක 2 ට ඉදිරියෙන් කතිරය භාවිතා කරන ලෙස මෙවැනි සටහන් ද අපට දැකගැනීමට හැකි විය.
මෙම මනාප අංකයන්හි නිරවද්‍යතාව සහතික කර ගැනීමට සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මනාප අංකයන්හි නිරවද්‍යතාවය සහතික කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාවේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. මනාප අංකයන් සඳහන් කරමින් 2020 ජූනි මස 9 වන දින නිකුත්කර තිබු 2179/7 අංකය දරන ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදි සමාජවාදි ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය සහිත සටහනක් එහි විය.
මාලිමා සළකුන යටතේ ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින කණඩායමේ අනුර කුමාර දිසානායක මහතාට මනාප අංක 1 හිමිව තිබුණි

Link | Archived Link |
දුරකථනය සළකුණ යටතේ සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින කණඩායමේ ආච්චිගේ පාඨලී චම්පික රණවක මහතාට මනාප අංක 1 හිමිව තිබුණි

Link | Archived Link |
මෙම තොරතුරු මැතිවරණ කොමිසන් සභාවේ නිල වෙබ් පිටුවේ පළවී තිබු, ගැසට් පත්‍රය හරහාද තහවුරු කර ගැනීමට හැකි විය. Election Commission Web
ඇත්ත වශයෙන්ම ජාතික ජන බලවේගයෙන් කොළඹ දිිස්ත්රික්කය හරහා අංක 11 ඔස්සේ තරඟ වදින්නේ නිරූපා සේරසිංහ ද සමගි ජන බලවේගයෙන් කොළඹ දිිස්ත්රික්කය හරහා අංක 10 ඔස්සේ තරඟ වදින්නේ ගිනිගේ මහේන්ද්‍ර හර්ෂද සිල්වා බවද තවදුරටත් පැහැදිලි විය.
එසේම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුලත් සටහන පිලිබඳ විමර්ශනයේදී අපට පෙනී ගියේද ඔහු මෙවර මැතිවරණයට පෙනී ඉදිරිපත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් (පොහොට්ටුව ලකුණ යටතේ) බවත් මනාප අංකය අංක ද 17 නොව 16 බවත්ය.
Election Commission Web | Bandula Gunawardena FB |

එසේම විජිත හේරත් මහතාගේ මනාප අංකය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය යටතේ අංක 21 බව අපට දැකගනීමක හැකි විය. එය ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේද මෙසේ පළකර තිබුණි.
ඉදිරියේදීද මෙවැනි සාවද්‍ය මනාප අංක සහිත සටහන් බලපොරත්ත්තු විය හැකි බැවින් නිල මැතිවරණ කාර්යාලයේ වෙබ් අඩවිය හරහා එම තොරතුරු ලබාගන්නා ලෙස දන්වා සිටිමු
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජාතික ජන බලවේගයෙන් කොළඹ දිිස්ත්රික්කය සඳහා තරඟ වදින අනුර කුමාර දිසානායක මහතාගේ මනාප අංකය 1 සහ සමගි ජන බලවේගයෙන් කොළඹ දිිස්ත්රික්කය සඳහා තරඟ වදින අච්චිගේ පාඨලී චම්පික රණවක මහතාගේ මනාප අංකයද 1 බවයි.
එබැවින් ජාතික ජන බලවේගයෙන් කොළඹ දිිස්ත්රික්කය සඳහා තරඟ වදින අනුර කුමාර දිසානායක මහතාගේ මනාප අංකය 11 සහ සමගි ජන බලවේගයෙන් කොළඹ දිිස්ත්රික්කය සඳහා තරඟ වදින පාඨලී චම්පික රණවක මහතාගේ මනාප අංකයද 10 බවට ඉදිරිපත්ව ඇති ෆෙස්බුක් සටහන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවය.
එසේම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින්නේ අංක 16 යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙනි.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }