
ප්‍රධාන පක්ෂවල අපේක්ෂක අලලා ව්‍යාජ මනාප අංක යොදා ගනිමින් පළවී තිබූ සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳ ව අප පසුගිය මාසයේ විමර්ශන සිදුකළ අතර එවැනි එක් විමර්ශනයක් මෙසේය. එම තේමාව යටතේ ම ව්‍යාජ මනාප අංක යොදා ගනිමින් විශේෂයෙන්ම සමගි ජන බලවේගය හරහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් යොදාගනිමින් සිදුකළ සාවද්‍ය සටහන් පෙළක් අඩංගු ෆේස්බුක් පිටුවක් පිළිබඳව අපට වාර්තා විය.
පහත දැක්වෙන්නේ එසේ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ක්‍රියාකාරී සාමාජික සහ මෙවර කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අජිත් පී පෙරේරා යන මහත්වරුන් අලලා එසේ පළවී තිබූ සාවද්‍ය සටහන් කිහිපයකි.

| Link | Archived | Link | Archived |
ඉහත සටහන්වල පෙන්වා දී තිබුණේ සජිත් ප්‍රේමදාස සහ අජිත් පී පෙරේරා මහත්වරුන් පිළිවෙලින් අංක 15 සහ 8න් අලියා ලකුණ යටතේ එනම් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වදින බවයි.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියේ පළ කර තිබූ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය පරීක්ෂා කිරීමේදී අපට පෙනී ගියේ සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගයේ නායකය වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 20 යටතේ තරග වදින අතර අජිත් පී පෙරේරා මහතා එම පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ තරඟ වදින්නේ අංක එකෙන් බවයි සියලුම අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය පහතින්
සජිත් ප්‍රේමදාස සහ අජිත් පි පෙරේරාගේ නිල ෆේස් බුක් ගිණුම් වල ද ඔවුන්ගේ මනාප අංකය ප්‍රවර්ධනය කරමින් පළවූ සටහන් අපට මෙලෙසින් දැකගන්නට ලැබුණි
Sajith Premadasa | Ajith P Perera
තවදුරටත් අපට පෙනී ගියේ ඉහත ව්‍යාජ සටහන් පළකර තිබු ෆේස්බුක් පිටුව වෙනත් ෆේස්බුක් පිටුවක නාමය සහ ලාංඡන භාවිතා කරමින් පළ කිරීම් සිදුකර තිබූ අතර මේ වන විට සක්‍රීයව පවතින්නේ නැති බවත් පෙනී ගියා.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් අංක 20 යටතේද අජිත් පී පෙරේරා කළුතරින් අංක එක යටතේ ද සමගි ජන බලවේගය (පක්ෂ ලාංඡනය : දුරකථනය) යටතේ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි
Title:සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා වැරදි මනාප අංක සහිත සටහන් පෙළක්!
Fact Check By: Sahan PereraResult: False


